“අපි ගරු කරනවා ,මුතාලිෆ්ලට. මුස්ලිම් රණවිරුවෝ අනූ තුනක් මේ රට වෙනුවෙන් ජීවිත පූජා කළා. ඒත් මුස්ලිම් කොන්ග්‍රසයේ එකෙක්වත් මේ රට වෙනුවෙන් ජීවිත පූජා කරලා නෑ. මුස්ලිම් ජනතාව උතුරෙන් පන්නන කොට ඒ අයව මරණ කොට අෂ්රොප්ලා මොකද කළේ ? කොටි මනිරාසකුලම් මුස්ලිම් පල්ලිය විනාශ කරන කොට හකීම් කොහෙද හිටියේ ? ප්රභාකරන්ගේ තුරුල්ලේ ගිවිසුම් ගහගෙන. අපියි එදා මුස්ලිම් ජනතාවගේ අයිතීන් ගැන කතා කළේ .එදා දර කඩන්න ගියාම කොටි මරලා දාපු මුස්ලිම් ජාතිකයින් හත් දෙනා අපේ අත්වලිනුයි වැළලුවේ. හකීම්ලා ඒවට ආවේ නෑ.”
‘පළාත් සභා එපා ! ඒකීය රට සුරකිමු’ යනුවෙන් පළාත් සභා අහෝසි කිරීමේ ජාතික එකමුතුව විසින් ඊයේ (2) මහරගම මංසන්දියේ පැවැත් වූ ඒකාබද්ධ බොදු සමුළුව අමතා චම්පික රණවක ඇමැතිවරයා මෙසේ කීවේය.එහිදී වැඩිදුරටත් කතා කළ ඇමැතිවරයා “ත්රස්තවාදයේ දේශපාලන පෙරමුණුවලට උතුරේ ඊළම පිහිටුවන්න ඉඩ දෙන්න නොවෙයි අපේ දරුවො ජීවිත පූජා කළේ. රටේ බහුතර ජනතාවගේ පරමාධිපත්‍ය උදුරා ගෙනයි එදා ජේ.ආර්. ජයවර්ධන මහත්තයා පළාත් සභා ක්‍රමය ගෙනාවේ. ඒක ඉතිහාසයේ කළ දැවැන්ත පාවාදීමක්. දෙමළ ජනතාවගේ නිජභූමි සංකල්පය පිළිගත්තු ජේ.ආර්. ජයවර්ධන මහත්තයා ඉන්දියාවට පොරොන්දු වූ ආකාරයටම පළාත් සභා ක්‍රමය ගෙනාවා. ඒත් මේ රටේ ජනතාවට පොරොන්දු වූ පරිදි ධර්මිෂ්ඨ සමාජයක් ගොඩ නැගුවේ නැහැ. රටේ පාර්ලිමේන්තුවට කතා කරන්න ඉඩ දුන්නේ නැහැ. අධිකරණයේ උපදෙස්වලට පිටුපා පළාත් සභා ක්‍රමය සම්මත කර ගත්තා. ත්‍රෛයිනිකායික හාමුදුරුවන්ගේ ඉල්ලීමට පිටුපෑවා. රටේ නීතියට, ජන සම්මතයට එරෙහි වෙලයි ජයවර්ධන මහත්තයා පළාත් සභා ක්‍රමය ගෙනාවේ. ඒ නිසා යමෙක් මේකට එකඟ වෙනවා කියන්නේ ඔහු ජන සම්මතයේ හතුරෙක් කියන එකයි. දැන් කෙනෙක් කියයි අපි කොහොමද ඉන්දියාවත් එක්ක ඇති කරගත් ගිවිසුම තනියම කඩන්නෙ ? ඉන්දියාව මොන විදියට ප්‍රතික්‍රියා දක්වයිද දන්නේ නැහැ කියලා.
ඒත් ඒ ගිවිසුම අස්සන් කරලා පැය 72ක් ගෙවෙද්දී එය දේශපාලන වශයෙන් අවලංගු ගිවිසුමක් වුණා. මොකද ඉන්දියාවට පොරොන්දු වූ පරිදි ජයවර්ධන මහත්තයා පළාත් සභා ගෙනාවත් ඉන්දියාව ජයවර්ධන මහත්තයට එකඟ වූ පරිදි ත්රස්තවාදීන් නිරායුධ කෙළේ නැහැ. ඉන්දියාවේ ඒ නොහික්මුණු වැඩපිළිවෙළ අපි දිගින් දිගටම ඉවසුවා. මෙහිදී අපි දිල්ලියට, තමිල්නාඩුවට මතක් කරනවා අපිට අනන්‍ය වූ භාෂාවක්, සංස්කෘතියක් හදාගෙන අපි අවුරුදු දසදහස් ගණනක් ජීවත් වුණා වගේ තවත් අවුරුදු දස දහස් ගණනක් ජීවත් වන බව. ඒ වගේම දිගින් දිගටම අපේ නිදහසට බලපෑම් කරනවා නම් යම් නිශ්චිත මොහොතකදී අපි සියලු දෙනා එකාවන්ව නැගිටිනවා.
සමහරු කල්පනා කරනවා වෙන්න පුළුවන් අර ගම්මන්පිල, ප්‍රසන්න රණතුංග ඉන්න පළාත් සභා මොන තරම් හොඳද. ඒවා තිබුණම මොකද කියලා. නමුත් මම ඔවුන්ට කියන්න කැමැතියි ඔය කියන පළාත් සභාවල මුල් පුටුවට අන්තවාදියෙක් පත් වුණොත් ඊට පස්සෙ ඇතිවන තත්ත්වය සුබවාදී නොවන වග. අද මම මෙතෙන්ට ආවේ රජයේ ඇමැතිවරයෙක් ලෙස හෝ යම් පක්ෂයක පදවි දරන කෙනෙක් හැටියට නෙවෙයි. ජේ.ආර්. පළාත් සභා ක්‍රමය ගෙනෙද්දී ජාතියේ පුත්‍රයෙක් හැටියට මම ඊට එරෙහි වුණා. 1987 දී පිටකොටුව බෝධිය ළඟට මීට එරෙහිව එකතු වුණ ජාතිමාමක පිරිස් අතර මමත් හිටියා. මම අද මෙතෙන්ට ආවේ ත්‍රස්තවාදය පරදන්න දිවිපිදූ දරුවන්ගෙ නියෝජිතයෙක් හැටියට. දිනාගත් උරුමය ඔවුන්ගේ දරුවන්ට හිමි කරදීමේ වගකීම දරන පියෙක් හැටියට.
සම්බන්ධන් මඩකළපු ප්‍රදේශයේ එදා සමුළුවක් තියලා කියනවා ඇමෙරිකාවේ සහ ඉන්දියාවේ සහායෙන් අපි සටන ගෙනියනවා. එහෙම බැරි වුණොත් පාකිස්තානයේ ජින්නා කළා වගේ සෘජු ක්‍රියා මාර්ගයකින් ඊළම පිහිටුවනවා කියලා. මොවුන් බලයට එන්න හදන්නෙ ජනවාර්ගික සංහාරයකින්. දෙලක්ෂ පනස් දහසකට ආසන්න දෙමළ ජනතාව කොළඹ වාසය කරනවා. ඔවුන්ගේ එක මයිල් ගහකටවත් කවුරුවත් හානියක් කළේ නෑ.
සම්බන්ධන් හිතනවා නම් අපේ ජාතියේ කකුල් වෙවුලනවා කියලා. ඒ ජාතිවාදී අන්තවාදියාට වැරැදිලා කියන එක මතක් කරන්න අපි කැමැතියි. සම්බන්ධන්ට තෝරා ගන්න පුළුවන් මාර්ග දෙකක් අද දවසේදී ඔහු ඉදිරියේ තියෙනවා. ඔහුට අවශ්‍ය නම් පුළුවන් නන්දිකඩාල් කළපුවේදී ප්රභාකරන් ගිය මගම යන්න. නැත්නම් උතුරට විවෘත කරපු ඒ 9 සාම මාවත දිගේ සාමයේ ධජය අරගෙන දකුණට එන්න. ජාතියේ නිදහස වෙනුවෙන් නන්දිකඩාල් කළපු 100ක් හදන්න වුණත් අපි සූදානම්.රුද්‍ර කුමාරන්ලා පිහිටුවපු තමිල් ඊළම කියනවා 13 වැනි ඊළම ලංකාවේ පිහිටුවනවා කියලා. ඔය කියන ඊළමේ හඬ අහගෙන තමයි අපි දිගටම සටන් කළේ. පළාත් සභා ක්‍රමය රකිනවා කියන්නෙ මවුබිම වෙනුවෙන් දිවිපිදූ රණවිරුවා නැවත ඝාතනය කරනවා කියන එකයි.
මේ මොහොත වෙද්දී විපක්ෂයටත් වගකීමක් තියෙනවා. ඓතිහාසික වරද නිවැරැදි කරන්න පෙරට එන්න කියලා අපි විපක්ෂ නායකතුමාට කියනවා.
ඒ වගේම කවුරු හරි හිතාගෙන ඉන්නවා නම් මුස්ලිම් ඡන්ද කුට්ටිය අරන් බලයට එන්න. ඒ සෙල්ලම් දැන් ඉවරයි කියලා අපි ඔවුන්ට කියනවා. මින් මත්තට මේ රටේ දේශපාලන ගමන් මග තීරණය කරන්නෙ සඟරුවන සහ ජාතික බලවේග මිස හකීම්වත්, සම්බන්ධන්වත් නෙවෙයි. අපියි එදා මුස්ලිම් ජනතාවගේ අයිතීන් ගැන කතා කළේ . මේ වෙද්දී හකීම් හමුවෙත් පාරවල් දෙකක් තියෙනවා. ඕනෙ නම් පුළුවන් සම්බන්ධන් එක්ක යන්න. නැත්නම් ජාතික ධජය ඔස්සේ එදා ටී.බී. ජයා ගිය පාරෙ යන්න.
වලිග කපන්න අපි එන්නෙ නෑ කියලා ජනතා විමුක්ති පෙරමුණ කියනවා. නමුත් එදා ජනතා විමුක්ති පෙරමුණ පළාත් සභා ක්‍රමය ගැන රටේ කැරැල්ලක් ඇති කළා. දහස් ගණන් ජනයා ඒ අය විශ්වාස කළා. හැටහයදාහක් දරුවෝ මළා. නායකයෝ රට පැන්නා. අනික් නායකයෝ අනෙක් අය පාවා දුන්නා. අපි අහනවා ජවිපෙ සාමාජිකයින්ගෙන් ,මොනවද උරුම කළේ නායකයෝ. ලේයි කඳුළුයි විතරයි නේද? ජාතික බලවේගවලට රැහැනිව ගිහින් තමයි අද දේශපාලනිකව නන්නත්තාර වෙලා තියෙන්නේ. සදා සමරමු විරුවෝ කියලා අද විහාර මහදේවි උද්‍යානයේ ඉටිපන්දම් පත්තු කළාට වැඩක් නැහැ. ඇවිත් ජාතිමාමක බලවේග එක්ක එකතු වෙලා ඒ විරුවන්ට සාධාරණය ඉටු කරන්න. අපි රජයට කියන්නේ මේ පනත පාර්ලිමේන්තුවට ගේන්න 150 අපි හදලා දෙනවා. වාචාල කතා කියන උදවිය ගැන ජනතාව බලා ගනීවි. දෙමළ ජාතිවාදයට ඉඩ නොදෙමු.”
“ජනාධිපතිවරයාටත්, සියලුම මැති ඇමැතිවරුන්ටත් අපි අවධාරණයෙන් කියනවා පළාත් සභා ක්‍රමය සම්පූර්ණයෙන් අහෝසි කරන්න කියලා.පළාත් සභාව පිහිටුවන්න වෙන්නේ අපේ මළකඳන් උඩින් තමයි”යනුවෙන් මෙහිදී අදහස් දැක් වූ බොදු බල සේනා සංවිධානයේ සභාපති කිරම විමලජෝති හිමියෝ පැවසූහ.
වැඩිදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ , "අද මෙතැනට රැස් වෙලා ඉන්නේ හෙට දවසේදී නැවතත් මේ රටේ යුද්ධයක් ඇති වෙනවා දකින්න අකැමැති පිරිසයි. සිංහල ජාතිය කියන්නේ අවුරුදු 2500කට එහා ගිය ප්‍රොඪ ඉතිහාසයක් තියෙන ජාතියක්.මේ රටේ උතුරේ ඉඳලා නැගෙනහිරට ගියත්, නැගෙනහිර ඉඳලා බටහිරට ගියත්, බටහිර ඉඳලා දකුණට ගියත් රටේ හැම තැනකම තියෙන්නෙ බෞද්ධ පුරාවස්තු. මුස්ලිම් හෝ ක්‍රිස්තියානි පුරාවස්තු කවදාවත් හමු වෙලා නැහැ. සිංහල ජාතිය බෞද්ධයන් වන නිසා ඔවුන් අන්යාගාමිකයන්ට කරුණාව, මෛත්‍රිය දක්වනවා.
මේ රටට කෙළ හලන එන්. ජී. ඕ. සංවිධාන එකතු වෙලා ඔවුන්ට අවශ්‍ය පරිදි පළාත් සභා ක්‍රමය බලෙන් හඳුන්වල දීලා ජේ. ආර්. බලෙන් අල්ලලා ඒකෙ ගිල්ලෙව්වා. අනෙකුත් පළාත්වලට හඳුන්වලා දීපු සුදු අලියෙක් වුණ පළාත් සභා දැන් ඔන්න උතුරටත් හඳුන්වලා දෙන්න යනවා. මේ රටේ ජනාධිපතිවරයාටත්, සියලුම මැති ඇමැතිවරුන්ටත් අපි අවධාරණයෙන් කියනවා පළාත් සභා ක්‍රමය සම්පූර්ණයෙන් අහෝසි කරන්න කියලා.පළාත් සභාව පිහිටුවන්න වෙන්නේ අපේ මළකඳන් උඩින් තමයි. පාර්ලිමේන්තුවේ ඉඳන් ඕකට පක්ෂව කතා කරන අයට නැවත පාර්ලිමේන්තුවට යන්න අපි ඉඩක් තියෙන්නේ නැහැ. මහජනතාවත් එක්ක එකතු වෙලා ආයෙ ඔවුන් පාර්ලිමේන්තු නොයවන්න අපි වගබලා ගන්නවා.”යි පැවසූහ.
‘පළාත් සභා එපා ඒකීය රට සුරකිමු’ යනුවෙන් පළාත් සභා අහෝසි කිරීමේ ජාතික එකමුතුව ඇමතූ බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් කීවේ අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ද ආණ්ඩුවට සහ රටට පිළිලියක් බවය.
“දත් පිළිබඳ විශේෂඥ ඇමැතිවරයෙක් දැන් කියනවා, මේ හාමුදුරුවරු කෑ ගැහුවට කලබල වෙන්න එපා කියලා. ඒ ඇමැති කියනවා උතුරේ පළාත් සභා තියන්න ඕනමයි. ස්වයං තීරණ අයිතිය දෙන්න ඕනමයි කියලා. රටේ ඒකිය බව, භෞමික අඛණ්ඩතාවය ගැන කතා නෑ. රාජිත උන්නැහෙට කියන්න තියෙන්නෙ දන්න දතක් ගලව ගෙන ඉන්නවා ඕයි. නොදන්න මගුලක් කතා නොකර” කියලා. “අපි ජනාධිපතිතුමාට කියනවා ආගමික වශයෙන් උපදෙස් දෙන්න ඉන්න බත් බැලයන්ගෙන් ප්‍රවේසම් වෙන්න කියලා. මේ තරම් ජාතික වැදගත්කමක් ඇති වැඩකට රටපුරා ඉන්න යතිවරු වැඩම කරන්න කැමැත්තෙන් හිටියා. නමුත් අද හදිසි පරික්ෂණ කැඳවලා.”
මේ අවස්ථාවට භික්ෂුන් වහන්සේද, මෙහෙණින් වහන්සේද ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රි තිලංග සුමතිපාල, බස්නාහිර පළාත් සභා ඇමැති උදය ගම්මන්පිල, සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති ජගත් සුමතිපාල යන මහත්වරු ඇතුළු විශාල පිරිසක් සහභාගි වී සිටියහ.

0 comments:
Post a Comment