Pages

Wednesday, July 3, 2013

රට රැක ගැනීමට සම්ප්‍රදායික කතෝලික මුස්‌ලිම් ප්‍රජාව අපත් සමග එක්‌විය යුතුයි - කිරම විමලජෝති හිමි

ඉන්දියන් සාගරයේ මුතු ඇටය යන නාමයෙන් හඳුන්වනු ලැබූ අප මාතෘ භූමිය අද ඉන්දියන් සාගරයේ කඳුලු බිංදුව බවට පත්වී ඇතැයි බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ ප්‍රකාශ කළහ. යොවුන් බොදු බල එකමුතුවේ සංවිධානයෙන් බොදු බල සේනා ගම්පහ දිස්‌ත්‍රික්‌ සංවිධානයේ සහයෝගය ඇතිව ජුනි මස 30 වන ඉරුදින කටුනායක ඩවීන්ද්‍ර විජය මෙන්ඩිස්‌ කටුනායක සීදූව නගර සභා ක්‍රීඩාංගණයේදී මුළුදුන් විශේෂ රැස්‌වීමේදී උන්වහන්සේ ඉහත ප්‍රකාශය කළහ. එහිදී උන්වහන්සේ මෙසේද කීහ.

අප මාතෘ භූමියට වසර 2500 කට වඩා ඉස්‌මතු ඉපැරණි ලිත ඉතිහාසයක්‌ තිබෙනවා. ඒ ඉතිහාසය බුදු දහමින් පෝෂණය වුණා. සිංහල ජාතිය හා බෞද්ධ උරුමය මේ රට තුළ තවත් වසර 2500 ක්‌ පැවතිය යුතුයි.

වැවයි, දාගැබයි, ගමයි, පන්සලයි යන මහාර්ඝවූ බැඳීම තුළ මේ පුංචි රට ලොව ප්‍රසිද්ධියට පත්වූවා. අද ඒ ශුද්ධවූ උරුමය සියුම් ලෙස විනාශ වේගෙන යනවා. සිංහල බෞද්ධ රට අද ශ්‍රී ලාංකීය වශයෙන් හඳුන්වන්න පටන් අරන්. අපට ඇත්තේ මේ ශ්‍රී ලංකා මාතෘ භූමිය පමණයි. මේ රට අපට අහිමිවුවහොත් අපට මහමුහුදට පනින්නයි වෙන්නේ.

අද මේ රටේ බහුතරයක්‌ සිංහල බොදුනුවන් කියා හැඳින්වූවත් මුස්‌ලිම් අන්තවාදයක්‌ ඉතා සියුම් හා දරුණු අන්දමින් රට තුළ ක්‍රියාත්මක වෙනවා. සිංහල කාන්තාවක්‌ වන්ද්‍යාකරණයට ලක්‌කරමින් සිංහල ප්‍රජාවේ වර්ධනය අඩපණ කර තිබෙනවා. මේ රටට කුඩු ගේන්නේ මුස්‌ලිම් ජනතාව. මේ අන්දමින් සිංහල ජනයාගේ වර්ධන වේගය අඩුවුවහොත් සිංහලයා මෙරට දෙවන ජාතිය බවට පත්වෙනවා නොඅනුමානයි.

රට තුළ සිදුවන වංචා දූෂණ, අපරාධ, ගබ්සා, මත්පැන්, මත්ද්‍රව්‍ය, ගණිකා ව්‍යාපාරය, සූදුව, සුරාව, ගව ඝාතනය ඉතිහාසයේ අන්කවරදාටත් වඩා ශීඝ්‍ර ලෙස වැඩිවෙලා. මේ පිළිබඳව අප රටේ මැති ඇමැතිවරුන් මුනිවත රකිනවා. හොරුන්ව තක්‌කඩින්ව ඔවුන් ආරක්‍ෂා කරනවා. ඒවාට ආශීර්වාද කරනවා.

මුස්‌ලිම් හා ක්‍රිස්‌තියානි අන්තවාදයෙන් මේ රට බේරාගන්නට මෙරට බොදුනු කතෝලික ප්‍රජාව පෙරට පැමිණ බොදු බල සංවිධානය හා අත්වැල් බැඳ ගත යුතුයි. මුස්‌ලිම් වෛද්‍යවරුන්ගෙන් බේත් ගැනීමෙන් වැළකී සිටිය යුතුයි.

සිංහලයාගේ ශුද්ධවූ අයිතිය මේ හෙළ දිවයි. මේ රටේ පරමාධිපත්‍ය හිමි ජනතාව මින්පසු තම රට ආගම, භාෂාව, සංස්‌කෘතිය ජාතිය සහ සභ්‍යත්වය වෙනුවෙන් අවංකව කැපවෙන පිරිස්‌ පමණක්‌ පාර්ලිමේන්තුවට යෑවිය යුතුයි. හොරුන් තක්‌කඩින් ගෙදර යෑවිය යුතුයි. එසේ ඒ ඓතිහාසික යුතුකම ඉටු නොකළහොත් තව වසර 10 කින් මෙරට යළිත් බෙදුම්වාදී යුද්ධයක්‌ ඇතිවෙනවා සිකුරුයි. මේ භයානක දරුණු තත්ත්වය ගැන මෙරට දේශපාලනඥයන් සහ කතෝලික පියතුමන්ලා බහුතරයක්‌ නිහඬ පිළිවෙතක්‌ අනුගමනය කරනවා. මන්නාරම් රදගුරු රායප්පු ජෝශප් හිමියන් තම දෙමළ ජනතාව වෙනුවෙන් හඬ නඟනවා. උපන්බිමේ උරුමක්‌කාරයින් වන සිංහලුන් නිවටුන් වෙලා. බුදියගෙන ඉන්නවා. රටේ ජාතිය ආගමේ චිරස්‌ථිතිය අරභයා දිවිහිමියෙන් කටයුතු කරනු ලැබූ සංඝ පීතෘන්, ගරු මර්සලීන් ජයකොඩි කතෝලික පියවරුන්a, පූජකවරු මෙරටට අද වැඩිවැඩියෙන් අත්‍යාවශ්‍යයි. මේ රටේ මුරදේවතාවන් මහා සංඝරත්නයයි. ඒ සංඝ බලය දේශපාලන බලයට වඩා බලවත්.

පූජ්‍ය ඉන්ද්‍රරතන හිමි - ජාතික සංවිධායක බොදු බලසේනා සංවිධානය

අපි බොදු බල සේනා සංවිධානය 2012.05.07 වන දින ආරම්භ කළා. මේ කෙටි කාලය තුළ අප සංවිධානය පිළිබඳ දෙස්‌ විදෙස්‌හි කතා බහට ලක්‌වෙලා. ඊට විවිධ ආර්ථකථන සපයනවා. ආණ්‌ඩුවේ කොන්ත්‍රාත්තුවක්‌ රාජ්‍ය නොවන සංවිධානයක බළල් අතක්‌ මහ ජාතිය හා බුදු දහම පමණක්‌ පදනම් කර ගත් සංවිධානයක්‌ ආදී නිර්වචන ඉදිරිපත් වී තිබෙනවා. අපේ මූලික ව්‍යායාමය මේ රට හා බුදු දහම දිවිහිමියෙන් සුරැකීම. ඒ සඳහා භික්‍ෂු භික්‍ෂුණී උපාසක උපාසිකා වශයෙන් අපි පෙළ ගැසී සිටිනවා. ක්‍රිස්‌තියානි අන්තවාදය, මුස්‌ලිම් අන්තවාදය හා මෙරට සිංහල කාන්තාවන් වන්ද්‍යාකරණයට බඳුන් කිරීමට එරෙහිව අපි නැගී සිටිනවා. ක්‍රිස්‌තියානි මූලධර්මවාදී සංවිධාන 400 ක්‌ අද මෙරට ක්‍රියාත්මක වෙනවා. බලපෑම එල්ලවී ඇත්තේ කතෝලික, සිංහල ප්‍රජාවටයි. බෞද්ධ ජනතාවට විවිධ ආධාර උපකාර සපයා අන්‍යාගම්වලට හරවනවා. නොයෙක්‌ යාච්Cදා මධ්‍යස්‌ථාන පවත්වනවා. මේවාට එරෙහිව කතෝලික ප්‍රජාව බොදු බල සේනා සංවිධානය හා අත්වැල් බැඳ ගත යුතුයි.

පූජ්‍ය කිරම විමලජෝති හිමි - සභාපති බොදු බල සේනා සංවිධානය

අද මේ රට තුළ ක්‍රියාත්මක වන පක්‍ෂ දේශපාලනය කෙරෙහි අපිට කිසිදු විශ්වාසයක්‌ නෑ. ඒ අයගෙන් සිය ජාතික වගකීම් ඉටුවෙතැයි අපට විශ්වාසයක්‌ නෑ. අතීතයේ මේ රට හා බුදුදහම රැක ගන්නට දිවි පරදුවට තැබූ මහා සංඝ පීතෘන්ගේ අඩි පාරේ යන්න අපි සපථ කර අවසන්. අපිට පුද්ගලික අපේක්‍ෂා නෑ. මොන පක්‍ෂයට අයිති වුවත් සිංහල බෞද්ධයන් එකතුවිය යුතුයි. සම්ප්‍රදායික කතෝලික, මුස්‌ලිම් ප්‍රජාව අපිත් සමග එකට එක්‌විය යුතුයි. සිංහලයා සහ බුදු දහම ආරක්‍ෂා කර රැකගත යුතුයි.

කථිකාචාර්ය චන්න ලියනගේ මහතා - මේ රටට යම් කිසි ව්‍යසනයක්‌ ඇතිවීමට පෙර ඒ බැව් ශ්‍රී මහා බෝධීන්වහන්සේට දැනෙනවා. ඒ මෙරට සිංහල බෞද්ධයාගේ විශ්වාසය. ඉතිහාසය පුරාම මේ රට විවිධ වූත් විෂම වූත් උවදුරු උපද්‍රවවලින් මේ රට හා බුදු දහම සුරකින්නට පෙරට පැමිණියේ මහා සංඝයා වහන්සේයි. ඒ ඓතිහාසික යුතුකම වගකීම ඉටුකරන්න අද පෙරට පැමිණ තිබෙනවා. භික්‍ෂුන් වහන්සේලාට ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව අතට ගන්න තත්ත්වයට පත්කරනු ලැබුයේ 1948 පසු මෙරට පාලනය කරනු ලැබූ දේශපාලනඥයන් විසිනුයි.

-
බොදු බල සේනා සංවිධානයේ කටුනායක රැස්‌වීම
එදා ඉන්දියන් සාගරයේ මුතු ඇටය වූ මාතෘ භූමිය අද කඳුළු බිංදුව වෙලා
- පූජ්‍ය ගලගොඩඅත්තේ ඥනසාර
රට රැක ගැනීමට සම්ප්‍රදායික කතෝලික මුස්‌ලිම් ප්‍රජාව අපත් සමග එක්‌විය යුතුයි
- පූජ්‍ය කිරම විමලජෝති හිමි
සිසිල් ඩැනීසියස්‌ කටාන විශේෂ සහ ආනන්ද නිශ්ශංක - කටුනායක
http://www.divaina.com/2013/07/03/news21.html

0 comments: