Pages

Tuesday, June 4, 2013

රට සුරැකේ… බෙදුම්වාදී බලතල අහෝසියි… – ජනපති මහින්ද තීරණය කරයි

බෙදුම්වාදයට වාසි සලසල සියලූ වගන්ති ව්‍යවස්ථාවෙන් අහෝසි කිරීම සුදුසු කාලය පැමිණ ඇත්තේ යයි  ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි. ඒ මහතා මෙසේ පවසා ඇත්තේ ඊයේ පස්වරුවේ අරලියගහ මන්දිරයේදී පැවති සන්ධානයේ පක්‍ෂ නායකයන්ගේ රැස්වීමේදීය.

13 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් සාකච්චා කිරීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවති එම රැස්වීම සඳහා අමාත්‍යවරුන් වන බැසිල් රාජපක්‍ෂ, නිමල් සිරිපාලද සිල්වා, අනුර ප‍්‍රියදර්ශණ යාපා, ජී.එල්. පීරිස්, විමල් වීරවංශ, චම්පික රණවක, ඩියු ගුණසේකර, වාසුදේව නානායක්කාර, ඩග්ලස් දේවානන්ද යන මහත්වරුන්ද එක්ව තිබේ.

එහිදී ජනාධිපතිවරයා කරුණු දක්වමින් පවසා ඇත්තේ අනිවාර්යන්ම සැප්තැම්බරයේ උතුරු පළාත් මැතිවරණය පවත්වන බවත් ඊට පෙර  13 වන ව්‍යවස්තා සංශෝධනයේ ඇතුලත් රට පාලනය කිරීමට අසීරු වන වගන්ති සංශෝධනය කල යුතු බවයි.

පළාත් දෙකක් එකාබද්ද වීමේ අවදානම මෙන්ම පාර්ලිමේන්තුවේ සම්මත කරන පනත් සමහර පථාවල ක‍්‍රියාත්මක නොකර සිටීම වැනි 13 වන සංශෝධයේ ඇති බලතල මගින් ඉතාමත් ගැටළු සහගත් තත්වයන් වර්ධන විය හැකි යයිද එතුමන් එහිදී සඳහන් කර තිබේ. එම තත්වයන් තව දරටත් මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා විසින් විස්තර කර ඇත.

අමාත්‍ය විමල් වීරවංශ මහතා විමසා ඇත්තේ පොලිස් සහ ඉඩම් බලතල සම්බන්ධයෙන් ගන්නා ක‍්‍රියාමාර්ගය සම්බන්ධයෙන් විමසීමේදී මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසා ඇත්තේ එම බලතල ඊට පසු සිදු කරන ලද 17 සහ 18 වන ව්‍යවස්ථා සංශෝධනයන් මඟින් අහෝ සි වී ඇති බවයි. ඊට අමාත්‍ය විමල් වීරවංශ මහතා කියා වෙනත් අරමුණ වෙනුවෙන් ගෙන ආ සංශෝධනයක් නිසා 13 වන සංශෝධනයේ පොලිස් ඉඩම් බලතල අහොසි වීම පිළිගැනීම අසීරු බවත් එය විවාදාත්මක බවත්ය. ඊට අදහස් දක්වමින් චම්පික රණවක 17-18 සංශෝධන මඟින් සිදු වූයේ පොලිස් කොමිසම සම්බන්ධ ක‍්‍රියාමාර්ග බවත් පළාත් පොලිස් කොමිසම් සම්බන්ධයෙන් එහි කිසිවක් සඳහන් නොවූ බවය.

එහිදී ඉඩම් බලතල සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති අමාත්‍ය ඩගලස් දේවානන්ද මහතා පවසා ඇත්තේ ඉඩම් බලතල අහෝසි කලහොත් එය තමන්ව සැක කිරීමක් ලෙස දෙමළ ජනයා සලකනු ඇති බවයි. ඊට පිළිතුරු ලෙස ජනාධිපතිවරයා තමන් දෙමළ ජනයා ගැන කිසිදු සැකයක් නැති බවත් සැක ඇත්තේ එල්ටීටීඊ සංවිධානය සමඟ සමීපව කනයුතු කල දෙමළ ජාතික සන්ධානය සමග බවත් දෙමළ ජනයා සැක නම් දෙමළ ජනතා නියෝජිතයෙකු වන අමාත්‍ය දේවානන්දාද අද මෙතන නැති බවත් සඳහන් කර ඇත.

කෙසේ වෙතත් අවසන් වශයෙන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසා ඇත්තේ ඉඩම් සහ පොලිස් බලතල සම්බන්ධයෙන් අධිකරණයේ මතය විමසා අවසන් තීරණය ගන්නා බවයි.

එසේම දෙමළ ජාතික සන්ධානයේ නොපැමිණීම මත අත්හිටුවා ඇති නව ව්‍යවස්ථා කෙටුම්පතක් පිළිබඳ වූ සර්ව පාර්ෂික කමිටුව එම සන්ධානය පැමිණියද නැතද නැවත කැඳවීමද තීරණය කර ඇත.

මේ වන විටත් 13 වන සංශෝධනයේ බෙදුම්වාදී බලතල අහෝසි කරන ලෙස ඉල්ලා රට තුල විවිධ ක‍්‍රියාකාරකම් සිදුවෙමින් ඇති අතර ජාතික නිදහස් පෙරමුණ විසින් රට පුරා මහජන අත්සන් එකතු කරමින් සිදු කරන දැවැන්ත මහජන ව්‍යාපාරයක් මේ මොහොතේත් ක‍්‍රියාත්මකය.

June 4, 2013 at 8:26 pm | lanka C news

0 comments: