පළාත් සභා බලතල සංශෝධනය කිරීමට අදාළ පනත් කෙටුම්පත අද (6 දා) කැබිනට් මණ්ඩලයේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පක්ෂ නායක රැස්වීමේදී තීරණය කර ඇත.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පක්ෂ නායක රැස්වීම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (4 දා) රාත්‍රියේ රැස්වූ අවස්ථාවේදී මේ සඳහා අනුමැතිය ලැබී තිබේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනයට අනුව යම් සංශෝධනයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේදී සියලු පළාත් සභාවල අනුමැතිය ලබා ගැනීමේ විධිවිධාන පළාත් සභා බහුතරයේ අනුමැතිය ප්‍රමාණවත් විය යුතු බවට සංශෝධනය කිරීම, යාබද පළාත් සභා දෙකක් හෝ තුනක් ඒකාබද්ධ කර තනි පළාත් සභාවක් පිහිටුවීමට අදාළ විධිවිධාන ඉවත් කිරීම යන කරුණු දෙක ප්‍රථමයෙන් සංශෝධනය කිරීම මෙම පනත් කෙටුම්පතින් සිදුකිරීමට නියමිතය.
එමෙන්ම නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම සම්බන්ධයෙන් පත්කර ඇති පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව කඩිනමින් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන්නැයි ජනාධිපතිවරයා සන්ධානයේ පක්ෂ නායකයන් වෙත මෙහිදී දැනුම් දී ඇත.
අනුර බාලසූරිය
http://www.divaina.com/2013/06/06/news29.html

0 comments:
Post a Comment