Pages

Saturday, July 5, 2014

මේ රටේ ක්‍රියාත්මක බව කියන මුස්ලිම් අන්තවාදී සංවිධාන මොනවාද?

බේරුවල හා අලුත්ගම සිදුවීම් ගැන සිදුකරන පරීක්ෂණ තවම අවසන් නැත. මේ සිදුවීම් සමගින් යළිත් කරළියට පැමිණියේ අන්තවාදී සංවිධාන රට තුළ ක්‍රියාත්මක වන බවට ඇතිවෙමින් තිබූ මතවාදයයි. බොදු බල සේනාව ඇතුළු සංවිධාන අන්තවාදී සංවිධාන ලෙසින් හඳුන්වාදෙන්නේ මුස්ලිම් සංවිධානයි. ඒ අතරම ඇතැම් පිරිස් බොදු බල සේනාව ඇතුළු බෞද්ධ සංවිධානවලට ඇඟිල්ල දිගු කරන්නේ එම සංවිධානද අන්තවාදී සංවිධාන ලෙස හඳුන්වා දෙමිනි.

බොදු බල සේනාවේ මහ ‍ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් කලක සිටම කරන චෝදනාවක් වන්නේ මේ රට තුළ මුස්ලිම් අන්තවාදී සංවිධාන රැසක් රහසේ ක්‍රියාත්මක වන බවයි. උන්වහන්සේ මෙම චෝදනාව කරනුයේ කලකට ඉහත ජාත්‍යන්තර ‍පොලීසිය ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කර තිබූ අදහසක්ද පදනම් කරගනිමිනි. ලංකාව තුළ අන්තවාදීන් ක්‍රියාත්මක වන බවට ජාත්‍යන්තර ‍පොලීසිය මෙසේ කරුණු අනාවරණය කර තිබුණි. ඥානසාර හිමියන් පවසන්නේ එය ලංකාවේ අන්තවාදී සංවිධාන ක්‍රියාත්මක වන බව තහවුරු කරන පැහැදිලි සාක්ෂියක් බවයි.

“අන්තවාදී සංවිධානවල ක්‍රියාකාරීත්වය අපිට පැහැදිලි කරන්න පුළුවන්කම ලැබෙන්නේ මේ කලාපයේ සිදුවන දේ සමග එම තත්ත්වයන් විග්‍රහ කරන විටදීයි. ජාත්‍යන්තර ‍පොලීසිය විසින් ඉදිරිපත් කර තිබෙන කරුණු අනුවත් ලංකාවේ අන්තවාදීන් ක්‍රියාත්මක වන බව පැහැදිලියි. ජිහාඩ් මතවාදයන් පතුරවන වහාබ්වාදී ආගමික සංවිධාන මේ වන විට රට තුළ ක්‍රියාත්මක වෙනවා”ඥානසාර හිමියෝ පවසති.

ඥානසාර හිමියන්ගේ ඇඟිල්ල දිගුවන්නේ තවුෆික් ජමාඩ්, ජමාතේ ස්ලාම්, ඉහ්වාන් මුස්ලිම් වැනි සංවිධාන වෙතය. මෙම සංවිධානවල සාමාජිකයන් නොයෙක් අරාබි රටවල පුහුණුව ලබා ලංකාවට පැමිණෙන බවත්, මුස්ලිම් සමාජය ඔවුන්ගේ මතවාදයට ගොනු කරගැනීමට ඔවුන් සැලසුම් සහගතව කටයුතු කරන බවත් ඥානසාර හිමියෝ චෝදනා කරති. ඒ සඳහා විවිධ රටවලින් මුදල් ලබාගන්නා බවත්, ලංකාව මුස්ලිම් රටක් බවට පත් කිරීමේ අරමුණ ඇතිව ඔවුන් කටයුතු කරන බවත් උන්වහන්සේ අවධාරණය කරති.

මේ අතර ජාතික හෙළ උරුමයද බොදු බල සේනාවට සමාන අදහසක් ඉදිරිපත් කරයි. එල්.ටී.ටී.ඊ. සංවිධානය පරාජයට පත්කිරීමෙන් පසුව මුස්ලිම් සමාජය තුළින් අන්තවාදී සංවිධාන මතුවී ඇතැයි ඔවුන් ද පවසයි. මීට වසර පහළොවකටවිස්සකට පෙර මුස්ලිම් සමාජයේ පැවැති ඇවතුම් පැවැතුම් මේ වන විට වෙනස්වී ඇති බවත්, අරාබියේ මෙන් ඇඳුම් පැළඳුම් පවා වෙනස්වී ඇති බවත් හෙළ උරුමය කියයි. එයට හේතු වන්නේ අන්තවාදීන්ගේ බලපෑම්ය යන්න හෙළ උරුමයේ චෝදනාවයි. ලංකාවේ සමාජයෙන් වෙන්වූ පිරිසක් ලෙස මේ අන්තවාදීන් කටයුතු කරන බවද මේ නිසා සමාජය විශාල බෙදීමකට ලක්වීමේ අවදානමක් ඇතැයිද හෙළ උරුමය පෙන්වාදෙයි. එසේ සමාජයේ ඇතිවන බෙදීම කාලයත් සමග බෙදුම්වාදයකට තල්ලුවිය හැකිය යන්න හෙළ උරුමයේ විශ්වාසය බව පෙනේ.

“මුස්ලිම් සමාජයේ මීට පෙර සිටියේ දේශපාලන නායකයින්. මේ දේශපාලන නායකයින් තමයි මුස්ලිම් සමාජයට බලපෑම් කළේ. එදා අශ්රෆ්ලා සිටියා. අද හකීම්ලා, රිෂාඩ් බදියුදීන්ලා, අසාද් සාලිලා දේශපාලන නායකයින් ලෙස සිටිනවා. ඒත් මේ දේශපාලන නායකයින්ට මුස්ලිම් සමාජයට කළ හැකි බලපෑම දැන් බොහෝ දුරට අඩුවෙලා. ඒ වෙනුවට දැන් මුස්ලිම් සමාජයට බලපෑම් කරන්නේ අන්තවාදී ආගමික සංවිධානයි. මේ සංවිධානවල සිටින්නේ කවුද කියලා අපි කවුරුවත් දන්නේ නැහැ. ඒවායේ සිටින නායකයින් රහසිගත නායකයින්”ජාතික හෙළ උරුමයේ ප්‍රචාරක ‍ලේකම් නිශාන්ත ශ්‍රී වර්ණසිංහ චෝදනා කරයි. පසුගිය කාලයේදී බොදු බල සේනාව සමග ගැටුම් ඇතිකරගත්තේ මේ ආකාරයට ක්‍රියාත්මක වෙමින් තිබෙන අන්තවාදී සංවිධාන බවද ඔහු පෙන්වා දෙයි. එම සංවිධාන විශාල වශයෙන් නැගෙනහිර පළාතේ ක්‍රියාත්මක වන බවද, ඊට අමතරව පුත්තලම, බේරුවල මධ්‍යස්ථාන කරගනිමින් ක්‍රියාත්මක වෙමින් තිබෙන බවද වර්ණසිංහ සඳහන් කරයි.

“මේ අන්තවාදී සංවිධාන ක්‍රියාත්මක වෙන්නේ ඔවුන්ට ලැබෙන මුදල් ප්‍රමාණයත් සමගයි. මේ අන්තවාදීන්ට විදේශ ආධාර ගලා එනවා. ඒ වගේම දැන් සරණාගතයින් ලෙස ලංකාවට පැමිණි පිරිස් සිටිනවා. පාකිස්තානය, ඇෆ්ගනිස්ථානය වැනි රටවල සිට පැමිණි සරණාගතයින්ගෙන් ඇතැමුන් විදේශ රටවල සිටින මූලධර්මවාදීන් සමග සම්බන්ධතා පවත්වනවා. මොවුන් රටේ ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරයේ ක්‍රියාකාරකම්වල යෙදී සිටිනවා. ජාත්‍යන්තර ‍පොලීසිය සඳහන් කරන ආකාරයට අන්තවාදීන් ලංකාව ඔවුන්ගේ මධ්‍යස්ථානයක් බවට පත් කරගෙන කටයුතු කරනවා. ලංකාව ඔවුන්ට ආරක්ෂාකාරී තැනක් බවට පත් කරගෙන සිටින ඔවුන් මෙය නිහඬ තිප්‍පොළක් කරගෙන සිටිනවා. තබ්ලික් ජමාඩ් නමැති සංවිධානය නැගෙනහිර විශ්ව විද්‍යාලයට ඇතුළුවූ නවක මුස්ලිම් සිසුන් අටසියයකට පමණ අන්‍ය ආගමිකයින් හා අන්‍ය ජාතිකයින් සමග කටයුතු කිරීම තහනම් කර තිබෙනවා. මෙම සංවිධාන ක්‍රියාත්මක වන්නේ ඉස්ලාමීය ආගමට අනුවදැයි සොයා බැලීමට ඇති ජමියතුල් උලමා සංවිධානය පවා මේ ගැන නොසලකා සිටීම කනගාටුවට කරුණක්.” වර්ණසිංහ තවදුරටත් චෝදනා කරයි.

මෙම අන්තවාදී සංවිධාන සමාජයේ පැවැත්මට හා සහජීවනයට තර්ජනයක් වන නිසා ඒවා තහනම් කළ යුතු යැයි ඔහු අවධාරණය කරයි. මේ පිළිබඳව සොයා බැලීම රජයේ මෙන්ම බුද්ධි අංශවලත් වගකීම විය යුතු යැයිද ඔහු පෙන්වා දෙයි.

“මේ සංවිධානවල ක්‍රියාකාරීත්වය රටට බරපතළ ලෙස බලපානවා. මේ නිසා තමයි මේවා තහනම් කරන්න කියලා අපි ඉල්ලා සිටින්නේ.” ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පැවැසූහ. “මෙම අන්තවාදී සංවිධාන ඉතාමත් සූක්ෂමවයි කටයුතු කරන්නේ. අපි මේ ගැන අවිහිංසාවාදීව පෙන්වා දෙන විට ඇතැම් අය අපිට අන්තවාදී ‍ලේබල හා ත්‍රස්තවාදී ‍ලේබල අලවන්න හදනවා. ඒත් රහසිගතව ක්‍රියාත්මක වන මේ සංවිධාන ගැන ඔවුන් කටයුතු කරන්නේ නැහැ. මේ ප්‍රශ්නය තවත් දුරදිගයාමට පෙර අපි කියන දේ ගැන සොයා බලන්න ඕන. මේ හාමුදුරුවෝ කියන දේ ඇත්තද බොරුද කියලා සොයා බලන්න ඕන.”

බොදු බල සේනාව විසින් ඉදිරිපත් කර ඇති කරුණු සම්බන්ධයෙන් වගකිව යුතු බලධාරීන් කිසියම් ප්‍රමාණයකට සැලකිල්ලක් දක්වා තිබෙන බවද ඥානසාර හිමියෝ කීහ.

බොදු බල සේනාව ඇතුළු සංවිධාන වෙනත් පාර්ශ්වයන්ට ඇඟිල්ල දිගු කරන විට බොදු බල සේනාව දෙසටද ඇතැමුන් ඇඟිල්ල දිගුකරන්නේ එයද අන්තවාදී සංවිධානයක් බවට චෝදනා කරමිනි. ජනතාව කුපිත කරවමින් බොදු බල සේනාව අන්තවාදී ලෙස හැසිරෙන බවට චෝදනා කරන්නේ මධ්‍යම පළාත් සභා මන්ත්‍රී අසාද් සාලිය. අලුත්ගම හා බේරුවල සිදුවීම්වලදී ජනතාව කුපිත කරවමින් කටයුතු කළ බොදු බල සේනාව අන්තවාදී සංවිධානයක් යැයි ඔහු චෝදනා කරයි.

බොදු බල සේනාවේ චෝදනාවට ලක් වන තවුෆික් ජමාඩ් සංවිධානයේ ‍ලේකම් අබ්දුල් රසීක් ගෙන්ද අපි මෙම චෝදනා පිළිබඳ අදහස් විමසා සිටියෙමු. ඔහු පවසන්නේ සිය සංවිධානය අවිහිංසාවාදී සංවිධානයක් බවය. ‍ලේ දන්දීමේ කඳවුරු පවත්වමින්, සමාජ සේවා කටයුතු කරන සිය සංවිධානය රටට විරුද්ධව කටයුතු කරන්නේ නැතැයි ඔහු පවසයි. එහෙත් මුස්ලිම් පල්ලිය හරහා ජනතාවට කියාදෙන මුස්ලිම් ආගමට වඩා වෙනස් දෙයක් සිය පදනම කරගෙන සිටින බව ඔහු පිළිගනී. මේ වන විට තිබෙන ඉස්ලාම් ආගමික සංකල්පයන් වූ කලී පිරිසිදු සංකල්පයන් නොව විවිධ කාලවලදී එක්වූ අලුත් මතවාදීමය අදහස් සමග වෙනස් වූ සංකල්ප බව පවසන ඔවුන් කියා සිටින්නේ නබි නායකතුමන් දේශනා කළ පිරිසිදු ධර්මය වෙනුවෙන් තමන් පෙනී සිටින බවය. එහෙත් රටේ නීතියට විරුද්ධව කිසි විටෙකත් කටයුතු කරන්නේ නැතැයි ඔහු පවසයි.

රටේ ආරක්ෂාවට, සාමයට තර්ජනයක් වන මුස්ලිම් අන්තවාදී සංවිධාන ක්‍රියාත්මක වන්නේ නම් ඒ සම්බන්ධයෙන් නීත්‍යානුකූලව කිසියම් පැමිණිල්ලක් අදාළ අංශ වෙත ඉදිරිපත් කර ඇතිදැයි අපි බොදු බලසේනා සංවිධානයෙන් විමසා සිටියෙමු. බොදු බලසේනාව ‍පොලීසියට ගොස් වෙනමම පැමිණිලි ඉදිරිපත් නොකළත් දැනුවත් කළ යුතු අදාළ අංශ දැනුවත් කර ඇතැයි එහි ‍ලේකම් ඥානසාර හිමියෝ කීහ. උන්වහන්සේ පවසන්නේ ‍පොලිස්පතිවරයා හා යුද හමුදාපතිවරයා හමුවී කළ සාකච්ඡාවලදී මේ ගැන ඔවුන්ගේ අවධානය යොමු කර ඇති බවය. ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරයට මෙම අන්තවාදී සංවිධාන කටයුතුකරන විටදී පැමිණිලි ලැබෙන තෙක් බලා සිටිය යුතු නැතැයිද ඥානසාර හිමියෝ සඳහන් කරති.

බොදු බලසේනාව වෙනමම පැමිණිලි ඉදිරිපත් නොකළත් ආගමික ගැටුම් පිළිබඳ සොයා බැලීම සඳහා මෑතදී පත් කරන ලද විශේෂ ‍පොලිස් ඒකකයට ආගමික ගැටුම් පිළිබඳ පැමිණිලි 64ක් ලැබි තිබුණි. අන්තවාදී ආගමික සංවිධාන පිළිබඳ පැමිණිලි 42ක්ද එයට ඇතුළත්ය. පහරදීම් පිළිබඳ පැමිණිල 22ක් ඊට අමතරව ලැබි තිබුණි. ආගමික ගැටුම් පිළිබඳ සොයා බලන මෙම විශේෂ ‍පොලිස් ඒකකය පවසන්නේ මෙයින් පැමිණිලි දහයක් විසඳා අවසන් කර ඇති බවය. බෞද්ධ සංවිධාන හා පුද්ගලයින්ගෙන් මෙන්ම වෙනත් ආගම්වලට සම්බන්ධ සංවිධාන හා පුද්ගලයින්ගෙන් ද මෙම පැමිණිලි ඉදිරිපත්වී තිබුණි.

පසුගිය දිනවල හටගත් ආගමික ගැටුම් සම්බන්ධයෙන් අදහස් පළකරන බොහෝ මැදිහත් පාර්ශ්ව පවසන්නේ බොදු බලසේනාව වැනි සංවිධාන පවසන ආකාරයේ මුස්ලිම් අන්තවාදී කණ්ඩායම් රට තුළ ක්‍රියාත්මක වන්නේ නම් ඒ පිළිබඳ නිසි පියවර ගැනීම රජයේ වගකීම බවයි. එවිට වෙනත් සංවිධානවලට නීතිය අතට ගෙන ක්‍රියා කිරීමට සිදු නොවන බවද මේ පිරිස් මතු කරන තර්කයකි. අප මේ තර්කය සම්බන්ධයෙන් රජයේ පාර්ශ්වයේ අදහස් දැනගැනීම සඳහා ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගෙන් විමසීමක් කළෙමු.

ඔහු සඳහන් කරන්නේ බොදු බලසේනාව යනු තවත් එක් සංවිධානයක් පමණක් වන නිසා ඔවුන් කියන ආකාරටයම ආණ්ඩුවට කටයුතු කළ නොහැකි බවයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ බොදු බලසේනාවේ අදහස් පමණක් නොව අනෙකුත් ආගමික සංවිධාන ඉදිරිපත් කරන අදහස් පිළිබඳවද අවධානය යොමු කළ යුතුව ඇති බවය.

ඒ වගේම මේවා ගැන මහා නායක හිමිවරුන් වැනි පාර්ශ්ව මොනවද කියන්නේ කියලාත් අපි බලන්න ඕන. දැන් මේ කරුණු ඉදිරිපත් කරන්නේ එක එක සිදුවීම් පිළිබඳවයි. ඉතින් එවැනි සිදුවීම් ගැන පැමිණිලි ලැබුණ විට ඒ සිදුවීම් ගැන පරීක්ෂණ පවත්වන ලෙස අදාළ අංශවලට අපි උපදෙස් ලබාදෙනවා. ඒ ගැන පරීක්ෂණ පවත්වනවා. ඉතින් රජය මේ සම්බන්ධයෙන් කිසිවක් නොකරනවාය යන්න පිලිගත හැකි කාරණාවක් නොවෙයි. අනික ආණ්ඩුවක් ලෙස කිසිදු අවස්ථාවකදී අන්තවාදයකට ඉඩ නොතබන බවත් මෙහිදී ස්ථිර වශයෙන්ම සඳහන් කළ යුතුයි” කෙහෙළිය රඹුක්වැල්ල ඇමැතිවරයා කීවේය.

සංජය නල්ලපෙරුම - ලක්බිම
http://lankacnews.com/sinhala/main-news/118537/

සබැඳි ලිපි කිහිපයක් -
[
ඇමරිකානු රහස්‌ ලියවිල්ලෙන් ලෝක පාතාල කණ්‌ඩායමක්‌ සමඟ ගනුදෙනු කළ මෙරට මුස්‌ලිම් දේශපාලනඥයකු ගැන හෙළි වේhttp://denethharinna.blogspot.com/2014/06/blog-post_4018.html
ලාංකීය මුසලු ත්‍රස්තයෝ ලොව පුරා? මහනුවර හුසේන් ඉන්දියාවේදී කොටු වූ පසු මෙමස දෙවැනි ලාංකික අල්ඛයිඩා මුසලුවා මැලේසියාවෙන්http://denethharinna.blogspot.com/2014/05/blog-post_1051.html
ජාත්‍යන්තර සබඳකම් ඇති ඉස්‌ලාමීය සංවිධාන 13 ක්‌ සහ අන්තවාදී සංවිධාන 4 ක්‌ කොළඹ ක්‍රියාත්මකයි - ඇමරිකානු රහස්‌ ලියවිල්ලක්‌ හෙළි කරයි! විකිලික්ස්, ඉන්දියානු සහ ඇමරිකානු ඔත්තු සේවා දිගින් දිගටම හෙළි කලත් ආණ්ඩුවට නිදි!http://denethharinna.blogspot.com/2014/05/13-4.html
මෙරට ඔත්තු සේවා මුසලු ත්‍රස්තවාදය හමුවේ නිදි. පාකිස්‌තාන් ත්‍රස්‌ත ජාලයට සම්බන්ධ නුවර මුසලු ත්‍රස්තවාදියා ඉන්දියාවේදී දැලේhttp://denethharinna.blogspot.com/2014/05/blog-post.html
මුසලු අන්තවාදයේ හෙවනැලි රටපුරාම??? බේරුවලදී ද්‍රවිඩ බසින් කතාකරන මැර ප්‍රහාරයකින් එස්‌ටීඑෆ් දෙදෙනා රෝහලේhttp://denethharinna.blogspot.com/2014/03/blog-post_8206.html
ග්‍රෑන්ඩ් පාස් සිද්ධියේ තිත්ත ඇත්ත - මුසලු අන්තවාදයේ අති බිහිසුණු ව්‍යාප්තවාදය
http://denethharinna.blogspot.com/2013/08/blog-post_18.html
ජාතිය වඳ කිරීමේ මහා කුමන්ත්‍රණ - සිංහලයන් බහුතර පෙදෙස්වල බෙදාහැරීමට, පකිස්ථානයෙන් ගෙනා සූදුරුවලට වඳ බෙහෙත් දාලාhttp://denethharinna.blogspot.com/2014/02/blog-post_19.html
අනාගතය අසුභයි! නින්දවූර් යුද පිටියක්‌! මුසලු අන්තවාදීහු පොලිසියට පහර දෙති! අසාධ්‍ය ලෙඩුන් සිටි ගිලන් රථ පවා අහුරමින් පැය 36ක් පාර වසති.http://denethharinna.blogspot.com/2013/11/36.html
සමන්තුරේ මුසලු අන්තවාදියෝ STF සෙබළුන්ට පහර දෙතිhttp://denethharinna.blogspot.com/2013/11/stf.html
රටම භයානක අනතුරක හෙලන අනුරපුරෙන් මතු වූ "වහාබ්වාදයේ" අනතුර හඳුනාගනිමු!http://denethharinna.blogspot.com/2013/11/blog-post_9294.html
අනුරාධපුර පැවති හජ් උත්සවයකදී 'තවුහීඞ්' අන්තවාදීන්ගෙන් ඉස්ලාම් කාන්තාවන් 100කට අධික පිරිසකට හිංසාhttp://denethharinna.blogspot.com/2013/10/100.html
මුස්‌ලිම් ත්‍රස්‌ත සංවිධානයක්‌ යාපනයේ කඳවුරු බැඳගෙන - ඉන්දීය බුද්ධි අංශ හෙළි කරයිhttp://denethharinna.blogspot.com/2013/08/blog-post_7836.html
ලංකාවට ඉස්ලාම් ත‍්‍රස්තවාදී අනතුරක් අත ළඟ – ඉන්දියාවhttp://denethharinna.blogspot.com/2013/07/blog-post_4173.html
අල්කයිදා සහ තලේබාන් ශ්‍රී ලංකාවේ තහනම්http://denethharinna.blogspot.com/2013/06/blog-post_19.html
ශ‍්‍රී ලංකාවේදී අල්කයිඩා සංවිධානයට සාමාජිකයන් බඳවා ගැනීම්
http://denethharinna.blogspot.com/2013/04/blog-post_1787.html
ශ්‍රී ලංකාවේ හිස ඔසවන ජිහාඩ්
http://denethharinna.blogspot.com/2013/02/blog-post_1190.html
අල්කයිඩා, ජිහාඞ්, තලේබාන් උතුරු නැගෙනහිර ක්‍රියාත්මක බව ඇත්ත | ආණ්ඩුව පිළිගනී
http://denethharinna.blogspot.com/2013/01/blog-post_21.html
අල්කයිඩා ඇතුළු ත‍්‍රස්ත සංවිධාන 100ක් තහනම්
http://denethharinna.blogspot.com/2013/01/100.html
“වහාබි සලාෆි” අන්තවාදීන්ට එරෙහිව නැඟී සිටින්න – බොදු බල සේනා
http://denethharinna.blogspot.com/2013/01/blog-post_27.html
මෙරට ඉස්‌ලාම් මූලධර්මවාදය පැතිරවීම සඳහා කටයුතු කරන සංවිධාන සහ පුද්ගලයන් ගැන රජය වහා සොයා බැලිය යුතුයි
http://denethharinna.blogspot.com/2013/01/blog-post_5916.html
අල්කයිඩා, ජිහාඩ් යන තාලිබාන් ජාත්‍යන්තර ත්‍රස්‌ත කල්ලි උතුරු නැගෙනහිර හොල්මන් කරති
http://denethharinna.blogspot.com/2013/01/blog-post_7864.html
මන්නාරමේ මාධ්‍යවේදීන්ට ජිහාඩ් තර්ජන
http://denethharinna.blogspot.com/2013/01/blog-post_7864.html
ජාත්‍යන්තර මුස්ලිම් අන්තවාදය සහ මුස්ලිම් පාතාලය සමඟ අත්වැල් බැඳගත් පකිස්තාන මාෆියා ජාලයක් ශ‍්‍රී ලංකාවේ
http://denethharinna.blogspot.com/2013/05/blog-post_8482.html
අන්තවාදී මූසළු මොහොමඩ්ලාගේ ගුණ වයන නපුංසක සිංහල මොහොමඩ්ලාට...
http://denethharinna.blogspot.com/2013/02/blog-post_9237.html
]

0 comments: