Pages

Tuesday, July 22, 2014

ජිහාඩ් ගොබෙල්ස්‌වාදයෙන් රට රැක නොගතහොත් සෑම ශ්‍රී ලාංකිකයෙකුටම ලේ වලින් වන්දි ගෙවන්න සිදුවීම අනිවාර්යයි - චම්පික

මෙරට මුස්‌ලිම් කාන්තාවන්ට නිදහස්‌ අධ්‍යාපනය හා නිදහස්‌ ඡන්ද අයිතිය හිමිවූයේ බෞද්ධ භික්‍ෂූන්ගේ කැපවීම මත බව තාක්‍ෂණ හා පර්යේෂණ ඇමැති පාඨලී චම්පික රණවක මහතා සඳහන් කළේය.

ඒ වෙනුවෙන් මුස්‌ලිම් නායකයින් ඉදිරිපත් නොවූ බවත් සඳහන් කළ ඇමැති පාඨලී චම්පික රණවක මහතා බියවැද්දීම්වලට හසුවී අන්තවාදයේ ගොදුරු බවට පත්නොවන්නැයි මුස්‌ලිම් ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් කියා සිටියේය.

ඇමැති පාඨලී චම්පික රණවක මහතා පෙරේදා (20 වැනිදා) එම අදහස්‌ පළ කළේ මහාචාර්ය වල්පොල රාහුල හිමියන්ගේ ගුණානුස්‌මරණය වෙනුවෙන් ධර්ම විජය පදනම් ශ්‍රවණාගාරයේදී පැවැති උත්සවයකට එක්‌ වෙමිනි.

මෙහිදී වැඩිදුටත් අදහස්‌ දැක්‌වූ ඇමැති පාඨලී චම්පික රණවක මතා මෙසේද පැවැසීය.

මෙරට බෞද්ධ භික්‍ෂූන් වහන්සේලා අති විශාල ජයග්‍රහණ ගණනාවක්‌ මේ රටට ලබා දී තිබෙනවා. විශේෂයෙන්ම අවිහිංසාවාදී අරගලය මගින් ජනතාව තුළ ජාතිය ආගම හා ශාසනය පිළිබඳ අළුත් කැක්‌කුමක්‌ ඇතිකර වාද විවාද මගින්, තර්කය මගින් ප්‍රතිවාදීන් දණ ගස්‌සවා ඉදිරියට යන්න උන්වහන්සේලා අපට මඟක්‌ පෙන්වා දුන්නා. මෙරට නිදහස්‌ අධ්‍යාපනය, නිදහස්‌ සෞඛ්‍ය සේවය හා නිදහස්‌ ඡන්ද ක්‍රමය වෙනුවෙන් අපේ ස්‌වාමීන් වහන්සේලා කළ සේවය අනුපමේයයි. මෙරට නිදහස්‌ සර්වජන ඡන්ද අයිතිය ලබාදීමට භික්‍ෂූන් වහන්සේලා ක්‍රියාකිරීම ඉතිහාසයේ මහා පෙරළියක්‌ කළ සිදුවීමක්‌ වුණා. එහිදී සිංහල භික්‍ෂූ වංශයේ කාර්ය භාර්ය තීරණාත්මකව වෙනස්‌ කළ චරිතයක්‌ ලෙස වල්පොල රාහුල ස්‌වාමීන් වහන්සේ හඳුන්වාදිය හැකියි.

මෙරට සර්වජන ඡන්ද ක්‍රමය හඳුන්වාදීමට සූදානම් වූ අවස්‌ථාවේ රටේ සම්ප්‍රදායික දේශපාලන පවුල්වල ජාතික නායකයන් යෑයි කියන හැම දෙනෙක්‌ම මෙම සර්වජන ඡන්ද අයිතියට එරෙහි වුණා. ජාතික සංගමයේ සිටි සේනානායකලා රාමනාදන්ලා සියලුම දෙනා සර්වජන ඡන්ද අයිතිය අපේ ජනතාවට ස්‌ත්‍රී පුරුෂ භේදයකින් තොරව කුල මල භේදයකින් තොරව ලැබෙනවාට විරුද්ධ වුණා. එකල මුස්‌ලිම් ව්‍යාපාර එකතුවී කාන්තාවන්ට ඡන්ද අයිතිය ලබානොදිය යුතු යෑයි විශාල විරෝධතා ව්‍යාපාරයක්‌ දියත් කළා. එම උත්සාහයද අපේ ස්‌වාමීන් වහන්සේලා මැදිහත් වී මැඬලීමට කටයුතු කළා.

ජාතික ව්‍යාපාරයේ තීරණාත්මක කඩඉම සකස්‌ කළේ වල්පොල රාහුල ස්‌වාමීන් වහන්සේයි. අද බුද්ධිමත් යෑයි කියනා පිරිස්‌, විශේෂඥ යෑයි කියනා පිරිස්‌ ප්‍රකාශ කරන්නේ භික්‍ෂු ශාසනයේ පිරිහීමට මුල් වූයේ වල්පොල රාහුල ස්‌වාමීන් වහන්සේ භික්‍ෂුවට දේශපාලනය කිරීම කැප යෑයි ලියූ කෘතියත්, විද්‍යාලංකාරයේ යක්‌කඩුවේ පරාම ස්‌වාමීන් වහන්සේ වැනි භික්‍ෂූන් වහන්සේලා ගෙනගිය අරගලයන් කියායි. එය අමූලික අසත්‍යයක්‌. ශ්‍රී ලාංකීය භික්‍ෂුවංශය සෑම අවස්‌ථාවකම රටේ ඒකීයභාවය හා රට රැකගැනීම සඳහා ධාර්මිකව ඉදිරිපත් වී තිබෙනවා. අපේ ඉංග්‍රීසි ජනමාධ්‍යවල, පුවත්පත්වල, වෙබ් අඩවිවල බොහෝ දෙනෙක්‌ අද බෞද්ධයන් කෝප ගැන්වීමට ඒ තුළින් ගැටුම් අවුළුවීමට උත්සාහ දරමින් සිටිනවා. අද මේ රට තුළ බෞද්ධ ත්‍රස්‌තවාදයක්‌ නැති බව බොහෝ දෙනෙක්‌ දන්නා නමුත් ඇතැම් අන්තවාදී මාධ්‍යවේදීන් උත්සාහ දරන්නේ බෞද්ධ ත්‍රස්‌තවාදයත්, භික්‍ෂු ත්‍රස්‌තවාදයත් අද මේ රට තුළ ඇති බව පවසමින් ජනතාව තුළ බියක්‌ පැතිරවීමටයි. අලුත්ගම සිදුවූ සිදුවීම නිවැරදිව වාර්තා නොවුන නිසා, වාර්තාකරණය කරන්න ඉඩ නොදුන් නිසා සහ යටපත් කරපු නිසා, අපේ මේ බෞද්ධ භික්‍ෂූන් වහන්සේ යක්‌ෂාවේෂ පිරිසක්‌ය යන මතය ලෝකය පුරා පතුරුවාලීමට මේ පිරිස්‌ කටයුතු කළා. අද ජනමාධ්‍යයත් හලාල් කරණයට ලක්‌වී තිබෙනවා. මුස්‌ලිම්වරුන්ට පක්‍ෂ නොවන ජනමාධ්‍ය වර්ජනය කිරීමට අද මුස්‌ලිම් ජනයා පෙළඹී තිබෙනවා. අද මේ සඳහා ශුරා, ජමියතුල්ලා උළෙයිමාන් වැනි කවුන්සිල බිහිවී තිබෙනවා. ජිහාඩ් ගොබෙල්ස්‌වාදයෙන් රට රැක නොගතහොත් අනාගතයේ සෑම ශ්‍රී ලාංකිකයෙකුටම ලේ වලින් වන්දි ගෙවන්න සිදුවීම අනිවාර්යයි.

අලුත්ගම වූ සත්‍ය සිදුවීම ලෝකයෙන් වසන්කොට බෞද්ධයන් ත්‍රස්‌තවාදී පිරිසක්‌ යෑයි මතවාදයක්‌ ඇති කිරීමට කටයුතු කිරීම ගැන අප කනගාටු විය යුතුයි. අද ජනතාව අතර ත්‍රස්‌තවාදයක්‌ පිළිබඳ අනිසි බියක්‌ ඇති කොට තිබෙනවා. කිසිම බෞද්ධ සන්නද්ධ ව්‍යාපාරයක්‌ මුස්‌ලිම් ජනයාට එරෙහිව නැති බව වගකීමෙන් ප්‍රකාශ කළ යුතුයි. මේ රටේ බෞද්ධ භික්‍ෂූන් වහන්සේලාගේ කැපවීම නිසා තමයි මේ රටේ මුස්‌ලිම් කාන්තාවන්ට නිදහස්‌ අධ්‍යාපනය ලැබීමට නිදහස්‌ ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්‌ථාව උදාවුණේ. ඒ සඳහා මේ රටේ කිසිම මුස්‌ලිම් නායකයෙක්‌ ඉදිරිපත් වුනේ නැහැ. සියයට 70% ක්‌ මුස්‌ලිම්වරු ජීවත්වන එක රටකවත් ආගමික නිදහස නැති අතර ඒ හැම රටකම ත්‍රස්‌තවාදය ක්‍රියාත්මක වෙනවා. සෑම ජාතිකයෙකුටම සාමකාමීව, සහජීවනයෙන් ජීවත්වීමට මේ රට තරම් අගනා රටක්‌ ලෝකයේ කොහේවත් නැහැ. බොරු බියවැද්දීම්වලට බය වී අන්තවාදයේ ගොදුරු බවට පත්නොවන ලෙස අප මුස්‌ලිම් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

සිරිමන්ත රත්නසේකර
http://www.divaina.com/2014/07/22/news18.html

Pic Source

http://denethharinna.blogspot.com/2014/06/4_19.html මොහොමඩ් සිද්දික්‌ බේරුවල තමන්ගෙ කඩයටම ගිනි තබාගෙන. පොලිස් නිළ සුනඛයා හඳුනාගනී!http://denethharinna.blogspot.com/2014/06/blog-post_4708.htmlඅලූත්ගම ජුම්මා මුස්ලිම් පල්ලිය අසලින් පෙට‍්‍රල් බෝම්බ 18ක් හමුවේ. කලින් බෝම්බ 56ක් හමු උනා. මූසලු සාමයට ජයවේවා!http://denethharinna.blogspot.com/2014/06/18-56.html http://denethharinna.blogspot.com/2014/06/56.html
අහිංසක දර්ගා මුසලුවන් ලඟ පෙට්‍රල් බෝම්බ 17ක්
]

2 comments:

Thelydiya said...

අපේ සිංහලයන්ගේ ඇස් අැරවන්න හරිම අමාරුයි. උන් ලාභ ප්‍රෙයා්ජන වලට අන්ධ වෙලා ඉන්නෙ. මම රැකියාව කරන්නෙ අරාබිකරයේ රටක. මෙහේ අපේ රටේ වගේ එක එක ආගම් වලට එක එක නීති නෑ. මමත් හැකිතරම් බේරුවල ඇත්ත අන්තර්ජාලයේ ප්‍රසිද්ධ කරනවා ජීවිතය පරදුවට තියලා. එහෙත් කරුමෙක මහත අපේම එවුන් මට නින්දා කරනවා ගරහනවා උන්ගෙන් කාල උන්ට බනිනවා කියල. මට බනින එවුන් විශ්වාස කරන්න කැමති නෑ මම කන්නෙ මම දාඩිය මහන්සිය වගුරවල කියල, මම සල්ලි ලංකාවට එවන්නෙ ලංකාවෙ විදේශ විනිමය හැටියට කියල. නොරට ඉන්න මංවගේ එවුන්ගෙ කොන්ද බිඳින්න හදන්නෙ අපේම සිංහල එවුන් වීම හරිම කණගාටුයි. මෙහේ ඉන්න ලංකාවෙ එවුන් ඇත්ත දන්නවා. මුන්ගෙ රටවල අපිට ආගමික නිදහසක් තියා රාමසාන් මාසෙ දවල්ට පාරෙ වතුර උගුරක් බොන්න වත් නිදහසක් නෑ. ඒකට කමක් නෑ. මේක උන්ගෙ රටනෙ. අපි රැකියා කරන්නෙ උන්ගෙ රටේ නිසා උන්ගෙ නීති අපි පිලිපදින්නම ඕන. ඒත් අපේ රට? හිතේ අමාරුවටමයි මේටික ලීවෙ. අපේ රටේන් මෙහෙට ආපු සිංහලයන්ගෙ කොන්ද බිඳින්න මෙහේ ඉන්න පිරිසක් සහ ලංකාවෙ ඉන්න පිරිසක් අපේ හිත් වලට වස විස දානවා. මේ සම්බන්ධයෙන් ලොකු වැඩසටහනක් අවශ්‍යතාවය මට දැනෙනවා. නැතිනම් අපි පිනට කාල, පිනට සල්ලි ලංකාවට එවුව වගේ.

අරාබිකරයේ ඉඳන් ලංකාවට මුදල් එවන අයගේ පවුල්වල මානසික මට්ටම ඉහලදාන වැඩපිලිවෙලකුත් අත්‍යාවශයයි. සිංහලයින් දැන්ම තියා සංවිධානය වීම එකමුතු වීම ඊටත් වඩා අත්‍යාවශයයි.

http://www.thelydiya.blogspot.com/2014/06/blog-post_20.html

http://www.thelydiya.blogspot.com/2014/07/blog-post.html

Unknown said...

kiyanna epa ban muslimwaru kiyalawath...ehenam demalawaru ha sinhalawaru th inna epai...muslim minissu,nathnam marakkala jathikayo...eka thama uparima ita wada pu__k denna nam ba