Pages

Saturday, July 12, 2014

පැකට්‌ටුවෙන් සියයට 60 ක්‌ රූප අවවාදවලට සිගරැට්‌ සටනින් ඇමැති දිනුම්!

2015 ජනවාරි 31 වැනිදා සිට නීතිය අකුරටම ක්‍රියාත්මකයි 

දුම්බීම ශරීර සෞඛ්‍යයට හානිදායක බව දක්‌වන රූපමය අවවාද සඳහා සිගරැට්‌ පැකට්‌ටුවක මතුපිට ඉඩ ප්‍රමාණයෙන් 60% ක්‌ද වෙළෙඳ ලකුණ ප්‍රදර්ශනය කිරීම සඳහා 40% ක්‌ද වන සේ පැකට්‌ටුව සකස්‌ විය යුතු යෑයි සෞඛ්‍ය ඇමැති ගැසට්‌ නිවේදනයකින් ප්‍රකාශයට පත් කළ රෙගුලාසිය 2015 ජනවාරි 31 දා සිට අකුරටම ක්‍රියාත්මක විය යුතු යෑයි ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (11 වැනිදා) නියෝග කළේය.

දැනට වෙළෙඳපොළට නිකුත් කර ඇති හා ලංකා දුම්කොළ සමාගමේ ගබඩා කර ඇති සිගරැට්‌ පැකට්‌ටු ළඟ තබා ගැනීමට 2015 ජනවාරි 31 සිට ඉදිරියට මාසයක සහන කාලයක්‌ ලබා දුන් ශ්‍රේෂ්ඨාධිකරණය එම කාලසීමාව ඇතුළත ඒවා සියල්ල අලෙවි කොට අවසන් කිරීම හෝ වෙළෙඳපොළෙන් ඉවත් කිරීමට වග බලා ගත යුතු යෑයි ද වැඩිදුරටත් නියෝග කළේය. ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (11දා) එකී නියෝග නිකුත් කළේ මෙම නඩුවේ පාර්ශ්වකරුවන් වන ලංකා දුම්කොළ සමාගම, සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන එම සමාගමේ නිෂ්පාදන අලෙවි කිරීමේ හා බෙදා හැරීමේ නියෝජිතයන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් දීර්ඝ වේලාවක්‌ සාකච්ඡා කිරීමෙන් පසුව ඇතිකර ගත් එකඟතාවයකින් පසුවයි.

දුම්බීම ශරීර සෞඛ්‍යයට අහිතකර බව දක්‌වන රූපමය අවවාද සඳහා සිගරැට්‌ පැකට්‌ටුවල මතුපිට ඉඩකඩවලින් 50% ත් 60% ත් අතර ප්‍රමාණයක්‌ හා වෙළෙඳ ලකුණු ප්‍රදර්ශනය කිරීමට 40% ක්‌ වන සේ 2014 ජුලි 31 වනවිට සිගරැට්‌ පැකට්‌ටුව සකස්‌ වී තිබිය යුතු යෑයි මෙම නඩුව මුලින්ම විභාග කළ අභියාචනාධිකරණය නියමකර තිබුණි. සෞඛ්‍ය ඇමැතිවරයා ඉහත කී ගැසට්‌ නිවේදනය සකස්‌ කළේ අභියාචනාධිකරණය දුන් නඩු තීන්දුවට අනුවයි.

අභියාචනාධිකරණය දී තිබූ කාල සීමාව කොහෙත්ම ප්‍රමාණවත් නැතැයි ලංකා දුම්කොළ සමාගම හා එම සමාගමේ අලෙවි නියෝජිතයන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු ඊයේ (11 දා) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ දැඩි ලෙස ප්‍රකාශ කර සිsටියහ. අගවිනිසුරු මොහාන් පීරිස්‌, රෝහිණී මාරසිංහ, සිසිර ද ආබෲ යන ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ අදාළ නඩු සියල්ල ඊයේ (11දා) කැඳවන ලදී.

තවත් ඉදිරියට ගෙන යන්නේ නැතිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඇති නඩු ඉල්ලා අස්‌කර ගැනීමටද නීතිඥවරු එකඟත්වය ප්‍රකාශ කළහ.

මෙම ප්‍රශ්නය උඩ තවත් නඩු කිසිවක්‌ නොපවරන බවටද ලංකා දුම්කොළ සමාගම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට පොරොන්දු විය.

ජනාධිපති නීතිඥ අලි සබ්රි, ලංකා දුම්කොළ සමාගම වෙනුවෙන් ද ජනාධිපති නීතිඥ නයිජෙල් හැච් මහතා ලංකා දුම්කොළ සමාගමේ අලෙවි නියෝජිතයන් වෙනුවෙන්ද පෙනී සිටියහ. නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සංජය රාජරත්නම් මහතා සෞඛ්‍ය ඇමැති වෙනුවෙන් පෙනී සිටි අතර ජනාධිපති නීතිඥ මනෝහරා ද සිල්වා මහතා දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය වෙනුවෙන් පෙනී සිටියේය.

ලංකා දුම්කොළ සමාගම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ගියේ අභියාචනාධිකරණය දුන් නඩු තීන්දුවට එරෙහිව දුම්පානය ශරීර සෞඛ්‍යයට හානිදායක යෑයි දක්‌වන වැකි සහ රූපවලට කිසිම ඉඩක්‌ ලබා නොදිය යුතුයි කියා සිටිමිනි.

සරත් ධර්මසේන
http://www.divaina.com/2014/07/12/news03.html

Pic Source

සබැඳි ලිපි කිහිපයක් -
[

සිගරැට්‌ පැකට්‌ටුවේ රූපමය අවවාද නඩු තීන්දුවට එරෙහිව දුම්කොළ සමාගම් ශ්‍රේෂ්ඨාධිකරණයටhttp://denethharinna.blogspot.com/2014/05/blog-post_1183.htmlසිගරැට්‌ පැකට්‌ටුවේ රූපමය අවවාද - 80% ඉලක්කයට යමු!http://denethharinna.blogspot.com/2014/05/80_17.htmlඋණ සෙම්ප්‍රතිෂ්‍යාව තරමටම පිළිකා රෝගයත් වර්ධනය වෙලා. තර්ජනවලට බයේ දුම්වැටියට එරෙහි සටන නවත්වන්නේ නැහැ - මෛත්‍රිපාලhttp://denethharinna.blogspot.com/2014/05/blog-post_8960.htmlසිගරැට්‌ රූපමය අවවාදය : අධිකරණ තීන්දුව ගැන මා තෘප්තිමත් නැහැ. 80% දිනනතුරු සටන අතහරින්නේ නැහැ - මෛත්‍රිපාලhttp://denethharinna.blogspot.com/2014/05/80.htmlමාරක දුම්කොල සමාගම් වෙනුවෙන් නි.ඇමති මුස්තාපා සමඟ බහුතර මුසලු නීතීඥයන් - දුම්වැටි රූපමය අවවාද - 80% ඉල්ලීම ඉවතට. 50-60% අවසරhttp://denethharinna.blogspot.com/2014/05/50-60.html
ගැහැට දුක්‌ මැද්දෙන් සිගරැට්‌ පැකට්‌ටුවට රූපමය අවවාද එයි!
http://denethharinna.blogspot.com/2014/02/blog-post_4342.htmlරට රැකුණේ මහා සංඝරත්නය නිසා - මතින් තොර සමාජයක්‌ යටතේ සඟ රුවනට සුව දැහැත් වට්ටියක් - මෛත්‍රීhttp://denethharinna.blogspot.com/2014/02/blog-post_5164.htmlඑංගලන්තයේ සහ ඇමෙරිකාවේ සුදු මහත්වරුන්ට අයිති සමාගම් අපේ අධිකරණයට ඇවිල්ලා සාකච්ඡා කරනවා. ගැසට් නිවේදනයට දෙයියන්ගේ පිහිටයි – මෛත‍්‍රීhttp://denethharinna.blogspot.com/2013/11/blog-post_5398.htmlදුම්කොළ අධිරාජ්‍යයේ යටත්වැසියන් වන අපි...http://denethharinna.blogspot.com/2013/11/blog-post_9187.htmlමේ ලෝකෙ පාලනය කරන්නෙ දේශපාලකයෝ නොවේ, බහු ජාතික සමාගම්! - මතට එරෙහි සටනේ රජරට විරුවා මෛත්‍රිපාලhttp://denethharinna.blogspot.com/2013/10/blog-post_8370.html80%ක් දුන්නොත් වෙළඳ ලකුණ පේන්නෙ නැහැලු. නියෝගය ඉවත්කරන්න. මුස්තාපාගෙන් ගල් පැලෙන තර්ක. සිගරට් සමාගම් වෙනුවෙන් ෆායිස් මුස්තාපා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලයි. 80% නියෝගය ශේ්‍රෂ්ඨාධිකරණය අත්හිටුවයි!http://denethharinna.blogspot.com/2013/09/80-80-80.htmlසිගරැට්‌ පැකට්‌වල රූපමය අවවාද ප්‍රදර්ශනය කිරීම ඉක්‌මන් කරන්න - ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_5670.htmlහැම අතකම සිගරැට්‌ - ඇත්ත සඟවන දුම්වැටි මාෆියාව - දිවයින කතුවැකියhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_9229.htmlදුම්වැටි විරෝධී සටන ජාතික අරගලයක් කරන සටනේ නායකයා මමයි - රටරටින් බිහිවූ දෙවන විශිෂ්ට මෛත්‍රීපාලයන්http://denethharinna.blogspot.com/2013/09/blog-post_6542.html
]

0 comments: