Pages

Sunday, July 27, 2014

රාජසිංහ රජ්ජුරුවන්ගේ භාණ්ඩාගාරය එස්.බී.ගේ පාරම්පරික වලව්වේ මැද මිදුලේ

ශ්‍රී වික්‍රම රාජසිංහ රජ පරම්පරාවට ලේ නෑකම් කියන උසස් අධ්‍යාපන අමාත්‍ය එස්. බී. දිසානායක මහතාට අයත් හගුරන්කෙත පිහිටා ඇති පාරම්පරික වලව්වේ මැද මිදුලෙහි රාජසිංහ රජු සතු වූ භාණ්ඩාගාරය ඇති බවට තොරතුරු හෙළිවෙමින් පවතින බව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතාපැවසීය.

ඓතිහාසික තොරතුරු හෙළි කරන ග්‍රන්ථ කිහිපයකම රාජසිංහ රජුට අයත් යැයි පැවැසෙන මෙම හඟුරන්කෙත වලව්වේ මැද මිදුලෙහි රජුගේ භාණ්ඩාගාරය තිබූ බව සඳහන් වන බවත් පාරම්පරිකව විවිධ පුද්ගලයන්ට හිමි වූ එම වලව්වේ අයිතිය මේ වනවිට ඇත්තේ උසස් අධ්‍යාපන අමාත්‍ය එස්. බී. දිසානායක මහතාට බවත් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් දිසානායක මහතා පැවැසීය. රොබට් නොක්ස් විසින් රචිත ‘එදා හෙළ දිව’ ග්‍රන්ථයේද මෙම හඟුරන්කෙත වලව්ව පිළිබඳ සඳහන් වන බවද රාජසිංහ රජුගේ භාණ්ඩාගාරය එවකට එහි මැද මිදුලේ භූගත උමඟක යොදුන් දෙකක් පමණ දිගින් යුත් භූමියක පිහිටුවා ඇති බවද එම පොතපතෙහි සඳහන්ව ඇති බව හෙතෙම පවසයි.

වත්මනෙහි එස්. බී. දිසානායක අමාත්‍යවරයාට අයත් මෙම වලව්ව අතීතයේ රජුගේ භාණ්ඩාගාරය හිමි අමාත්‍යවරයා භාරයේ පැවැති බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවැසීය.

ඊ. ඒ. පී. දැරණියගල මහතා පුරාවිද්‍යා කොමසාරිස්ව සිටි සමයේ මෙම හඟුරන්කෙත වලව්වේ මැද මිදුලේ කැණීම් කොට එය තහවුරු කර ගැනීමට අදහස් කළද එය ක්‍රියාත්මක නොවූ බව පවසන දිසානායක මහතා, එස්. බී. දිසානායක මහතා එහි පුරාවිද්‍යා පර්යේෂණයක් සිදු කරන ලෙස පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා ඇති බවද ඒ අනුව අමාත්‍යංශ ප්‍රතිපාදන වෙන් වූ වහාම එම වලව්වේ මැද මිදුලේ කැණීම් ආරම්භ කරන බවද කීය.

මෙම ඓතිහාසික භාණ්ඩාගාරයේ රජු එදිනෙදා භාවිත කළ යුද උපකරණ, ඇඳුම් ආයිත්තම් ආදී උපකරණ තැන්පත් කොට තිබූ බව ‘එදා හෙළ දිව’ ග්‍රන්ථයේ සඳහන් වන බවත් මෙම කැණීම හරහා රාජසිංහ රජුගේ භාණ්ඩාගාරය නිත්‍ය වශයෙන්ම එම ස්ථානයෙන් හමුවුවහොත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අතීත මූලාශ්‍ර ඇසුරෙන් සොයාගත් අද්විතීයම සොයා ගැනීම මෙය වන බවත් සෙනරත් දිසානායක මහතා වැඩිදුරටත් පැවැසීය.

- මව්බිම
http://lankacnews.com/sinhala/news/119657/

Pic Source

0 comments: