Pages

Thursday, June 6, 2013

බාල අටපිරිකර විකිණූ වෙළෙඳසල් 100 ක්‌ වටලයි

බාල තත්ත්වයේ අටපිරිකර අලෙවි කළ වෙළෙඳ සල් සියයක්‌ ඊයේ (05 දා) වන විට වැටලීමට පාරිභෝගික කටයුතු අධිකාරිය සමත් වී ඇත.

නියමිත ප්‍රමිතියට නොමැති අටපිරිකර අලෙවි කරන වෙළෙඳුන් සොයා වැටලීම් ආරම්භ කරන ලෙසට සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ ඇමැති ජොන්ස්‌ටන් ප්‍රනාන්දු මහතාගේ උපදෙස්‌ මත එම වැටලීම් ආරම්භ කළ බව පාරිභෝගික අධිකාරියේ සභාපති රූමි මර්ෂුක්‌ මහතා පැවසීය.

ඒ අනුව මහනුවර, කොළඹ, ගම්පහ, බදුල්ල, ගාල්ල, මාතර, අනුරාධපුර, කුරුණෑගල, කෑගල්ල හා නුවරඑළිය යන දිස්‌ත්‍රික්‌කවල සිදුකළ වැටලීම්වලදී බාල අටපිරිකර අලෙවි කළ වෙළෙඳුන් හඳුනාගෙන තිබේ.

පූජා භාණ්‌ඩ වංචනික ලෙස පාරිභෝගිකයන්ට අලෙවි කිරීම සම්බන්ධයෙන් එම ව්‍යාපාරිකයන්ට එරෙහිව නඩු පැවරීමට නියමිතය.

ලසිත දුමින්ද
http://www.divaina.com/2013/06/06/provin08.html

සබැඳි ලිපි
[
ප්‍රමිතිය නොමැති අටපිරිකර අලෙවිසල් 40 ක්‌ වටලයිhttp://denethharinna.blogspot.com/2013/06/40.html
බාල අටපිරිකර සොයා වැටලීම්http://denethharinna.blogspot.com/2013/06/blog-post_6090.html
]

0 comments: