Pages

Monday, August 5, 2013

හමුදා-පොලිස්‌ හා ද්‍රවිඩ වැසියන් 85ක්‌ කොටි ගාන්ධි ඒකකයෙන් මරා දමලා - අත්අඩංගුවට පත් කොටි කියති

වසර ගණනාවක්‌ තිස්‌සේ කිසිම තොරතුරක්‌ නැති දෙහිවල පොලිසියේ බුද්ධි අංශයේ පොලිස්‌ පරීක්‍ෂක ජයරත්නම් ඇතුළු පොලිස්‌, හමුදා නිලධාරීන් සහ සාමාන්‍ය වැසියන් 85 ක්‌ ඝාතනය කළ බව කියනු ලබන කොටි සාමාජිකයන් සිවුදෙනකු ත්‍රස්‌තවාදී විමර්ශන ඒකකය මගින් පෙරේදා (3 දා) අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස්‌ පරීක්‍ෂක ජයරත්න මහතා අතුරුදන් වූයේ 2000 වසරේදීය.

එවකට කිලිනොච්චියේ පවත්වාගෙන ගිය ගාන්ධි නමින් හැඳින්වෙන කොටි ඒකකයේ සාමාජිකයන් විසින් කොටි සංවිධානයට ෙද්‍රdaහි වූවන් ලෙස සැලකූ පොලිස්‌, හමුදා සහ ද්‍රවිඩ සාමාන්‍ය වැසියන් 80 කට වැඩි පිරිසක්‌ කිලිනොච්චියේ ඇල්µd 2-5 යන කඳවුරුවල විලංගු දමා රඳවා ගෙන සිටි බව පොලිස්‌ විමර්ශනවලදී හෙළිවී ඇත. 

මෙම ක්‍රියාවට විරුද්ධ වූ ජයරත්නම් මහතා මාරාන්තික උපවාසයක්‌ ආරම්භ කළ බවද "අපිව මරපල්ලා.... නැතිනම් නිදහස්‌ කරපල්ලා" කියමින් කෑගැසූ නිසා එම පිරිස වරින් වර ඔඩ්ඩුසුඩ්ඩාන් කැලෑවට රැගෙන ගොස්‌ වෙඩි තබා එහිම දර සෑයකට මළ සිරුර දමා පිළිස්‌සූ බවද මෙම කොටි සැකකරුවෝ පවසති.

වව්නියා පොලිසියේ ඉබ්බ්‍රාහිම් ලකී නමැති හමුදා කපිතාන්වරයකු ද මෙසේ මරා දමා ඇති බව කොටි සැකකරුවන් විසින් හෙළිකර තිබේ.

මෙසේ මරාදැමූ 80 දෙනාගේ මිනී අළු මුලතිව් මුහුදට දමා තිබේ.

මෙම සියලු දෙනාම මෙසේ ඝාතනය කර ඇත්තේ 2006 වසරේදීය. 

මෙම ගාන්ධි ඒකකයේ කොටි සිවුදෙනා මන්නාරම, යාපනය, කිළිනොච්චිය ඇතුළු පළාත්වල සාමාන්‍ය වැසියන් ලෙස ජීවත් වෙමින් සිටියදී පොලිසියට කොටුවී ඇත. 

ගාන්ධි ඒකකයේ කොටි නායකයා අතුරුදන් වී සිටින බව ත්‍රස්‌තවාදී විමර්ශන ඒකකය කියයි.

නෝමන් පළිහවඩන 
http://www.divaina.com/2013/08/05/news17.html

සබැඳි ලිපි -
[
කපිතාන්,පොලිස් පරීක්ෂක සහ සිවිල් වැසියන් 80ක් කොටින් විසින් මැරූ හැටි හෙළිවෙයි - කොටි සැකකරු වමාරයිhttp://denethharinna.blogspot.com/2013/08/80.html
]

0 comments: