වියලි කලාපයේ මේ දිනවල පවතින නියඟයෙන් ලක්‍ෂ සංඛ්‍යාත පිරිසක් දැඩි පීඩාවට පත්ව සිටිති. නියඟය ස්‌වභාවික විපතක් ලෙස ගැණුන ද මිනිසා සිදුකරන සොබාදහම වැනසීමේ ක්‍රියාදාමය අද එයට සෘජුවම බලපා තිබේ. සොබාදහමට එරෙහිව සිදුකරන මේ ක්‍රියාදාමය දිගින් දිගටම පැවතිය හොත් ඉදිරි දශකයේදී පානීය ජලය සොයා සැතපුම් ගණන් ඇවිදින්නට තෙත් කලාපයේ ජනතාවට ද සිදුවිය හැකි බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති ආචාර්ය සෙනෙවි එපිටවත්තයන්ගේ අදහසයි.
මුළු වියළි කලාපයම බීමට පවා දිය පොදක් නැති කාන්තාරයක් බවට පත්වී තිබෙනවා. හිටිහැටියේම මේ පළාත්වල තිබුණු වතුරට මොකද වුණේ?
අපේ රට ප්‍රධාන වශයෙන් තෙත් කලාපය සහ වියළි කලාපය ලෙස බෙදා වෙන්කරල තියෙන්නෙ. ලංකාවෙ ඒ ඒ පළාත්වල තිබෙන උෂ්ණත්වය, වර්ෂාව ආදි කාලගුණික තත්ත්වයන් අනුවයි. වියළි කලාපයට ප්‍රධාන වශයෙන් වර්ෂාව ලැබෙන්නෙ ඊසාන දිග මෝසමෙන්. නමුත් වර්ෂාපතනය මතම යම් ප්‍රදේශයක පසේ සහ වායු ගෝලයේ තෙතමනය තීරණය කරන්න බෑ. එය ඒ ප්‍රදේශයේ පස්‌වල ස්‌වභාවය, ගස්‌වැල් ස්‌වභාවය සහ භූගත ජලයේ ස්‌වභාවය වැනි තවත් කරුණු ගණනාවක් මත තීරණය කළ යුතු දෙයක්. විශේෂයෙන් ඒ ප්‍රදේශයේ ජීවත්වන මිනිසුන් සහ සතුන්ගේ ජල පරිභෝජන රටාවත් එයට බලපානවා. කිසියම් ප්‍රදේශයක රැඳී තිබෙන ජලය කෙතරම් කාලයකට ප්‍රමාණවත් ද කියන කාරණය තීරණය වෙන්නෙ මෙන්න මේ කාරණා මතයි.
අතීතයේ අවස්‌ථා ගණනාවකදී වියළි කලාපයේ මෙබඳු උග්‍ර ජල හිඟවීම් ඇතිවී තිබෙනවා. වියළි කලාපයේ නොයෙක් අවස්‌ථාවල ඇතිවූ මෙබඳු නියඟයන් පිළිබඳ සොයාබැලීමේදී ඒ ඒ කාලවලදී කලාපීය වශයෙන් අඩු වර්ෂා පතනයක් ලැබී ඇති බව පැහැදිලියි. ඇත්ත වශයෙන්ම මේ ප්‍රදේශයේ තිබෙන භූගත ජලය සහ උල්පත් ජලය විශාල වශයෙන් මහජනතාව විසින් පරිභෝජනයට ගැනීමත්, මේ නියඟයට හේතුවක්. මේ පළාත්වල අද විශාල වශයෙන් නළ ළිං සහ වගා ළිං ඇතිකර තිබෙනවා. මේ නිසා වියළි කලාපයේ උල්පත් ජලය වගේම භූගත ජල පරිභෝජනයත් විශාල වශයෙන් වැඩිවී තිබෙනවා. භූගත ජල මට්‌ටම අඩුවනවිට ඊට සාපේක්‌ෂව උල්පත්වලින් ලබාගත හැකි ජල ප්‍රමාණයත් අඩුවෙනවා.
ස්‌ථානීය වශයෙන් අඩු වර්ෂාපතනයක් ලැබෙන ප්‍රදේශයක භූගත ජලයත් විශාල වශයෙන් පරිභෝජනය කිරීම නිසා වියළි කලාපයේ අද දැඩි නියං තත්ත්වයක් ඇතිවී තිබෙනවා.
වියළි කලාපයේ අද ඇතිවී තිබෙන මේ තත්ත්වය රටේ වෙනත් පළාත්වලත් හට ගැනීමට පුළුවන්ද?
ඕනෑම පළාතක භූගත ජල ප්‍රමාණය අඩුවීම උග්‍ර ජල හිඟයක් ඇතිවීමට හේතුවක්. අද රට පුරා සිදුවන විවිධ සංවර්ධන ක්‍රියාදාමයන් නිසා ස්‌වාභාවිකව පස මතුපිට ජලය ගලා යෑමේ රටාවේ වෙනසක් සිදුවී තිබෙනවා. නමුත් වසර දහස් ගණනක් තිස්‌සේ පොළව අභ්‍යන්තරයේ ජලය ගලා යැමේ සහ පවතින ජල රටාවට එයින් බලපෑමක් නෑ. පොළොව මතුපිට ජලය රැඳී තිබීමේ ස්‌වභාවය, භූගත ජලයට බලපෑමක් කරන්නේ නෑ. නමුත් පොළොව අභ්‍යන්තරයට කරන කැනීම්වලදී එයින් භූගත ජලයට බලපෑමක් විය හැකියි. ඉදිකිරීම් කටයුතු වැඩිවෙන්න වැඩිවෙන්න භූගත ජල ප්‍රමාණය ක්‍රමයෙන් අඩුවීම සිදුවෙනවා. මෙන්න මේ හේතුව වියළි කලාපයට අදාළ නැති වුවත් රටේ අනෙක් ප්‍රදේශවල ඉදිරි කාලයේ උග්‍ර ජල හිඟයක් ඇතිවීමට හේතුවක් විය හැකියි. තව වසර 10 - 15 වැනි කාලයක් තුළ වියළි කලාපයේ වගේම අපේ රටේ අනෙක් ප්‍රදේශවලත් භූගත ජලයේ විශාල වෙනසක් ඇතිවෙන්න ඉඩ තියෙනවා. එයට ප්‍රධාන හේතුව සංවර්ධන හා නාගරීකරණය තුළින් භූගත ජලයට සිදුවන බලපෑම. මේ බලපෑමත් සමඟම අද රටේ සෑම ප්‍රධාන නගරයක් ආශ්‍රිතවම පාහේ ඇතිවන කර්මාන්ත ශාලා හා මහා පරිමාණ ඉදිකිරීම් වෙනුවෙන් ජලය විශාල වශයෙන් පරිභෝජනය සිදුවෙනවා. ඒ වගේම අද ජනතාවගේ ජල පරිභෝජනයක් සීග්‍රයෙන් වැඩිවී තිබෙනවා. මේ නිසා ඉදිරි කාලයේ රට පුරාම උග්‍ර ජල හිඟයක් ඇතිවීමට ඉඩ තිබෙනවා.
ජලය හැඳින්වෙන්නේ මිනිසා ඇතුළු සියලු සතුන්ගේත්, ගස්‌වැල්වලත් ජීවය පවත්වා ගැනීමට අත්‍යවශ්‍ය සාධකයක් විදිහටයි. ජලය කෘත්‍රිමව නිපදවිය නොහැකි සහ සීමාසහිත සම්පතක්. අද සිදුවන මේ අසීමිත ජල පරිභෝජනය අනාගත ප්‍රතිඵලය කුමක් විය හැකිද?
අද මැදපෙරදිග ඇතුළු ලෝකයේ රටවල් ගණනාවක් මුහුදු ජලය පිරිසිදු කරලා පරිභෝජනය කරනවා. කෘෂිකාර්මික කටයුතුවලටත් අර්ධ වශයෙන් පිරිසිදු කළ ජලය භාවිත කරනවා. ඒ ක්‍රියාදාමයට වුවත් අනාගතයේදී මුහුණදීමට සිදුවන ප්‍රශ්නය නම් මේ පිරිපහදු කටයුතු සඳහා අවශ්‍ය ශක්‌තිය නිපදවා ගැනීමට සිදුවන්නේ තෙල් භාවිතයෙනුයි. මේ කාරණය සඳහා තෙල් හෝ ගල් අඟුරු භාවිත කරන්නට සිදුවීම තවත් අර්බුද ගණනාවකට හේතුවක්. මෙහි ප්‍රතිඵලය සාමාන්‍ය ජනතාවට භාවිතා කිරීමට අපහසු වන ආකාරයට ජලයට අධික මිලක් නියම වීමයි.
මේ නිසා ලෝකයේ ඇති අනෙක් ස්‌වාභාවික සම්පත්වලට සාපේක්‌ෂව ජලය කියන්නෙ ඉතාම සුපරික්‍ෂාකාරීව දැඩි අරපරෙස්‌සමින් භාවිතා කළ යුතු සම්පතක්. ජලය පණ මෙන් සුරැකිය යුතු සම්පතක්. නමුත් අද පිරිසිදු ජලය වැඩි වශයෙන් පාවිච්චි කරන්නෙ පානය කිරීම සඳහා නොවෙයි. අපද්‍රව්‍ය ඉවත් කිරීමටයි. මේ නිසා අද සංවර්ධනය හා නාගරීකරණය කියන ක්‍රියාදාමයන් දෙක හමුවේ ජලයේ පැවැත්මට බරපතළ තර්ජන එල්ල වෙලා තියෙනවා.
ජල මූලාශ්‍ර බරපතළ ලෙස අපවිත්‍ර වීමත් පානීය ජලය හිඟවීමට වර්තමානයේ ප්‍රධාන හේතුවක් වී තිබෙනවා නේද?
මේ ප්‍රදේශයේ තිබෙන බොරලැස්‌ගමුව ඇළ ඔය කාරණයට අප අත්විඳින උදාහරණයක්. මීට අවුරුදු තිහ හතළිහකට කලින් නෑමට වගේම සතුන් බීමට පවා මේ ඇළේ වතුර පාවිච්චි කළා. නමුත් අද ඒ කිසි දේකට මේ ඇළේ වතුර ගන්න බෑ. බොහෝ ප්‍රදේශවල ගංගා, ඇළදොළවල අද තත්ත්වය මේකයි. මෙය අද අපේ රටට මුහුණ දෙන්න වෙලා තියන බරපතළ තත්ත්වයක්. ජලය මේ විදිහට විනාශ වුණොත් අපවිත්‍ර වුණොත් අපේ රටේ පානීය ජල ප්‍රශ්නය අතිශය බැරෑරුම් වේවි.
වියළි කලාපයේ මෙවර නියඟයෙන් ලක්‍ෂ සංඛ්‍යාත පිරිසක් පීඩාවට පත්වුණා. පානීය ජලය සොයාගැනීමත් අද ඔවුන්ට දුෂ්කර කාරියක් වී තිබෙනවා. අනාගතයේ වඩාත් බැරෑරුම් විය හැකි මෙබඳු ව්‍යසනයන්ට මුහුණදීම සඳහා කිසියම් වැඩපිළිවෙළක් නැද්ද?
දැන් මිනිසා කෙළින්ම ලෝක දේශගුණික විපර්යාස ක්‍රියාවලියකට සම්බන්ධ වෙලා. එහි සියලු විපර්යාසවලට සෘජුවම මුහුණදීමට ඔහුට සිදුවෙනවා. එය නොවැළැක්‌විය හැකි බව වර්තමාන විද්‍යාඥයන්ගේ මතයයි. ස්‌වභාව ධර්මයට එරෙහි මිනිස්a ක්‍රියාකාරකම් නිසා මේ තත්ත්වය තවත් බැරෑරුම් වන බව ඔවුන් ප්‍රකාශ කරනවා. මේ නිසා ස්‌වාභාවික සම්පත් සුරැකීමේ කඩිනම් වැඩපිළිවෙළක් සඳහා පියවර ගත යුතු වෙනවා. එහිදී ජලය අරපිරිමැස්‌මෙන් පරිභෝජනය කිරීම අත්‍යවශ්‍ය කාරණයක්. එසේ නොවුණහොත් පොළොන්නරුවේ අද ඇතිවී තිබෙන තත්ත්වය තව වසර කිහිපයට පසු තෙත් කලාපයේත් ඇතිවිය හැකියි. වර්තමානයේ තිබෙන දේශගුණික විපර්යාස යටතේ ප්‍රාදේශීය දේශගුණයේ වෙනස්‌වීම් අපි බලාපොරොත්තු වෙන්න ඕන. විශේෂයෙන් ජලය අනාගතය සඳහා සුරක්‌ෂිත කර ගැනීමේ, ගබඩා කර ගැනීමේ වැඩපිළිවෙළකට යා යුතු වෙනවා. හදිසියේ ඇතිවිය හැකි මෙබඳු ව්‍යසනයන්හිදී ඒ සංචිත ප්‍රායෝජනයට ගැනීම හැර මෙයට වෙනත් විකල්පයක් නැහැ. ආහාර නිෂ්පාදන ක්‍රියාවලියේදී ජලය අවම ලෙස භාවිතා කරන කෘෂිකාර්මික ක්‍රමවේදයක් අනුගමන කිරීමත් අත්‍යවශ්‍යයි. අද වියළි කලාපයේ භාවිතා කරන්නේ ජලය උපරිම වශයෙන් යොදාගෙන සිදුකරන කෘෂිකර්මාන්තයයි. නමුත් අතීතයේ වියළි කලාපයේ ගොවීන් වියළි ගොවිතැන නමින් ක්‍රමවේදයක් භාවිත කළා. එහිදී අස්‌වනු ලබාගැනීම සඳහා ඔවුන් භාවිත කළේ ඉතාමත් අඩු ජල ප්‍රමාණයක්. අද උතුරු ඇමරිකානුවේ රතු ඉන්දියානුවන් භාවිතා කරන්නෙ ජල පරිභෝජනය ඉතාමත් අඩු එබඳු කෘෂිකාර්මික ක්‍රමවේදයක්.
එබැවින් අද වියළි කාලයේ ඇතිවී තිබෙන නියඟය වැනි අර්බුදයකට මුහුණ දීම සඳහා කළ යුතු වන්නේ නව කෘෂිකාර්මික ක්‍රමවේද භාවිතය, ජාන තාක්‌ෂණයේ නව යෙදීම් වගේම මේ සඳහා ජනතාවට අවබෝධයක් ලබාදීමේ ක්‍රමවේදයකට යැමයි. නමුත් අද සිදුවන්නේ මේ නියඟයත් දේශපාලන ක්‍රියාදාමයක් බවට පත්කරගෙන වතුර බෝතල්, ජල ටැංකි වැනි දේ බෙදමින් ඒවා දානමය පිංකම් හැටියට පෙන්වීමට උත්සාහ කිරීමයි. තව මාසයකින් දෙකකින් ඒ පැත්තට වහිනකොට ඒ පැත්තෙ දානමය පිංකම් ඉවරයි. ආයෙත් වතුර නැති පැත්තට ඒ ටික අරගෙන යනවා. මෙබඳු දානමය පිංකම් කරලා මේ ස්‌වාභාවික ව්‍යසනවලට සාර්ථකව මුහුණ දෙන්න බෑ. ආපදා කළමනාකරණය කියල අද කරන්නෙ නාට්‍ය රඟපෑමක්. නමුත් සිදුවිය යුත්තේ අනාගතයේ ඇතිවිය හැකි මෙබඳු තත්ත්වයන්ට මුහුණ දිය හැකි ආකාරයට ජනතාව සූදානම් කරමින් ඔවුන් දැනුවත් කරමින් ජලය අරපිරිමැස්‌මෙන් භාවිතා කිරීමේ වැදගත්කම අවබෝධකර දෙමින් කාර්මික, කෘෂිකාර්මික හා සංවර්ධන ක්‍රමවේදයන්හි අවම ජල පරිභෝජනයකින් කටයුතු කිරීමට අවශ්‍ය දැනුම ලබාදීමත්ය. මිනිසාත් සොබාදහමේම කොටසක්. සොබා දහමත් සමඟ ජීවත්වීම මිස මේ අර්බුදයට මුහුණදීමට වෙනත් ක්‍රමවේදයක් නෑ.
සාකච්ඡා කළේ පාලිත සේනානායක
http://www.divaina.com/2014/08/17/feature16.html
Pic1 Source

1 comments:
පරිසරය අප රකී - රකිමු අපි පරිසරය
Post a Comment