Pages

Tuesday, June 4, 2013

හෙළ උරුම කෙටුම්පත පමා කළොත් උතුරේ ඡන්දයත් පමා යුතුයි - චම්පික

ජාතික හෙළ උරුමය ව්සින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පෞද්ගලික මත්ත‍්‍රී පනත කෙටුම්පත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට ආණ්ඩුව හෝ යම් පාර්ශ්වයක් පමා කරන්නේ නම් උතුරු පළාත් සභා ඡුන්දයත් ඒ හා සමානව පමා කළ යුතු බව විද්‍ය තාක්ෂණ හා පරමාණුක බලශක්ති අමාත්‍ය පාඪලි චම්පික රණවක මහතා පැවසීය.

13 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව මගින් ස්ථාපිත කළ පළාත් සභා අහෝසි කිරීම හෝ නව ව්‍යවස්ථා සංශෝධනයක අවශ්‍යතාව රට හමුවේ ඇති බැවින් තම පක්ෂය ඉදිරිපත් කළ පනත පාළිබඳ ඉදිරි කාලයේ මහා සංඝරත්නය ප‍්‍රමුඛ සියමුම දේශපාලන පක්ෂ, බහුජන සංවිධාන සහ මහජනතාව දැනුවත් කිරීමට පියවර ගන්නා බවත් ඒ මහතා පැවසීය. උතුරු පළාත් ඡුන්දය පැවැත්වීමට පෙර ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ අත්‍යවශ්‍යෙයෙන්ම සංශෝධනය වීය යුතු කරුණු පහක් පිළිබඳව ද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

පළාත් සභා සතු පොලිස් බලතල ඉවත් කිරීම, පළාත් සභා සතු ඉඩම් බලතල ඉවත් කිරීම, එකිනෙකට සාබද පළාත් දෙකකට හෝ තුනකට ඒකාබද්ධව තනි පළාත් සභාවක් පිහිටුවීමට හැකි විධිවිධාන ඉවත් කිරීම, පළාත් සභා ලැයිස්තුවේ විෂයයක් සම්බන්ධයෙන් හෝ 13 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ විධිවිධාන සංශෝධනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට ගෙනෙන පනත් කෙටුම්පතක් සරල බහුතරයෙන් සම්මත කරගැනීම සඳහා සියලූම පළාත් සභාවන්හි එකඟතාව ලබාගත යුතුය යන විධිවිධානය, පළාත් සභා බහුතරයක එකඟතාව ලබාගත යුතු බවට සංශෝධනය කිරීම, යම් පළාතක් ජනරජයට එරෙහිව කටයුතු කරන අවස්ථාවන්හි ශ‍්‍රී ලංකා අණ්ඩුවට ඊට ඍජුවම මැදිහත්වීමට හැකිවන අයුරින් ඉන්දියානු ව්‍යවස්ථාවේ 256 සහ 267 වගන්ති වලින් එරට මධ්‍යම ආණ්ඩුව ලබා දී ඇති බලතල ශ‍්‍රී ලංකා ආණ්ඞ්වට ද ලබා දීම එම කරුණුය.

June 4, 2013 at 4:07 pm | lanka C news
http://lankacnews.com/sinhala/news/95144/

0 comments: