Pages

Wednesday, July 2, 2014

මුස්‌ලිම් හා බටහිර වෙනුවෙන් අහිංසක සිංහලන් අත්අඩංගුවට නොගෙන, අලුත්ගම සිද්ධිවලට BBS සම්බන්ධ නම් මා අත්අඩංගුවට ගන්න - ඥානසාර හිමි

අලුත්ගම ධර්ගා නගරය ගැටුමට මුල බොදුබල සේනා සංවිධානය නම් තමන් වහන්සේ අත්අඩංගුවට ගන්නා ලෙස එම සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්‌ඩිත ගලගොඩඅත්තේ ඥණසාර හිමියෝ ඊයේ (01 වැනිදා) රජයෙන් ඉල්ලා සිටියහ.

මුස්‌ලිම් ලෝකය හා බටහිර ලෝකය සැනසීම වෙනුවෙන් වැරදි නොකළ සිංහල තරුණයන් බුරුතු පිටින් අත්අඩංගුවට ගැනීම වහා නතර කර අත්අඩංගුවට ගත් තරුණයන් නිදහස්‌ කරන ලෙසත් උන්වහන්සේ ඉල්ලීමක්‌ කළහ.

බෞද්ධ සමාජයට සහ බොදු බලයට අතපෙවීමට විත් විහින් නැහෙන්න එපා යෑයි ආණ්‌ඩුවට, විපක්‍ෂයට හා අනෙකුත් සංවිධානවලට සිහිපත් කරන බව අවධාරණය කළ ඥනසාර හිමියෝ තම සංවිධානයට ද ඉවසීමේ සීමාවක්‌ ඇතැයි කියා සිටියහ.

වරදක්‌ නොකළ තරුණයන් අත්අඩංගුවට ගැනීමේ ක්‍රියාවලිය නතර නොකළහොත් රට පුරා තව නොයෙක්‌ සිදුවීම් විය හැකි බවට අනතුරු හැඟවූ උන්වහන්සේ තම සංවිධානයට ඇත්තේ හදවතේ පවතින සත්‍ය කතා කිරීමේ එකම න්‍යාය පත්‍රය පමණක්‌ බවත් සඳහන් කළහ.

ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ ඊයේ (01 වැනිදා) එම අදහස්‌ පළ කළේ කිරුළපන බෝධි බෞද්ධ මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස්‌ දක්‌වමිනි.

සිරිමන්ත රත්නසේකර
http://www.divaina.com/2014/07/02/news02.html

1 comments:

Unknown said...

හ්ම්............... ඕක අපිත් මුල ඉදන්ම කියනවා. ඒක හැමෝමත් දන්නවා. ඒත් ඒක කරන්න තරම් කොන්දක් තියෙන එකෙක් වත් ලංකාවේ නැති එක තමයි ප්‍රශ්ණය...