Pages

Thursday, July 10, 2014

කොන්ද පණ ඇති භික්ෂු නායකයෙක් ඕනෑ - වනවාසී රාහුල හිමි

මෙතෙක් මේ රටේ කොන්ද කෙළින් භික්ෂු නායකත්වයක් බිහිවී නැතැයි ජාතික නාමල් උයන නිර්මාතෘ වනවාසී රාහුල හිමියෝ පවසති.

සිය 60 වැනි ජන්ම දිනය සමරා ජාතික නාමල් උයනට යාබද පුබ්බෝගම ගම්මානයේ පිහිටි ටිකිරි පෙර පාසලේ දරුවන් සදහා භාණ්ඩ ප‍්‍රදානය කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් උන්වහන්සේ එසේ පැවසූහ.

උන්වහන්සේ එහිදී වැඩිදුරටත් අදහස් පල කරමින් මෙසේද කීහ.

‘වර්තමානයේ බෞද්ධ භික්ෂූන් වහන්සේ සහ ගිහි බෞද්ධයා අතර ඇති වී තිබෙන මතගැටුම් මෙන්ම අර්බුදකාරී තත්ත්වයෙන් සමස්ත සංඝ සමාජයම ජාතික හා ජාත්‍යන්තර වශයෙන් විශාල අපකීර්තියකට පත්ව ඇති මොහොතක, සියලූම භික්ෂූන් වහන්සේලා නිකාය භේදයකින් තොරව ඒකරාශී වී පූර්ණ බල සහිත සංඝරාජ හිමිනමක් සහ සංඝාධිකරණයක් පත්කර ගැනීමට පෙරමුණ ගෙන ක‍්‍රියාකළ යුතු කාලය දැන් එළඹ තිබෙනවා.

බෞද්ධ භික්ෂූන් වහන්සේගේ කාර්යභාරය බොහෝයි. ඒ අනුව කොන්ද කෙළින් තියෙන කිසිදු භික්ෂු නායකත්වයක් තවම මේ රටේ පහළ වී නැහැ. ඒක රටේ මෙන්ම සිංහල බෞද්ධයාගේ අවාසනාවක්. ඒ නිසා අණසක පවතින සංඝරාජ හිමිනමක් පත්කර ගන්න කටයුතු කළ යුතුයි.ඒ යුගයේ අවශ්‍යතාවයි. එවිට මේ රටේ භික්ෂූන් වහන්සේලා අතර ඇතිවෙමින් පවතින විනය පිරිහීම හා නිකාය භේදය ආදිය සමනය කරමින් බුද්ධාගම සුරක්ෂිත කොට පෝෂණය කිරීම සදහා රාජ්‍ය පාලකයන් අතර වගකිව යුතු අංශ වල වැඩි අවධානයක් යොමුකරවා ගැනීමට හැකිවේවි. මේ රටේ සංඝරත්නය දැන් සිදුකළ යුත්තේ පාලකයන්ගේ වරදාන වරප‍්‍රසාද වලට ගිජුව සමාජ හා ආගමික වගකීමෙන් බැහැරව පාලකයන් සතුටු කිරීම නොව පාලකයන් නිසි මගට හා ප‍්‍රායෝගික වැඩපිළිවෙළකට යොමුකිරීමයි’

http://lankacnews.com/sinhala/news/118831/

0 comments: