Pages

Tuesday, July 8, 2014

ආගමික ගැටුම් නිසා පැන ආ පාකිස්තානුවෝ මීගමුවේ දහස් ගණනක් පදිංචි වෙති

දේශපාලන රැකවරණ පතා පකිස්තානයේ සිට ශ්‍රී ලංකාවට පැමිණි පවුල් එක්දහස් පන්සියයක් පමණ මීගමුව ඇතුළු වයඹ වෙරළබඩ තීරයේ ජීවත් වන බව ප්‍රදේශවාසීහු පවසති.

පකිස්තානයේ බහුතර මුස්ලිම් ජනතාවගේ හිරිහැරයට ලක් වූ ක්‍රිස්තියානි පවුල් මෙන්ම අමිදි මුස්ලිම්වරුන් ද මේ සරණාගතයන් අතර සිටින බව මීගමුව වැල්ලවීදිය මීසම් පාලක ටෙරන්ස් බෝදියාබදුගේ පියතුමා කියා සිටියි.

ශ්‍රී ලංකාවට පැමිණීමෙන් අනතුරුව මෙම පිරිසට දේශපාලන රැකවරණ ලබා දී ඇති හෙයින් රැකියාවක් කිරීමට නීතියෙන් අවසර නොලැබේ.

මේ හේතුව නිසා තම දරුමල්ලන් ජීවත් කරවීම ඉතා අසීරු වී ඇති බව පකිස්තානු ජාතික සරණාගතයන් කියා සිටියේයි.

සරණාගතයන් පිලිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලයේ කොළඹ ශාඛාවට ගොස් ලියාපදිංචි වූ බවද මෙම සරණාගතයෝ පවසති.

ආර්ථික අසීරුතා මධ්‍යයේ තම දරුමල්ලන් අසනීප වූ විට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට පවා නොහැකි තත්වයක් උදා වී ඇති බව ඇතැම් සරණාගත පවුල් කියා සිටියේය.

- BBC

http://lankacnews.com/sinhala/news/118594/

0 comments: