දහතුන්වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ සඳහන් බලතල ඉවත් කළහොත් ලංකාව සම්බන්ධයෙන් දැඩි පියවර අනුගමනය කිරීමට ඉන්දීය රජය සූදානමින් සිටින බව තානාපති ආරංචි මාර්ග අනාවරණය කරයි.දෙරට අතර ඇතිකරගත් ගිවිසුමකට අනුව ඇතිකළ පළාත් සභාවලට ලබාදී ඇති බලතල ඉවත් කිරීම සම්බන්ධයෙන් ඉන්දීය රජයේ අප්‍රසාදය මේ වන විට ඉන්දියාවේ සංචාරයක නිරතව සිටින ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා වෙත පවසා ඇති බවද වාර්තාවේ.
දහතුන්වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ සඳහන් බලතල ඉවත් නොකළ යුතු බවට වන ඉන්දීය රජයේ තීන්දුව රැගෙන ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක ශිවශංකර් මෙනන් ඉරිදා (07) රාත්‍රියේ දී ලංකාවට පැමිණීමට නියමිතය. ඔහු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු රජයේ නියෝජිතයින් සමග සාකච්ඡා කර, ඉන්දීය රජයේ තීන්දුව නිල වශයෙන් ලංකාවට භාරදීමටද නියමිතය.
සිය ස්ථාවරය නොතකා හරිමින් පළාත් සභා බලතල ඉවත් කළහොත් කච්චතිව් දූපත් යළි පවරා ගැනීමට මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ලංකාවට උපකාර නොකිරීමටද ඉන්දීය රජය සූදානම් වන බව තානාපති ආරංචි මාර්ග සඳහන් කරයි.
පළාත් සභා බලතල ඉවත් නොකරන ලෙසට රජයට බලපෑම් කිරීම සඳහා සුළු ජාතික පක්ෂ පෙළගැස්සවීමටද ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශකවරයා සිය සංචාරය අතරතුරදී බලාපොරොත්තු වෙයි.
දෙමළ සහ මුස්ලිම් පක්ෂ සියල්ලම පාහේ මුණ ගැසී සාකච්ඡා කිරීමට මෙනන් බලාපොරොත්තු වෙයි. ඒ අනුව ප්‍රාදේශීය දෙමළ දේශපාලන පක්ෂ හමුවීමටද ඔහු බලාපොරොත්තු වන අතර දෙමළ ජාතික සන්ධානය අවස්ථා දෙකකදී හමු වී සාකච්ඡා කිරීමටද අපේක්ෂා කරයි.
එම පක්ෂ සියල්ල එක්කර පළාත් සභාවලට පක්ෂපාතී පෙරමුණක් ලංකාවේ නිර්මාණය කිරීමට අවශ්‍ය සහය ලබාදීමටද ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශකවරයා සූදානම් වෙයි. ඒ සඳහා අවශ්‍ය සම්පත් ලබාදීමට ඉන්දීය රජය සූදානමින් සිටින බවද තහවුරු කළ ආරංචි මාර්ග අනාවරණය කළේය.
මේ අතර රටවල් දෙකක් අතර ඇතිකරගත් ගිවිසුමක් තනි රටක අභිමතය පරිදි ඉවත් කිරීමට නොහැකි බවද ඉන්දීය අග්‍රාමාත්‍ය කාර්යාලයේ නියෝජ්‍ය අමාත්‍ය පී. නාරායන් ස්වාමි බි.බි.සී. පුවත් සේවයට පවසා තිබුණි.
එම ගිවිසුම වෙනස් කිරීමට අවශ්‍ය නම් දෙරට එක්වී යළිත් එය සාකච්ඡා කළ යුතු බවද හෙතෙම පවසා තිබුණි. ව්‍යවස්ථාවෙන් ලබාදී ඇති සියලුම බලතල පළාත් සභාවලට ලබාදෙන බවට ජනාධිපති මහින්ද රාජපක්ෂ ඉන්දියාවට පොරොන්දු වී තිබෙන බවද ඔහු කීය. එම බලතල ක්‍රියාත්මක කරන ලෙසට ඉන්දීය රජය විසින් අයුතු බලපෑම් කරන බවට එල්ල වන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බවද වැඩිදුරටත් අදහස් දැක්වූ පී. නාරායන් ස්වාමි පවසා තිබුණි.
රමේෂ් වරල්ලෙගම / සංජය නල්ලපෙරුම
2013 ජූලි 06 08:55 a.m
http://lakbima.lk/index.php?option=com_content&view=article&id=13302:2013-07-06-03-35-45&catid=34:news&Itemid=62

0 comments:
Post a Comment