ශ්‍රී සම්බුද්ධත්වයෙන් වසර දෙදහස් හයසිය ගණනක් ඉකුත්වී අලුත් බුද්ධ වර්ෂයක් ලබා ශ්‍රී ලාංකික බෞද්ධයන් වශයෙන් අප කාගේත් අවධානයට ලක්විය යුතු විශේෂ වූ කරුණු කිහිපයක් පිළිබඳ කෙටි සමාලෝචනයක් ඉදිරිපත් කළොත් කාලෝචිත යෑයි අදහස් කරමි. අපේ සමාජ ප්රගමනය සඳහා බෝසත් සිරිතෙන් ගත හැකි ආදර්ශ එමටය. වර්තමානයේ අපේ සමාජයේ පැන නැඟී ඇති ෙ€දවාචකයන්ට මුහුණ දීමේදී මානුෂික වූයෙන් සමාජ හැදියාවේ සුරක්ෂිත භාවය වෙනුවෙන් එබඳු උත්තුංග චින්තනයක් හා ඒ අනුව සැකසෙන ක්‍රියාකාරී වැඩ පිළිවෙළක් අත්‍යවශ්‍යව පවතී.
වන ගහනක කටුක පරිසරයක පවා සිදුවේ යෑයි ඇතැම්විට සිතිය නොහැකි ම්ලේච්ඡ ක්‍රියා මිනිස් සමාජයක දකින්නට ලැබීම ඉතාමත් අභාග්‍ය සම්පන්නය. නමුත් ඒවා එසේ සිදුවේ. ආගමික නායකයන් හා සමාජ විද්‍යාඥයන් මේ සම්බන්ධව මෑතක පටන් මුනිවත රැකීමද විමතියට කරුණකි. ඔවුන්ගේ මැදිහත්වීමෙන් තොරව මෙයට ප්‍රතික්‍රියා දැක්වීම අපහසු බවද පෙනීයන්නේය.
දණ්ඩ නීති සංග්‍රහය යටතේ වුණත් සියල්ලටම විසඳුම් නොලැබේ. අපරාධවලට දඬුවම් ලබාදීම එමගින් කළ හැකිය. නමුත් අපරාධකරුවා හා දූෂකයා ආරක්ෂා කිරීමටද එම නීතියේම හිඩැසක් උපයෝගී කරගත හැක.
නීතිය යනු ආරක්ෂක අංශය නොවේ. නීතිය හමුවට පමුණුවන්නේ ආරක්ෂක අංශ මගිනි. විශේෂයෙන් පොලිසියෙනි. නීතිය හා බැඳුණු ආයතන අතර එහි කේන්ද්‍රස්ථානය අධිකරණයයි. උපරිමාධිකරණය, අභියාචනාධිකරණය, දිස්ත්‍රික් මහෙස්ත්‍රාත් උසාවි යනාදිය එක්ව අධිකරණය ක්‍රියාත්මක වේ. පොලිසිය පමණක් නොව රජයද එයට සම්බන්ධය.
කහවත්තේ කාන්තා ඝාතනවලට වගකිව යුත්තන්ගෙන් ඇතැමකු නිදහස් වී සිටින්නේ රජය හෝ රජයට සම්බන්ධ ඇතැමුන්ගේ සෘජු බලපෑම නිසායෑයි එම ප්‍රදේශයේ ජනතාවගෙන් චෝදනා නැඟුණි. එම අපරාධවල සෘජු සමබන්ධතාව ඔප්පු කළ නොහැකි බැවින් (ඔවුන් ප්‍රාදේශීය දේශපාලනඥයා ඇතුළු) නිදහස් කළ බව ප්‍රකාශයට පත්විය.
තවත් ස්ත්‍රී දූෂණ හා ළමා අපචාර හා ඝාතනවලට සම්බන්ධ ඇතැම් සැකකරුවන් හා අපරාධකරුවන් දේශපාලන නෑදැකම් මත ඇපමත මුදා හැරීමට හෝ ඔවුන්ට එරෙහිව නඩු පැවරීම කල් දැමීමට කටයුතු කර ඇත.
ජනාධිපති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හඳුන්වා දුන්නාට පසු සංඛ්‍යාත්මකව ඉතා ඉහළ මට්ටමෙන් පුද්ගලයන් හා කණ්ඩායම් අත්අඩංගුවට ගැනීම් පමණක් නොව ඊටත් එහා ගිය බිහිසුණු ක්‍රියාද සිදුව ඇත. වර්තමානයේ ද ඒ සම්බන්ධ යම් යම් සේයා පහළ කොට ඇතැයි පැවසේ. මානව හිමිකම් පිළිබඳ ලෝකාවධානය මත රජය යම් නිහඬ බවක් පෙන්වයි. නොඑසේ නම් තත්ත්වය දරුණු වන්නටත් තිබුණි.
එහෙත් එක් දෙයක් සඳහන් කළ යුතුය. මානව හිමිකම්වලින් සමස්ත ප්‍රජාවගේ අයිතිවාසිකම් පිළිබඳ කතා නොවේ. ලෝක බලවතුන්ට බලපාන, අදාළ යම් සිදුවීම් ඉදිරිපත්කරගෙන මානව හිමිකම් කඩ කිරීම් ගැන පුන පුනා පැවසීම පුරුද්දක් බවට පත්ව ඇත.
කහවත්තේ කාන්තා ඝාතන දූෂණ හා වෙනත් සාපරාධී ක්‍රියා, ළමා අපචාර හා ඝාතන ආදිය සම්බන්ධයෙන් ලංකාවේ මානව හිමිකම් පිළිබඳ ආයතන පවා වැඩිපුර කතා කර නැත.
අපරාධකරුවන් හා දූෂකයන් පිළිබඳ විශේෂ සැලකිල්ලක් දැක්වීම අත්‍යවශ්‍ය වේ. අපරාධකරුවා හා දූෂ ප කයා කල්තියා හඳුනා ගැනීමට හැකිවන පරිදි ප්‍රබල ක්‍රමවේදයක් සකස් කිරීමට දැන් කාලය පැමිණ ඇත.
සමාජ පරිසරයක පුද්ගල හැසිරීම් රටා පිළිබඳ මනා වැටහීමක් සෙස්සන් තුළ ඇති කිරීම මෙහි මූලික පියවර විය යුතුය.
ගමේ මත් සමාජයට ළමුන් පවා ඈ¹ ගැනීමට මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්නෝ හා බේබද්දොa විලිබියක් නැතුව ඉදිරිපත්ව සිටිති. එය ෙ€දවාචකයකි. පාසල් සිසු සිසුවියන් සඳහා මත් පෙති, මදන මෝදක බෙදා හරින කණ්ඩායම්වලට ඇතැම් බලධරයන්ගේද පාසල් ගුරුවරුන්ගේද අනුග්‍රහය ලැබී ඇත. මේ තත්ත්වය වළක්වා ගැනීමට එම පාසල් එම ගම තුළින්ම ප්රතිවිරෝධී ක්‍රියා ආරම්භ කිරීමට පසුබට විය යුතු නැත. දැහැමි සමාජ සංකල්ප සවිමත් කළ යුතුය. දහමේ නාමයෙන් සියල්ල ඉවසා සිටීම දැහැමි සංකල්පයක් නොවේ. දහමේ නාමයෙන් සියලු දුසිරිත් මුලිනුපුටා දැමීමට අත්වැල් බැඳගත යුත්තේ අනාගත පරපුර වෙනුවෙනි. මත් සමාජයටත් ඒවාට අනුබල දෙන්නන්ටත් එරෙහිව උද්ඝෝෂණ වුවද කිරීම මානව අයිතියකි. මානව යුතුකමකි.
බියේ පසුබැසීම පරාජය වැළඳ ගැනුමකි. අනවශ්‍ය දෙයක් පටලවා ගැනුමකැ යි සිතීම ආත්මාර්ථකාමීය. ශිෂ්ට සම්පන්න සමාජයකට ගම හා නගරය සූදානම් කිරීම යුග කාර්ය භාරයක්ව පවතී.
කලක පටන් රටටම අනාවරණය වූ කොළඹ කේන්ද්‍රකරගෙන පවත්වාගෙන යන කාන්තා හා පිරිමි අපචාර මධ්‍යස්ථාන මෙතෙක් වටලා නැත. ඉඳහිට ගණිකා මධ්‍යස්ථානයක් වැටලුවාට ඒ ක්‍රියාවන් අවසන් වන්නේ නැත. ගම්වල අහිංසක යෞවනයන්ද ගම් නගර භේදයකින් තොරව පිරිමි ළමුන්ද අසම්මත ක්‍රියාවලට පොළඹවන සල්ලාලයන් කොළඹ එමටය. ඔවුන් අතර පාසල් සිසු සිසුවියන්ද සිටින බව අනාවරණය වූයේ අද ඊයේ නොවේ. දුරාචාර, අශ්ශීලී මෙවැනි අවාසනාවන්ත ක්‍රියාදාමයන්ට තිත තැබීම ආදර්ශවත් බෝසත් සමාජයකින් කළ හැකි වනු ඇත.
කිරි බොන වයසේ කුඩා දැරියන් ද අද රූපවාහිනී නාලිකාවල වෙළෙඳ දැන්වීම් සඳහා යොදා ගැනෙති. ඇතැම් ටෙලි නාට්‍යවල ආදර්ශය වී ඇත්තේ කාම රාගයයි, අනියම් සබඳතාවයයි.
දිවයින පුරා සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම එකක් බැගින්වත් බෝසත් සමාජ බිහි කිරීමට ඉදිරිපත්වීමට ඒ ඒ ප්‍රදේශවල විහාරාධිපති හිමිවරුන් ප්රමුඛ සමාජ සේවාවන් පෙරමුණ ගන්නේනම් අප්‍රමාණ සතුටක්, වේදනා විඳින ලක්මව ලබනු ඇත.
කාන්තා හා ළමා සුබ සාධන සංවිධාන අපේ රටේ කොතෙකුත් තිබේ. ඒවායින් යම්තරමක මෙහෙයක් පෙනෙන්නට තිබුණද පුළුල් සංවිධාන නොවේ. ආරංචියේ හැටියට රාජ්‍ය නොවන සංවිධාන හා ඒවායේ ඇතැමුන් සම්බන්ධතා පවත්වති. මුදලට පාවාදීම් සිදුවේ.
ළමයාගේ හා කාන්තාවගේ ආරක්ෂාවට මුරකාවලක් නැත. සියල්ල පාවාදෙමින් ජන ජීවිතය අනතුරේ හෙළමින් යන මේ ගමනට වැට බැඳිය යුතුවේ.
බෝසත් ආකල්ප යනු අධිෂ්ඨානයේ ජයග්‍රහණ වේ. අධිෂ්ඨානශීලී වීරියවන්ත මිනිසකු තැනීම මෙයින් අදහස් කෙරේ. ස්ථානෝචිත ප්රඥව, නැණ නුවණ හා ගුණ ධර්ම වර්ධනය බෝසත් ආකල්පවලින් සිදු කෙරේ.
ගම් නියම්ගම් මැදින් මේ උදාර වූ බෝසත් සමාජ බිහි කිරීම දැයේ යහපතට හේතු වේ. බෝසතුන් වහන්සේගේ චරිතාදර්ශය අප ලබාගත යුතුය. මහෞෂධ පඬිවරයාගේ කථාව එක් අවස්ථාවක් පමණි. නමුත් එතුළින් සියල්ලන්ටම වටිනා ආදර්ශයක් පමණක් නොව ගුණ නුවණ පවා ලැබිය හැකිය. සෙසු ජාතක කතාද විමසුමට ලක් කළ විට පෙනී යන්නේ මේ අර්බුදකාරී හා සාපරාධී ක්‍රියා රජයන සමයට එම සිරිතෙන් විසඳුම් සොයාගත හැකි බවය. ගමේ පන්සලට අපි ඇරයුම් කරමු. තරුණ තරුණියන් රැස්කොට මෙහි කාලීන බව වටහා දී සංවිධාන ගත කරවන ලෙස. වැඩි විස්තර දැනගැනීමට අප හා කතා කරන්න.
දමුණුපොළ සුමනසිරි හිමි - මගලෙගොඩ පුරාණ විහාරය, වේයන්ගොඩ.
http://www.divaina.com/2013/06/04/feature03.html

0 comments:
Post a Comment