Pages

Wednesday, July 2, 2014

බෞද්ධයන්ට තඩි නොබා දෙපිල බෙදී මරාගන්නා අන්තවාදී මුස්ලිම් කල්ලි මඬිනු - හෙළ උරුමය

අන්තවාදී මුස්ලිම් කල්ලිවල ගැටුම් රටේ ආරක්‍ෂාවට තර්ජනයක් යයි ජාතික හෙළ උරුමය පවසයි. මේ බව දැක්වෙන්නේ එම පක්‍ෂය විසින් නිකුත් කර ඇති නිවේදනයකය.

එම සම්පූර්ණ නිවේදනය මෙසේය.

කල්මුණේ සයින්දමරුදු ප‍්‍රදේශයේ මුස්ලිම් පල්ලියක් ඉදිකිරීම සම්බන්ධයෙන් මුස්ලිම් අන්තවාදී කණ්ඩායම් දෙකක් අතර ගැටුමක් ඇතිවී ඇත. එක්තරා මුස්ලිම් අන්තවාදි සංවිධානයක් විසින් ඉඩමක පල්ලියක් ඉදිකිරීමට සැළසුම් කර ඇති අවස්ථාවේදී තවත් අන්තවාදි කණ්ඩායමක් එම ස්ථානයට ගොස් එම ගොඩනැගිල්ල ඉදිකිරීමට විරුද්ධව ප‍්‍රචණ්ඩකාරිව පහරදීම් සිදුකර ඇත. මුස්ලිම් සමාජය තුළ මේ සිදුවෙමින් පවතින්නේ කුමක්ද? මුස්ලිම් සමාජයේ එකිනෙකට වෙනස් විශ්වාසයන් මත කටයුතු කරන මෙම අන්තවාදී කණ්ඩායම් දෙක පිළිබඳව අප දිගින් දිගටම රටට කරුණු හෙළිදරව් කර ඇත. දැන් එම කණ්ඩායම් එළිපිට ගහමරා ගන්නට පටන්ගෙන ඇත. මෙම කණ්ඩායම් දෙක නම් තවුහිඞ් ඡමාද් (Thawheed Jamaath(TJ))  හා තබ්ලික් ඡමාද් (Tabligh Jamaath(TJ)) යන අන්තවාදී සංවිධානයන් දෙකය. මෙම මූලධර්මවාදී අන්තවාදි කල්ලි කණ්ඩායම් මුස්ලිම් සමාජය බියවද්දමින් ඔවුන්ගේ ග‍්‍රහණයට හා ප‍්‍රාණ ඇපයට ගනිමින් ඇත. මේ ආකාරයට මෙම කණ්ඩායම් දෙක අවස්ථා ගණනාවකදී ගැටුම් ඇතිකර ගත් අතර 2009 ජූලි මස 29 වන දින මෙම දෙපිරිස අතර ඇතිවු ගැටුමකින් බේරුවල ප‍්‍රදේශයේ දී දෙදෙනෙක් මියගිය අතර 41දෙනෙක් තුවාල ලැබීය. දේපළවලට ද විශාල හානි සිදුවිය.

මේ ආකාරයට පසුගිය දා හලාවත මාදම්පේ ප‍්‍රදේශය ද මෙවැනිම ගැටුමක් ඇතිවිය. කල්මුනේ අක්කරේපත්තු කාත්තන්කුඩි කින්නියා මූතූර් ප‍්‍රදේශවලට ද මෙම අන්තවාදී කල්ලි අද විවෘතව ගැටෙන්නට පටන් ගෙන ඇත. මුස්ලිම් සමාජය ඩැහැ ගැනීමටත් බෙදා ගැනීමටත් තර`ගකාරීව අන්තවාදී කි‍්‍රයාවල මෙම කණ්ඩායම් නිරතව සිටිද්දි මුස්ලිම් අන්තවාදයක් නැතැයි පවසමින් රට රවටන්නට උත්සාහ කරන අවස්ථාවාදී දේශපාලකයින්ට අපට කීමට ඇත්තේ මුස්ලිම් අන්තවාදයේ අංකුර මුස්ලිම් සමාජය තුළම ගැටුම මහපාරට ගෙනවිත් ඇතිබවයි. අද ඉරාකයේ සුන්නි – ෂියා ගැටුම පකිස්ථානයේ ඇෆ්ගනිස්ථානයේ මුස්ලිම් අන්තවාදී කල්ලි අතර ගැටුම් ලොමු ඩැහැ ගන්වන සුඵය. මේ ආකාරයටම පාකිස්ථානය තුළ කි‍්‍රයාත්මක වූ මුස්ලිම් අහමදියා කණ්ඩායම ද එරටින් පළවාහැරි අතර ඔවුන් අද ශී‍්‍ර ලංකාවේ ආගමික සරණාගතයන් ලෙස පැමිණ ශී‍්‍ර ලංකාව තුල කි‍්‍රයාත්මක වෙයි. මුස්ලිම් සමාජයේ විශ්වාසයන් ඇඳුම් පැළඳුම් ආහාර පිළිවෙත් පිළිබඳව අද මුස්ලිම් සමාජය තුළම කල්ලි කණ්ඩායම් හරහා දියත් කරන නියෝග අවසානයේ පාකිස්ථානයේ ඉරාකයේ මෙන් ලේ වැගිරීමක් දක්වා ගමන් නොකර යැයි කිව හැක්කේ කාටද? බෞද්ධ අන්තවාදයක් පිළිබඳව බොරු බේගල් ඇදබාමින් බෞද්ධයින්ට තඩිබානවා වෙනුවට මුස්ලිම් සාමජය තුළ හිස ඔසවන මේ අන්තවාදි භායානක අංකුර මැඩලීමට අවශ්‍ය පියවර ගන්නා මෙන් රජයටත් ආරක්‍ෂක අංශවලටත් අප බලකර සිටිමු.

නිශාන්ත ශී‍්‍ර වර්ණසිංහ, මාධ්‍ය ලේකම්, ජාතික හෙළ උරුමය
http://lankacnews.com/sinhala/news/118357/

0 comments: