Pages

Friday, July 4, 2014

භික්ෂූන් වහන්සේලා සහ සිංහලයන් ඉස්ලාම් අන්තවාදයෙන් බැටකනවා. බේරුවල සිදුවීම ඔවුන්ගේ ක‍්‍රියාවක් - ධම්මානන්ද නාහිමි

ඉස්ලාම් අන්තවාදයක් මේ වන විට රටතුළ මතු වී තිබෙන බවත් භික්ෂූන් වහන්සේලා හා එම අන්තවාදයට එරෙහිව නැගී සිටින සිංහලයන් ඉන් දැඩි ලෙස පීඩාවට පත්ව සිටින බවත් අස්ගිරි පාර්ශ්වයේ කාරක සංඝ සභික මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.

උන්වහන්සේ මෙම අදහස් පල කලේ සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලන ශාලාවේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡවක් අමතමිනි.

ධම්මානන්ද නාහිමියෝ එහිදී මෙසේද පැවසූහ.

‘අද රටතුළ ගැටුම්කාරී වාතාවරණයක් ඇති වෙලා තිබෙනවා. රටේ ජාතියේ අනාගතය පිළිබදව අපි කරුණු පැහැදිලි කරදිය යුතුයි. භික්ෂූන් වහන්සේලාට බෞද්ධ ජනතාවට එල්ලවෙන හිරිහැර දිනෙන් දින වැඩිවෙලා තිබෙනවා. අපේ රට තුළ ඉතා පැහැදිලිව ඉස්ලාම් අන්තවාදයක් තිබෙනවා. විවිධ ප‍්‍රදේශවල මෙම පිරිස් සිටිනවා. බේරුවල සිදුවීම ඔවුන්ගේ ක‍්‍රියාවක්. ඉන් විනාශයට පත් වුණේ බෞද්ධ ජනතාවගේ නිවාසයි. නමුත් මාධ්‍යද මේවා නිවැරදිව වාර්තා කළේ නෑ.

භික්ෂූන් වහන්සේ නමක් යම් වරදකට හසුවුවහොත් ඒ පිළිබදව නම් ගම් හා උන්වහන්සේ වැඩසිටි විහාරස්ථානයේද විස්තර ඇතිව මාධ්‍ය වාර්තා කරනවා. කුඩුකාරයෙක්,අපරාධකරුවන් ගැනවත් එහෙම වාර්තා පළවන්නේ නැහැ.

මන්නාරමේ, විල්පත්තුවේ අද සිදුවන්නේ මොනවාද? අද මේ රටේ සිංහල බෞද්ධ පදනම විනාශ කරමින් තිබෙනවා. රජයේ බොහෝ ආයතන මේවාට උදව් කරනවා.

අපේ භික්ෂූන් වහන්සේලා රටතුළ සිදුවන මෙම විනාශය පිළිබදව හඩ නැගුවාම උන්වහන්සේලා වැරදිකරුවන්,අපරාධකරුවන් කරන්න හදනවා’

http://lankacnews.com/sinhala/news/118511/

http://denethharinna.blogspot.com/2014/06/blog-post_17.htmlඅහිංසක මුසලු අන්තවාදී පහරින් සිහල ගෙවල් දොරවල් සුන්... ගිනිබත්...! අලුත්ගමදී හානි වූ සිහළුන්ගේ දේපළ 4http://denethharinna.blogspot.com/2014/06/4_19.html මොහොමඩ් සිද්දික්‌ බේරුවල තමන්ගෙ කඩයටම ගිනි තබාගෙන. පොලිස් නිළ සුනඛයා හඳුනාගනී!http://denethharinna.blogspot.com/2014/06/blog-post_4708.htmlඅලූත්ගම ජුම්මා මුස්ලිම් පල්ලිය අසලින් පෙට‍්‍රල් බෝම්බ 18ක් හමුවේ. කලින් බෝම්බ 56ක් හමු උනා. මූසලු සාමයට ජයවේවා!http://denethharinna.blogspot.com/2014/06/18-56.html
http://denethharinna.blogspot.com/2014/06/56.html
අහිංසක දර්ගා මුසලුවන් ලඟ පෙට්‍රල් බෝම්බ 17ක්
]

0 comments: