ඉදිරි සතිය ඇතුළත බුද්ධගයාවේ වන්දනා ගමන් වලින් වැළකී සිටින ලෙස රජය නිවේදනය කර සිටී.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ මෙසේද සඳහන් වේ.
ඉන්දියාවේ බුද්ධගයාවේ මහාබෝධි ප්‍රධාන සිද්ධස්ථානයේ ඊයේ (7 දා) පෙරවරු 5.00 ට පමණ බෝම්බ පිපිරීම් කිහිපයක් සිදුවූ බව වාර්තා වී ඇත. ඉන් මියන්මාර්හි වන්දනාකරුවන් දෙදෙනකුට තුවාල සිදුවී ඇති අතර කිසිදු පූජනීය වස්තුවකට හෝ ශ්‍රී ලංකාවේ වන්දනාකරුවන්ට හානියක් සිදුවී නොමැත.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බුද්ධගයාවේ ශ්‍රී ලංකා නායක හිමිපාණන් අමතා කරුණු විමසූ අතර නවදිල්ලියේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ප්‍රසාද් කාරියවසම් මහතාට මේ සම්බන්ධව සොයා බලා අවශ්‍ය කටයුතු කරන ලෙස උපදෙස් ලබාදී ඇත. ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ මහ ඇමැති නිටිස් කුමාර් මහතා විසින් සිද්ධිය සම්බන්ධව මූලිකත්වය ගෙන පරීක්ෂණ ආරම්භ කර ඇත.
මෙම පිපිරීම ශ්‍රී ලාංකිකයන් හෝ බෞද්ධයන් ඉලක්ක කොට සිදු කරන ලද්දක් නොවන බව ශ්‍රී ලංකා මහකොමසාරිස් ප්‍රසාද් කාරියවසම් මහතා අවධාරණය කරයි. ඉදිරි සතිය තුළ එහි පරීක්ෂණ කටයුතු කෙරෙන බැවින් එම සතිය තුළ වන්දනා ගමන්වලින් වැළකී සිටින ලෙසද හෙතෙම දන්වා සිටී.
http://www.divaina.com/2013/07/08/news03.html
සබැඳි ලිපි
[
බුද්ධගයා පූජා භූමියට එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරය හෙළා දකිති
http://denethharinna.blogspot.com/2013/07/blog-post_3386.htmlඉන්දියාවේ ආරක්ෂක තත්ත්වය නිරුවත් කරමින් බුද්ධගයාවට ත්‍රස්ත ප්‍රහාර මාලාවක්...http://denethharinna.blogspot.com/2013/07/blog-post_4379.htmlමහබෝධි ප්‍රහාරය ගැන හෝඩුවාවක් ලැබෙයිhttp://denethharinna.blogspot.com/2013/07/blog-post_5607.htmlබුද්ධගයා පරිශ්‍රයේ සහ නගරයේ පිපුරුම්http://denethharinna.blogspot.com/2013/07/blog-post_3267.html
]

0 comments:
Post a Comment