Pages

Tuesday, July 8, 2014

E.C.G ගනිමින් සිටි කතගේ උඩුකය වීඩියෝ ගත කරලා - මුස්‌ලිම් ජාතික 28 හැවිරිදි කතක්‌ අත්අඩංගුවට

මීගමුව දිස්‌ත්‍රික්‌ මහ රෝහලේ හෘදයාබාධයක්‌ සම්බන්ධයෙන් නේවාසිකව ප්‍රතිකාර ලබන තරුණ කතක්‌ ඊ. සී. ජී. ස්‌කෑන් පරීක්‍ෂණයකට ලක්‌ කළ අවස්‌ථාවේ එම ස්‌ථානයට අනවසරයෙන් පැමිණ එම කතගේ ලැම ප්‍රදේශය ජංගම දුරකථනයක්‌ මගින් වීඩියෝ ගත කළ මුස්‌ලිම් ජාතික 28 හැවිරිදි කතක්‌ මීගමුව මූලස්‌ථාන පොලිසිය මගින් (6 දා) අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සැකකාර මුස්‌ලිම් කත මීගමුව කඩොල්කැලේ ප්‍රදේශයේ පදිංචිකාරියකි. ඇය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කතකගේ අත්උදව්වට මීගමුව රෝහලේ රැඳී සිට ඇත. මෙම සිද්ධියට මුහුණ දුන් කාන්තාව සිංහල තරුණ කතකි.

අනපේක්‌ෂිතව එම තත්ත්වයට මුහුණ දුන් කාන්තාව මෙම සිද්ධිය පිළිබඳව මීගමුව දිසා රෝහලේ පොලිස්‌ ඒකකයට පැමිණිලි කිරීමෙන් අනතුරුව එම කාන්තාව සහ වීඩියෝ දර්ශන සහිත ඇගේ ජංගම දුරකථනය අත්අඩංගුවට ගෙන ඇත. සැකකාරිය අධිකරණය හමුවට පැමිණවීමට කටයුතු යොදා ඇත.

මීගමුව සමූහ - විමල් කීර්ති
http://www.divaina.com/2014/07/08/provin12.html

Pic Source

0 comments: