Pages

Saturday, July 12, 2014

ඉස්ලාමික රාජ්‍යය ඉස්ලාමික පූජ්‍යස්ථාන වනසයි

ඉස්ලාමික රාජ්‍යය හෙවත් ISIS සංවිධානයට අයත් ටක්ෆිරි සටන්කාමීන් විසින් ඉරාකයේ නිනවේ ප‍්‍රාන්තයේ ඉස්ලාමික පූජ්‍යස්ථාන ගණනාවක් විනාශ කර දමා ඇතැයි වාර්තා වේ.

ඉස්ලාමික රාජ්‍යය විසින් පාලනය කරන උතුරුදිග නිනවේ ප‍්‍රාන්තයෙන් පලා එන ජනතාව පවසා ඇත්තේ මොසුල් සහ ටල් අෆාර්හි ඇති ආගමික සිද්ධස්ථාන විශාල ප‍්‍රමාණයක් මෙලෙස වනසා ඇති බවයි.

ටක්ෆිරි සටන්කාමීන් විසින් ප‍්‍රසිද්ධියට පත්කර ඇති ඡයාරූප හා වීඩියෝවලද සුන්නි සහ ෂියා නිකායික දේවස්ථාන පුපුරුවා හැරීම සහ ඩෝසර් කිරීම දැක්වේ.

නවතම වාර්තාවලට අනුව සටන්කාමීන් විසින් සුන්නි හෝ සුෆි ආගමික ශාස්තෲවරුන්ගේ දේවස්ථාන 4ක් පමණ විනාශ කර ඇති අතර ෂියා දේවස්ථාන 6ක් බිමට සමතලා කර ඇත.

ප‍්‍රදේශවාසීන් පවසා ඇත්තේ  ඕතොඩොක්ස් දේවස්ථාන දෙකක් අත්පත් කරගත් ටක්ෆිරි කැරලිකරුවන් විසින් ඒවායේ කුරුසි ගලවා දමා සිය සංවිධානයේ කළු පැහැති ධජ ඔසවා ඇති බවයි.

මින් පෙර කිතුණු දේවස්ථාන ගණනාවක්ද ඔවුන් විසින් විනාශ කර දැමූ බව වාර්තා විය.  ඉස්ලාමික රාජ්‍යය විසින් ඉරාකයේ ඇති සියලූ ආගමික ඓතිහාසික සිද්ධස්ථාන විනාශ කර දැමීම සඳහා නියෝගයක් පණවා ඇති බවද පැවසේ.

මොසුල් නගරයේ පිහිටා තිබූ මධ්‍යකාලීන දාර්ශනිකයකුගේ සොහොනක් ඇතුළු ඉරාකයේ ඓතිහාසික උරුමය විදහා දක්වන ස්ථාන ගණනාවක් මේ වන විටත් විනාශ කර ඇතැයි වාර්තා වේ.

මෙසටන්කාමීන් ඊශ‍්‍රායලයේ සහ සවුදි අරාබියේ සහයෝගය මත ක‍්‍රියාත්මක වන බව ඉරාක රජය චෝදනා කර ඇත.

http://lankacnews.com/sinhala/foreign-news/118876/

Pic Source

සබැඳි ලිපි -
[
දෙවියන් මැවූ ලෝකයේ දෙවියන්ගේම නොමිනිසුන් මරාගනිති. ISIS ත්‍රස්‌තයෝ ඉරාකයේ මුස්‌ලිම් පල්ලි විනාශ කරති!http://denethharinna.blogspot.com/2014/07/isis.html
]

0 comments: