Pages

Friday, July 11, 2014

ආණ්‌ඩුවේ නිහඬ පිළිවෙත හේතුවෙන් මෙරට බෞද්ධයා අපකීර්තියට පත්වෙලා - ඕමල්පේ සෝභිත හිමි

ආණ්‌ඩුවේ නිහඬ පිළිවෙත හේතුවෙන් මෙරට බහුතර බෞද්ධ ජනතාව ජාත්‍යන්තර වශයෙන් විශාල අපකීර්තියකට හා අවමානයකට ලක්‌ව ඇති බව ජාතික හෙළ උරුමයේ නායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ ඊයේ (10 වැනිදා) ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට විශේෂ ලිපියක්‌ යොමු කරමින් සඳහන් කර ඇත.

මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාගේ පාලනය යටතේ තවදුරටත් මෙවැනි අවමානයන් සිදුවීම වළක්‌වා ගැනීම සඳහා රාජ්‍ය මාධ්‍ය රාජ්‍ය තාන්ත්‍රික තානාපති සේවාවන් සංවේදීව කටයුතු කළ යුතු බවත් දැන්වත් ඊනියා ආගමික සංහිඳියාවේ සහජීවනයේ නාමයෙන් බෞද්ධයන්ගේ හඬ යටපත් නොකරන ලෙසත් එම ලිපිය මගින් ඉල්ලා තිබේ.

බෞද්ධයන්ගේ ප්‍රතිරූපය කෙළෙසෙන ප්‍රචාරක යුද්ධයේ මූලිකත්වය ආණ්‌ඩුවේ අධිකරණ ඇමැති මුස්‌ලිම් කොංග්‍රස්‌ නායක රවුෆ් හකීම් මහතා ගෙන ඇති බවත් මුස්‌ලිම් නායකයන් කිහිප දෙනෙකු හැර සෙසු නායකයන් බොහොමයක්‌ බෞද්ධ ජනතාවට එරෙහිව බොරුබේගල් පතුරුවන බවත් ඕමල්පේ සෝභිත හිමියෝ තවදුරටත් එම ලිපිය මගින් සඳහන් කර තිබේ.

අලුත්ගම දර්ගා නගරය මූලික කර ගනිමින් ඇතිවූ සිද්ධිවල සත්‍ය තත්ත්වය නිල හා නොනිල වාරණය මගින් වසන් කිරීම නිසා සත්‍ය වැළලී ගිය බවත් කිසිදු මුස්‌ලිම් නායකයකු හෝ ආගමික නායකයකු අදාළ සිද්ධීන් පිළිබඳව බෞද්ධ ජනතාවගෙන් මේ වනතෙක්‌ සමාව ගෙන නැති බවත් උන්වහන්සේ සඳහන් කරයි.

අලුත්ගම බොදු සමුළුවේ අදහස්‌ දැක්‌වූ කතිකයන්ගෙන් රහස්‌ පොලිසිය පැය ගණනක්‌ ප්‍රශ්න කළද දර්ගා නගරයේ මහ පල්ලියේ 3000 ක්‌ සෙනඟ රැස්‌ කළ අයගෙන් රහස්‌ පොලිසිය ප්‍රශ්න කර නැති බවත් එම ලිපියේ සඳහන්ය.

බෞද්ධ නායකයකු වන දලයිලාමාතුමන් බෞද්ධයන්ට එරෙහිව සිදුකර තිබූ පදනම් විරහිත ප්‍රකාශය පිළිබඳව ආණ්‌ඩුව ගනු ලැබූ ක්‍රියා මාර්ගය කුමක්‌දැයි අදාළ ලිපිය මගින් ප්‍රශ්න කරන සෝභිත හිමියෝ ආණ්‌ඩුවේ මෙම ක්‍රියාකාරකම් පිළිබඳව දැඩි සිත් තැවුලකට පත්ව සිටින බවත් එම ලිපිය මගින් තවදුරටත් සඳහන් කර ඇත.

සිරිමන්ත රත්නසේකර
http://www.divaina.com/2014/07/11/news35.html

එම සම්පූර්ණ ලිපිය මෙසේය.

අතිගරු ජනාධිපතිතුමනි,

පසුගිය දා අඵත්ගම බේරුවල යන ප‍්‍රදේශවල ඇති වූ අවාසනාවන්ත ගැටුම්කාරී තත්වය සම්බන්ධයෙන් දේශීය සහ ජාත්‍යන්තර වශයෙන් විවිධ මත අදහස් විචාර පළ වී ඇත. එහිදී අප රටේ බහුතර සිංහල බෞද්ධ ජනතාවටත්, භික්‍ෂූන්වහන්සේලාටත්, බෞද්ධ සංවිධාන වලටත් එරෙහිව විශාල ප‍්‍රචාරයක් දියත් කරමින් මෙම සිදුවීමේ සත්‍ය යටපත් කරමින් ශී‍්‍ර ලංකාවාසි බෞද්ධ ජනතාවගේ ප‍්‍රතිරූපය කෙළසන එමෙන්ම අපකීර්තියට හා අවමානයට ලක්කරන ප‍්‍රචාරක යුද්ධයක් දියත් කර ඇත. ආණ්ඩුවේ අධිකරණ අමාත්‍ය මුස්ලිම් කොංග‍්‍රස් නායක රාවුෆ් හකීම් මහතා මෙයට මූලික වී කටයුතු කළ අතර කිහිපදෙනෙක් හැරුණු කොට සෙසු මුස්ලිම් නායකයින් බොහෝමයක් බෞද්ධ ජනතාවට එරෙහිව බොරු බේගල් පතුරවමින් ඇත. ජාත්‍යන්තර මාධ්‍ය ආයතන වලට සම්මුඛ සාකච්ඡ ලබාදෙමින් බෞද්ධ ත‍්‍රස්තවාදයක් අන්තවාදයක්් පිළිබඳ ප‍්‍රචාර දියත් කරමින් ශී‍්‍ර ලංකාවාසි බෞද්ධ ජනතාවගේ ප‍්‍රතිරූපය කෙළසමින් අවමානයට ලක්කරමින් ඇත. මෙම සිදුවීමේ සත්‍ය තත්වය රටටත්, ලෝකයටත් වසන්කරමින් විද්්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය තුළ කරනු ලැබු නිල හෝ නොනිලවාරණය මෙයට හේතු වූ බව ඔබතුමාට කාරුණිකව මතක්කර දීමට කැමැත්තෙමි. මෙම සිදුවීම සම්බන්ධව නීතිය කි‍්‍රයාත්මක වන ආකාරයේ ඒකපාර්ශික ස්වභාවය පිළිබඳව ද අප බලවත් සිත්තැවුලට පත්ව සිටින්නෙමු.

අනුබුදු මිහිඳු මාහිමියන් ශී‍්‍ර ලංකාවට වැඩමකර බුදුදහම ප‍්‍රතිෂ්ඨාපනය කළ පොසොන් පොහෝය දින දර්ගා නගරයේ දී මුස්ලිම් තරුණයින් පිරිසක් භික්‍ෂූන්වහන්සේ නමකට පහරදීමේ සිද්ධිය බෞද්ධ ජනතාවට කොතරම් සංවේදී බරපතල කරුණක් ද? ඒ පිළිබඳව ඔබතුමත් ඔබතුමාගේ පාලනයේ මාධ්‍ය අධිකාරියත් කටයුතු කළ ආකාරය අපතුළ ඇති කරන්නේ බලවත් කනස්සල්ලකි. මේ සිදුවීම දේශීය වශයෙන් පමණක් නොව විදේශීය වශයෙන් ද මාධ්‍ය තුළ යටපත් කිරීම නිසා මෙහි සත්‍ය තත්වය ලෝකයට වසන්කිරීම නිසා බෞද්ධ ජනතාවත් භික්‍ෂූන්වහන්සේලාත් චේතාන්විතව හා සැළසුම් සහගතව වැරදිකරුවන් කර ඇත. මෙම භික්‍ෂූන්වහන්සේට පහරදීමේ වරද සම්බන්ධයෙන් භික්‍ෂූන්වහන්සේලාගෙන් හා බෞද්ධ ජනතාවගෙන් නිහතමානීව සමාව ගැනීමට එකදු මුස්ලිම් දේශපාලන නායකයෙකු හෝ ආගමික නායකයෙකු ඉදිරිපත් වූයේ නැත.

මෙම සිදුවීමෙන් පසු රටපුරා බෞද්ධ ජනතාව බියවද්දමින් හිරිවට්ටමින් වාරණ නියෝග දමමින් පන්සල් වල දායකසභා රැස්වීම් වලට පොලිස් ඔත්තුකරුවන් යොදවමින් බුද්ධි අංශ මෙහෙයුම් දියත් කරමින් රටේ නීතීය බෞද්ධයන් හඹා යන දඩයමක් බවට පත්කර ඇත.

අලූත්ගම පැවැත් වූ බොදු සමු`ඵව සම්බන්ධයෙන් රහස් පොලීසිය එම සමුඵව ඇමතු කථිකයින් ගෙනවිත් පැය ගණන් ප‍්‍රශ්න කර ඇතිමුත් එම දිනයේ දර්ගා නගරයේ මහපල්ලියට තුන්දහසකට ආසන්න මුස්ලිම් ජනතාවක් රැස්වූයේ කෙළසද? ඔවුන් අතට පොලූ, මුගුරු, කඩු, පෙට‍්‍රල් බෝම්බ, ආයුධ ආවේ කෙසේදැයි යන්න පිළිබඳවත් එයට නායකත්වය දුන් පිරිස පිළිබඳවත් පහරදීම් ආරම්භ කළේ කවුද යන්න පිළිබඳවත් සොයාබැලීමක් හා ප‍්‍රශ්න කිරීමක් සිදුකර නැත. එදින දර්ගා නගරයේ දී සන්නද්ධ මුස්ලිම් මැරවරයන් විසින් බෞද්ධ භික්‍ෂූවකට සිහි නැතිවන තුරු පහරදුන් අතර ඒ පිළිබඳව මෙතෙක් නීතිය කි‍්‍රයාත්මක වී නැත. රටටත් බෞද්ධ ජනතාවටත් ආණ්ඩුවටත් එරෙහිව අධිකරණ අමාත්‍ය රවුෆ් හකීම් කරනු ලැබු ප‍්‍රකාශ සම්බන්ධවත් සෙසු මුස්ලිම් නායකයින් කි‍්‍රයාකළ ආකාරය පිළිබඳවත් සොයා බැලීමක් හෝ නීතිය හමුවට ගෙන ඒමක් සිදුවී නැත. ආණ්ඩුවේ නිහ`ඩ පිළිවෙත නිසා මේ රටේ බහුතර බෞද්ධ ජනතාව ඔබතුමාගේ පාලනය යටතේ ජාත්‍යන්තර වශයෙන් විශාල අවමානයකට හා අපකීර්තියට පත්වී ඇත. මෙම සිදුවීමේ සත්‍ය යටපත් කළේ කාගේ උවමනාවකට ද? රජයේ මාධ්‍ය අධිකාරිය ඒකාපාර්ශීකව බෞද්ධයන්ගේ හඩ යටපත් කළේ කවර කරුණු හේතුකොට ගෙනද? ඒ හා සම්බන්ධව නියෝග දුන් නිලධාරින් කවුද?

අද වනවිට ශී‍්‍ර ලංකාවේ බෞද්ධ ජනතාවට එරෙහිව නොබෙල් සාම ත්‍යාගලාභී දළයි ලාමාතුමා මුස්ලිම් ප‍්‍රජාවට එරෙහි ප‍්‍රචණ්ඩ කි‍්‍රයා නැවැත්විය යුතු බවට ප‍්‍රකාශ නිකුත්කර ඇත. දළයි ලාමාතුමා ගේ මේ පදනම් විරහිත ප‍්‍රකාශයට එරෙහිව ගත් කි‍්‍රයා මාර්ගය කුමක්ද? ශී‍්‍ර ලංකාව පිළිබඳව සාවද්‍ය තොරතුරු පදනම් කරගෙන ශී‍්‍ර ලංකාවේ ප‍්‍රතිරූපයත් බෞද්ධ ජනතාවගේ ගෞරවයත් කෙළසන ලෙස මෙවැනි ජාත්‍යන්තර මට්ටමින් ව්‍යාපාරයක් ගෙන යාමට හේතුවන්නේ මෙම සිදුවීමේ සත්‍ය රටටත් ලෝකයටත් ඔබේ පාලනය යටතේ වසන් කිරීම නිසාය. බෞද්ධ ජනතාවට එරෙහි නිල හා නොනිල වාරණයත් නීතිය හා බිය වැද්දීම් නිසා බව ඔබතුමා වෙත දැනුම් දෙන්නේ බලවත් වේදනාවෙනි. නිවැරදි තොරතුරු හා සාධක යටපත් කිරීම නිසා ශී‍්‍ර ලංකාවේ බෞද්ධ ජනතාවත් භික්‍ෂූන්වහන්සේලාත් අන්තවාදීන්, ත‍්‍රස්තවාදීන් ලෙස හංවඩු ගැසී ඇත. එයට අවශ්‍ය මාධ්‍ය අනුබලය ඔබතුමාගේ පාලනය යටතේ සිදුවීමත් ශී‍්‍ර ලංකාවේ බෞද්ධ ප‍්‍රතිරූපය විනාශවීමත් අපතුළ ඇති කරන්නේ විශාල සිත්තැවුලකි.

ශී‍්‍ර ලංකාවට එරෙහිව ජාත්‍යන්තර කුමන්ත‍්‍රණයක් මෙහෙයුමක් ඇතිබව වටහාගැනීමට අපට සිහිබුද්ධිය ඇත. එහෙත් එම කුමන්ත‍්‍රණයට පිටුබලය, අනුබලය සැපයෙන්නේ කොතනින්දැයි පියවි සිහියෙන් සම්මා සතියෙන් විමසා බලන ලෙසත් බෞද්ධ ජනතාවට ඔබතුමාගේ පාලනය යටතේ මෙවැනි අවමානයක් සිදුවීම වළක්වාගැනීම සඳහා රාජ්‍ය මාධ්‍ය රාජතාන්ති‍්‍රක හා තානාපති සේවාවන් මේ පිළිබඳව සංවේදීව හා අවධානයෙන් කටයුතු කර දැන්වත් ඊනීයා ආගමික සංහිඳියාවේ සහජීවනයේ නාමයෙන් බෞද්ධයන්ගේ හඩ යටපත් නොකරන ලෙස මෙත්සිත් පෙරදැරිව මෙම ලිපිය ඔබතුමාවෙත යොමු කරමි.

තෙරුවන් සරණය..!
ආචාර්ය පූජ්‍ය  ඕමල්පේ සෝභිත නාහිමි, නායක, ජාතික හෙළ උරුය
http://lankacnews.com/sinhala/news/118869/

Pic Source

http://denethharinna.blogspot.com/2014/06/blog-post_17.htmlඅහිංසක මුසලු අන්තවාදී පහරින් සිහල ගෙවල් දොරවල් සුන්... ගිනිබත්...! අලුත්ගමදී හානි වූ සිහළුන්ගේ දේපළ 4http://denethharinna.blogspot.com/2014/06/4_19.html මොහොමඩ් සිද්දික්‌ බේරුවල තමන්ගෙ කඩයටම ගිනි තබාගෙන. පොලිස් නිළ සුනඛයා හඳුනාගනී!http://denethharinna.blogspot.com/2014/06/blog-post_4708.htmlඅලූත්ගම ජුම්මා මුස්ලිම් පල්ලිය අසලින් පෙට‍්‍රල් බෝම්බ 18ක් හමුවේ. කලින් බෝම්බ 56ක් හමු උනා. මූසලු සාමයට ජයවේවා!http://denethharinna.blogspot.com/2014/06/18-56.html
http://denethharinna.blogspot.com/2014/06/56.html
අහිංසක දර්ගා මුසලුවන් ලඟ පෙට්‍රල් බෝම්බ 17ක්
]

0 comments: