Pages

Friday, July 11, 2014

දෙවරක්‌ බෙදාගත් පාපන්දු රජ කිරුළේ තෙවැනි හිමිකරුවා කවුද?


මහා වියදමක්‌ දරමින් බ්‍රසීලය සත්කාරකත්වය දැරූ 20 වැනි පාපන්දු ලෝක ශූරතාවට ආරම්භයේදී එරට වැසියන්ගෙන් මහත් විරෝධතා පැමිණියේය. ඒ සියලු විරෝධයන්ට නිසි පිළිතුර වූයේ බ්‍රසීලය මෙවර පාපන්දු ලෝක ශූරතාව දිනා ගැනීමය. එහෙත් සිදුවූයේ බ්‍රසීලය ගිණි ගැනීමක්‌ බඳු සිදුවීමකි. වසර 94 කට පසු බ්‍රසීලය ඉතිහාසයේ දරුණුම පරාජය ලැබීය. ඒ ජර්මනිය හමුවේ 7-1 ක්‌ වශයෙනි. අදාළ පරාජයත් සමග බ්‍රසීලය 1920 වර්ෂයේදී උරුගුවේ කණ්‌ඩායම හමුවේ ලද දැවැන්තම පරාජය දෙවැනි තැනට පත්විය. 

ජය ගන්නට පරාජිතයන් සිටිය යුතුය. එබැවින් ඉකුත් පාපන්දු ලෝක ශූරයෝ වූ ස්‌පාඤ්ඤය කලින්ම ගෙදර ගියේය. එහි අනුශූරයන් වූ නෙදර්ලන්තය අවසන් සටනට මායිමට පැමිණ විසිවිය. දැන් කලින් අනු ශූරයන්ට සහ සිහින ශූරයන්ට තවත් එක්‌ සටනක්‌ ඉතිරිව තිබේ. ඒ තෙවැනි ස්‌ථානය සඳහා සටනින් ජය ගන්නේ බ්‍රසීලයද නැතහොත් නෙදර්ලන්තයද යන්නය. ඒ සඳහා තවත් පැය 24 ක්‌ ඉතිරිව තිබේ. අවසානයේ රටවල් 32 ක්‌ තරග වැදුනු 2014 FIFA පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ සියල්ලන්ම එකම තරගයක්‌ කෙරෙහි ඇස යොමු කර සිටිති. ඒ ජර්මනිය හෝ ආර්ජන්ටිනාව අතරින් වත්මන් ලෝක පාපන්දු රජ කිරුළ දිනන්නෝ කවුරුන්ද යන්නය. මේ අවසන් සටන තරගාවලියේ බලා සිටීමට අමාරුම මෙන්ම උද්වේගකරම සටන වනු නිසැකය. එයට පාදක කරුණු කාරණා කිහිපයක්‌ තිබේ.

ජර්මනිය සහ ආර්ජන්ටිනාව ලෝක කුසලාන පාපන්දු අවසන් මහා සටනක හමුවන තෙවැනි අවස්‌ථාව ලෙස මෙය සටහන් වේ. මීට පෙර 1986 ලෝක කුසලාන අවසන් මහා තරගයේදී ගෝල 3-2 ක ජයක්‌ ලබා ආර්ජන්ටිනාව කිරුළ දිනුවේය. ඉන් සිව් වසරක්‌ ඇවෑමෙන් එනම් 1990 ලෝක කුසලාන අවසන් මහා තරගයේදී දී යළි හමුවූ ආර්ජන්ටිනාව සහ ජර්මනිය අතර සටනින් ගෝල 1-0 ක්‌ ලෙස ජර්මනිය ජය ගත්තේය. ඒ අනුව තෙවැනි වරටත් ලෝක කුසලාන අවසන් මහා තරගයේදී මුණ ගැසෙන ආර්ජන්ටිනාව සහ ජර්මනිය අතර, අවසන් තරග ජයග්‍රාහී ප්‍රතිශතය 50% ක්‌ වශයෙන් සඳහන් වීම මත මෙවර තරාදියේ වැඩි බර කාටද යන්න අනාවැකි පළ කිරීම අපහසුවී තිබේ. 

දෙරටේ ලෝක කුසලාන අවසන් මහා තරග ජයග්‍රහණ 1-1 ක්‌ ලෙසින් සටහන් වද්දී අවසන් ලෝක කුසලාන අවසන් පුර්ව ජයග්‍රහණයද 1-1 ක්‌ ලෙස සමව සටහන්වේ. 2006 වසරේ පැවැති ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව තරගයේදී හමුවූ ජර්මනිය සහ ආර්ජන්ටිනාව අතර තරගයෙන් ගෝල 4-2 ක්‌ ලෙස ජර්මනිය දඩුවම් පහර මගින් තරගය ජය ගත්තේය. අවසන් වරට පැවැති 2010 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේදී අර්ධ අවසන් පූර්ව තරගයේදීද මෙම කණ්‌ඩායම් දෙක මුණ ගැසුන අතර එහිදී 4-0 ක්‌ ලෙස ජය ගැනීමට ආර්ජන්ටිනාව සමත් විය. ඉතිහාසයේ ආර්ජන්ටිනාව සහ ජර්මනිය මුණ ගැසුන අවස්‌ථාව 20 ක්‌ සටහන්ව ඇති අතර ඉන් ජයග්‍රහණ හයක්‌ ලබා ගැනිමට ජර්මනිය සමත්වෙද්දී ආර්ජන්ටිනාව ඉදිරියේ ජයග්‍රහණ 9 ක්‌ සටහන්ව තිබේ. තරග පහක්‌ විසඳුමකින් තොරව නිමාවී ඇත. ලෝක කුසලාන පාපන්දු ඉතිහාසයේ ජර්මනිය අවසන් මහා තරගයට පැමිණි අට වැනි අවස්‌ථාව මෙය වන අතර ආර්ජන්ටිනාව අවසන් මහා තරගයකට පැමිණි පස්‌වැනි අවස්‌ථාව ලෙස මෙය සටහන් වේ.

ලෝකයේම අස්‌සක්‌ මුල්ලක්‌ නෑර කතා බහ වෙන පාපන්දුවේ තවත් රජ කිරුළක්‌ සොයා යන සුපිරි රාත්‍රියක්‌ තවත් හෝරා 48 කින් එනම් ලබන ඉරිදා ආරම්භ වනු ඇත. එය ශ්‍රී ලංකා වේලාවෙන් ඉරිදා පසුවූ අළුයම 12.30 ට ය.

මෙවර රන් පන්දුව ඡේම්ස්‌ රොද්‍රිගස්‌ටද? තෝමස්‌ මුලර්ටද?

මෙවර තරගාවලියේ වැඩිම ගෝල ලාභියාට හිමි වන රන් පන්දුව දිනා ගැනීම සඳහා ඉදිරියෙන් පසුවන්නේ කොළොම්බියාවේ ඡේම්ස්‌ රෝද්‍රිගස්‌ (6) සහ ජර්මනියේ තෝමස්‌ මුලර් (5) වේ. එහිදී තෝමස්‌ට තවත් එක්‌ තරගයක්‌ ඉතිරිව ඇති බැවින් අදාළ සම්මානය සඳහා වැඩි අවස්‌ථාවක්‌ තිබේ. 

මිරස්‌ලෝව්ගෙන් නව වාර්තාවක්‌

පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම ගෝල සංඛ්‍යාවක්‌ (16) වාර්තා කරමින් නව වාර්තාවක්‌ පිහිටුවීමට ජර්මනියේ මිරැස්‌ලෝව් ක්‌ලෝස්‌ සමත් විය. 36 හැවිරිදි 

මිරැස්‌ලෝ විසින් බිඳ හෙළනු ලැබුවේ බ්‍රසීලයේ සුපිරි පාපන්දු තරුවක්‌ වූ රොනාල්ඩෝ ලුයිස්‌ විසින් ලෝක කුසලාන තරග 19 කදී ලබාගෙන තිබූ ගෝල 15 වාර්තාවයි. 

2002 වසරේදී පළමු වරට පාපන්දු ලෝක කුසලාන තරගාවලියකට සහභාගි වු මිරැස්‌ලෝව් එහිදී ගෝල 5 ක්‌ වාර්තා කිරීමට සමත් විය. අනතුරුව ඔහු 2006 වසරේ පැවැති ලෝක කුසලාන තරගාවලියේදී ගෝල පහක්‌ ලබා ගනිමින් එම ලෝක කුසලාන තරගාවලියේ සුපිරිම ක්‍රීඩකයාට හිමි ගෝල්ඩන් බූට්‌ (රන් සපත්තුව) සම්මානය දිනා ගැනීමට සමත් විය. 

රෙඩ් කාඩ් 8 යි යෙලෝ කාඩ් 142 යි.

2014 ලෝක කුසලාන අවසන් මහා තරගයට පෙර ක්‍රීඩකයන් අට දෙනකුට රෙඩ් කාඩ් පත් ලැබීම හේතුවෙන් තරග තහනම් වු අතර තවත් 142 දෙදෙනකුට යෙලෝ කාඩ් අවවාද ලැබී ඇති බව සඳහන් වේ.

යෙලෝ කාඩ් අවවාද ලද ක්‍රීඩකයන් 142 අතරින් ක්‍රීඩකයන් 20 දෙනකුට දෙවරක්‌ එම අවවාදය ලැබී තිබීම විශේෂත්වයකි. බ්‍රසීලයේ නායක තියාගෝ සිල්වාටද යෙලෝ කාඩ් දෙකක අවවාදය ලැබීම හේතුවෙන් තීරණාත්මක අවසන් පූර්ව තරගයට සහභාගි වීමට නොහැකි විය. රෙඩ් කාඩ් ලැබු ක්‍රීඩකයන් ලෙස ඇන්තෝනියෝ ජැලෙන්සියා (ඉක්‌වදොaරය), ස්‌ටීJන් වෙෙµdaර් (බෙල්ජියම), ඇලෙක්‌සැන්ඩර් සෝන්ත් (කැමරූන්), පෙපේ (පෘතුගාලය), මැක්‌සිමිලිනෝ පෙරේරා (උරුගුවේ), ක්‌ලුඩියෝ මාර්චිසියෝ (ඉතාලිය), ඇන්ටි රෙබික්‌ (ක්‍රොඒෂියාව)

අසේල විතාන (විදෙස්‌ වාර්තා ඇසුරිනි)
http://www.divaina.com/2014/07/11/sports01.html

0 comments: