Pages

Tuesday, June 4, 2013

ප්‍රමිතිය නොමැති අටපිරිකර අලෙවිසල් 40 ක්‌ වටලයි

නියමිත ප්‍රමිතියට නොමැති අටපිරිකර අලෙවි කළ ව්‍යාපාරික ස්‌ථාන 40 ක්‌ සොයා ගැනීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ඊයේ (03 වැනිදා) සමත් වී ඇත.

සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ ඇමැති ජොන්ස්‌ටන් ප්‍රනාන්දු මහතාගේ උපදෙස්‌ මත කොළඹ සහ නුවර ප්‍රදේශවල පිහිටි අටපිරිකර අලෙවි කරන වෙළෙඳසල්වල සිදු කළ වැටලීම්වලදී එම බාල තත්ත්වයෙන් යුත් අටපිරිකර සොයාගත් බව පාරිභෝගික අධිකාරිය පවසයි. ව්‍යාජ තායි සිවුරු සකස්‌ කර විකිණීම, භාවිත කළ හා පැරණි සිවුරු අටපිරිකරවලට ඇතුළත්කොට විකිණීම, පාත්තරය වෙනුවට ඇලුමිනියම් හට්‌ටි සහ ප්ලාස්‌ටික්‌ යොදා තැබීම, ඇතැම් පාත්තර මළබැඳ තිබීම, අටපිරිකරයට අයත් භාණ්‌ඩ අටක්‌ නොතිබීම ඇතුළු වැරදි රැසක්‌ එම වෙළෙඳසල් හිමියන් විසින් සිදුකර තිබේ. මෙවැනි පූජා භාණ්‌ඩ ව්‍යාජ ලෙස සකස්‌ කර විකිණීම සම්බන්ධයෙන් එම වෙළෙඳුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව පාරිභෝගික අධිකාරිය සඳහන් කරයි.

බාල තත්ත්වයෙන් යුත් අටපිරිකර සම්බන්ධයෙන් සොයා බලන ලෙස ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ලබා දුන් නියෝගයට අනුව සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ ඇමැති ජොන්ස්‌ටන් ප්‍රනාන්දු මහතාගේ උපදෙස්‌ මත පාරිභෝගික අධිකාරිය පෙරේදා (02 දා) සිට දිවයින පුරා වැටලීම් ආරම්භ කර තිබිණි.

ලසිත දුමින්ද
http://www.divaina.com/2013/06/04/news20.html

සබැඳි ලිපි
[
බාල අටපිරිකර සොයා වැටලීම්http://denethharinna.blogspot.com/2013/06/blog-post_6090.html
]

0 comments: