Pages

Thursday, June 6, 2013

ඒකීය රටක් ලෙස සංවර්ධනය වෙන්න ඕනෙ නෑ. උ/නැ පළාත් එක්කර වෙනම ඕනෑ - TNA

උතුරු – නැගෙනහිර පළාත් සභා යළි එක් කළ යුතු බවට දෙමළ ජාතික සන්ධානය යළිත් ප‍්‍රකාශ කළේය. එම පක්ෂයේ මාධ්‍ය ප‍්‍රකාශක පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුරේෂ් පේ‍්‍රමචන්ද‍්‍රන් මහතා කියා සිටියේ තමා නියෝජනය කරන පක්ෂය ඇතුළු ද‍්‍රවිඩ පක්ෂ ගණනාවක් ඉන්දු ලංකා ගිවිසුමට සහය දුන්නේ මෙකී පළාත් දෙක ඒකාබද්ධ කිරීම කළ යුතු බවට වූ කොන්දේසිය මත බවය. එම තත්වය අදටත් වලංගු බවද ඔහු පැවසීය.

එසේ යලි එක් කිරීමේදී නැගෙනහිර පළාත තුළ ජන මතය විමසිමට ජනමත විචාරණයක් පැවැත්විය යුතු බවට ගිවිසුමේ වගන්තියක් පැවතියද එසේ නොකිරීමට හිටපු ජනාධිපති ෙ–.ආර් .ජයවර්ධන හා ඉන්දීය අග‍්‍රාමාත්‍ය රජිව් ගාන්ධි අතර එකගතාවක් පැවතිය බවද ඔහු පැවසිය.

එසේම පළාත් පළාත් සභා සදහා ඉඩම් හා පොලිස් බලතලවලට අමතරව මුදල් පාලන බලතලද අවශ්‍ය බවද ඔහු කීය.විදේශ ණය ලබාගැනීම අවශ්‍ය බව ද ඔහු කීය.ව්දේශ ණය ලබාගැනීම ආදී කටයුතු සදහා මධ්‍යම ආණ්ඩුවෙන් ස්වධින බලතල අවශ්‍ය බවයි.කෙසේ නමුදු ජනතා ආරක්ෂාව සම්බන්ධව බලතල  මධ්‍යම ආණ්ඩුව සතු විය යුතු බවද ඔහු කීය .

උතුරු – නැගෙනහිර එක් කළ යුතුයි
June 5, 2013 at 1:17 pm | lanka C news

0 comments: