වෙසක් පොහොයට පසුව බලපත්‍ර නොමැතිව ඝාතනය කළ ගවයාගේ හිස සහ මස්වලින් කොටසක් මෙම ඡායාරූපයේ දැක්වේ.
ගව මස් වෙළෙඳ සල් ආසන්නයේ ගව ඝාතකාගාර වැසී යැමත් සමග හොර හරක් මස් ජාවාරම බෙහෙවින් ඉහළ යැමට පටන් ගෙන තිබේ.
මේ අනුව යටිනුවර කඩුගන්නාව අවට ප්‍රදේශවල තිබූ ගව ඝාතකාගාර වැසී ගොස් ඇති අතර එම වෙළෙඳ සල් සඳහා පිටතින් මස් ගෙනවිත් අලෙවි කිරීම සිදුවෙන බව මෙහි පිරිස් පෙන්වා දෙති.
එවකට ගව මස් වෙළෙඳ සැලට නුදුරුව ගව ඝාතකාගාරය තිබුණ අතර කොට්ඨාසයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ අධීක්ෂණය යටතේ එම ගවයන් ඝාතනය කිරීම සිදුවිය.
ඉකුත් වෙසක් පොහෝ දිනට පසුදින 26 දින කඩුගන්නාව වෙලම්බඩ ප්‍රදේශයේ බලපත්‍ර නොමැතිව මෙසේ එළ ගවයකු ඝාතනය කරද්දී ගම්පළ විශේෂ පොලිස් බළකායට ලැබුණ තොරතුරක් මත අදාළ ගවයා ඝාතනය කරමින් සිටියදී එම ස්ථානයේ හිමිකරු වන අබ්දුල් වාහිSඩ් මොහොමදු හා තවත් දෙදෙනකු සමග මස් තොගයද අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත.
ඝාතනය කළ ගවයාගේ හිස සහ මස් කිලෝ 132 ක් පරීක්ෂණ කටයුතු සඳහා කඩුගන්නාව පොලිස් ස්ථානාධිපති නිමල් චන්ද්‍රසිරි මහතා වෙත භාරදී තිබේ.
මෙම වැටලීම ගම්පල විශේෂ පොලිස් බළකායේ උ.පො.ප. කුලතුංග, පොලිස් සැරයන් (22466) ජයතිස්ස ඇතුළු කණ්ඩායමක් මගින් සිදුකර ඇත.
කඩුගන්නාව වෙලම්බඩ ගව ඝාතකයා අත්අඩංගුවට
http://www.divaina.com/2013/06/05/provin06.html
ඡායාරූප හා වර්තාව - කඩුගන්නාව එන්. එස්. බී. එගොඩවිට

0 comments:
Post a Comment