1. මදුරුවන් ගෙවතුවල නියමිත ස්‌ථාන කිහිපයක පමණක් සෑම දිනකම සවස 4 - 6 අතර කාලය තුළ රංචු ගැසි පියඹනු දක්‌නට ලැබේ. එම මදුරු රංචුව වෙත වෙළඳපොළෙන් මිලට ගත හැකි සුදුසු මදුරු ස්‌ප්‍රේ විදිනයක් මගින් දිනපතා මදුරු මර්දන රසායනික ස්‌ප්‍රේ කිරීම කළ යුතුය. මදුරුවන් ක්‍රමයෙන් අඩුවන විට දිනක් හැර දිනක් එය භාවිතා කළ හැක. මෙය මාසයක් දෙකක් සිදු කිරීමෙන් සාර්ථකව මදුරු ගහනය අඩුකළ හැක.
2. මේ වනවිට නගරයෙන් බැහැර ගෙවතුවල ළිං ජලය ලබාගත් බොහෝ නිවාසවල ළිඳට වතුර මෝටරයක් සවිකර තිබෙනු දක්‌නට ඇත. එවිට නිශ්චලව පවතින ජලයේ පහසුවෙන් මදුරුවන් බෝවෙති. ඒ සඳහා ගත හැකි පියවර නම් මදුරු කීටයන් ආහාරයට ගන්නා ගුරාමි වැනි මත්ස්‍යයන් දෙතුන් දෙනෙකු ළිඳ තුළට දැමීම හෝ ළිඳ මතුපිටට පොල්තෙල් මේස හැන්දක් පමණ දමා තුනී තෙල් තට්‌ටුවක් ජලයේ තැබීමට සැලස්‌වීමයි. තෙල් තට්‌ටුව නිසා මදුරු කීටයන් උඩටවිත් අම්ලකර ලබා ගැනීමට නොහැකි වෙයි.
3. මාර්ග දෙපස ඇති කාණුවල ඇතැම් විට ජලය ගලා නොගොස් එකතැන රැඳෙයි. එය බොහෝවිට නාගරික ප්‍රදේශවල දක්‌නට ඇත. එවැනි විටකදී ද ජලය රැඳෙන තැන් බලා එතැනට ඕනෑම තෙල් වර්ගයක් සුළු වශයෙන් හෝ කාණුවේ ජලය මතට දැමීමෙන් මදුරු ගහනය බෝවීම නතර කළ හැක. ඇතැම් අර්ධ නාගරික ප්‍රදේශවල මාර්ග දෙපස කාණුවල මසුන් සිටින විට එය කිරීමට අවශ්‍ය නැත.
4.මදුරුවන් නිවස තුළට පැමිණෙන සියලුම සුළං කපොලු කුඩා සිදුරු ඇති ප්ලාස්‌ටික් දැල් යොදා ආවරණය කිරීම.
එස්.එච්. පෙරේරා
http://www.divaina.com/2014/07/03/feature02.html
0 comments:
Post a Comment