Pages

Saturday, July 12, 2014

දෙමළ හෙදියන්ට සියලු වරදාන! වවුනියාව රෝහලේ සිංහල හෙදියන්ට පාලන අධිකාරියෙන් කුඩම්මාගේ සැලකිලි

වවුනියාව මහ රෝහලේ සිටින සිංහල හෙදියන්ට කාලයක සිට පාලන අධිකාරියෙන් කෙරෙන කුඩම්මාගේ සැලකිලි මේ වනවිට වැඩි වී ඇතැයි හෙදියන් පිරිසක්‌ "දිවයින"ට පැවැසීය.

වවුනියාව මහ රෝහල තුළ සේවයේ යොදවා සිsටින සිංහල හෙදියන් සංඛ්‍යාව වැඩිවීමත් සමගම පාලන අධිකාරිය සිංහල හෙදියන්ව සෑම අංශයකින්ම යටපත් කිරීමට පියවර ගැනීම නිසා මේ වනවිට වවුනියාව මහ රෝහල තුළ අර්බුදකාරී තත්ත්වයක්‌ හටගෙන තිබේ.

දෙපාර්තමේන්තු මට්‌ටමින් හා අමාත්‍යාංශ මට්‌ටමින් හෙදියන්ට ලැබෙන පුහුණු සම්මන්ත්‍රණ වැඩසටහන් හා ශිෂ්‍යත්වවලදී සිංහල හෙදියන් සම්පූර්ණයෙන්ම ඉවත් කොට දෙමළ හෙදියන් පමණක්‌ ඒවාට සහභාගි කරවීමට වවුනියාව මහ රෝහලේ පාලන අධිකාරිය කටයුතු කොට තිබේ. මේ තත්ත්වය නිසා වසර ගණනාවක්‌ තිස්‌සේ වවුනියාව මහ රෝහලට කොටු වී සිටින සිංහල හෙදියන්ට නවදැනුම, තාක්‌ෂණ හා ක්‍රම ශිල්ප පිළිබඳව කිසිදු පුහුණුවක්‌ නොමැතිව ළිදේ සිටින මැඩියන් මෙන් සිටීමට සිදුව තිබේ.

මීට අමතරව අතිකාල දීමනා ලබාදීමේදීද, සේවාමුර ලබාදීමේදීද, වෙනත් සුබදායක පහසුකම් ලබාදීමේදීද සිංහල හෙදියන් කොන් කෙරෙන අතර ඇතැම් දෙමළ හෙදියන්ට සේවා මුරයට වාර්තා කොට නිවසේ යම් යම් පෞද්ගලික වැඩකටයුතු කිරීම සඳහා රෝහලෙන් බැහැරව යැමටද අවස්‌ථාව හිමි වී තිබේ. 

මේ තත්ත්වය නිසා කිසිදු අමතර දීමනාවකින් තොරව දෙමළ හෙදියන්ගේ සේවා කටයුතු ආවරණය කිරීමට සිංහල හෙදියන්ට සිදුව තිබේ.

දිනසේන රතුගමගේ 
http://www.divaina.com/2014/07/12/provin05.html

Pic Source

0 comments: