Pages

Friday, July 18, 2014

ආණ්‌ඩුව සැබෑ ලෙසම සිංහල බෞද්ධයාට ගරු කරනවා නම් රටට ද්‍රෝහිකම් කරන රාවුෆ් හකීම් රජයෙන් පන්නා දැමිය යුතුයි - ඥනසාර හිමි

වත්මන් ආණ්‌ඩුව සැබෑ ලෙසම සිංහල බෞද්ධයාට ගරු කරන ආත්ම ගෞරවයක්‌, ලැඡ්ජා බයක්‌ සහිත ආණ්‌ඩුවක්‌ නම් රටට ද්‍රෝහිකම් කරන රාවුෆ් හකීම් මහතාව රජයෙන් පන්නා දැමිය යුතු බව බොදු බලසේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්‌ඩිත පූජ්‍ය ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ සඳහන් කළහ.

මෙවැනි ඇමැතිවරයෙක්‌ සිය කැබිනට්‌ මණ්‌ඩලයේ තබා ගැනීම සම්බන්ධයෙන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පිළිබඳව අවංකවම ලැඡ්ජා වන බවත් තමන් වහන්සේ ජනාධිපති වූයේ නම් හකීම් ඇමැතිවරයාව කනෙන් අල්ලා එළියට ඇද දමන බවද උන්වහන්සේ පැවසූහ.

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ ඊයේ (15 වැනිදා) එම අදහස්‌ පළ කළේ කිරුළපන බෝධි බෞද්ධ මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස්‌ දක්‌වමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ මෙසේද පැවසූහ.

මඛාදේව සූත්‍රයේදි ගෞතම බුදුරජාණන් වහන්සේ තම ශ්‍රාවක සංඝයාට අනුශාසනා කරන්නේ "ඔබ මේ ශාසනයෙහි අන්තිම බුද්ධ ශ්‍රාවකයා නොවන්න" කියලා අපගේ බෞද්ධ දර්ශනය තුළ කිසිම අයුරකින් බෞද්ධ මූලධර්මවාදයක්‌ කියා දෙයක්‌ නැහැ.

අපට තියෙන්නේ අවිච්චින්න ශාසනයක්‌. එක්‌තරා කාලයක තිබූ සාගතයකදී අප හාමුදුරුවරු බඩට වැලිකොට්‌ට තබාගෙන ත්‍රිපිටකය සඡ්ජායන කළා. අප මේ කරන්නේ අන්තිම ශ්‍රාවකයා නොවන්න යන බුදුවදන ඉටු කිරීමයි. අපට ඉතිහාසය වගකීමක්‌ පවරා තිබෙනවා.

ඒ වගකීම සඳහා පාර හදාගෙන යද්දි අපට නොයෙක්‌ බාධක දමනවා. එම බාධක දමන්නේ අන්තවාදී සංවිධානයි. කවුරු මොනවා කීවත් අප ශාසනය ආරක්‌ෂා කරනවා. ඒ කාර්යයේදී අප උඩුවියනක්‌ නොවී පාපිස්‌සක්‌ වෙන්න ලෑස්‌තියි.

හකීම්ලා වැනි අද දවසේ ඉන්න නිඝන්ඨයන්ට අපට කියන්න තියෙන්නෙත් එපමණයි. අප ලැඡ්ජා වෙනවා මෙම ආණ්‌ඩුව ගැන. අවංකවම මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා ගැන ලැඡ්ජා වෙනවා. තමන් රාජ්‍යයත්වයට ඔසවා තැබූ මේ සිවුර හා බෞද්ධ ජනතාව ලෝකයා හමුවේ නින්දාවට අපහාසයට ලක්‌කිරීමට සිය කැබිනෙට්‌ටුවේ ඇමැතිවරයෙක්‌ කටයුතු කරද්දී ඔහු තව තවත් ඇඟිලි ගැන ගැන ඉන්නේ ඇයි.

හකීම් මදුරාසියට ගොස්‌ කියන්නේ හාමුදුරුවන් මේ ක්‍රියාවලිය නතර නොකොලොත් මුස්‌ලිම් තරුණයින් ආයුධ අතට අරගනියි කියලයි. හකීම් මෙසේ කරන්නේ ඇයි? ඉංග්‍රීසි පත්තරවල සිංහල පත්තරවල ඉන්න ඇතැම් මුස්‌ලිම් මාධ්‍යවේදීන් තම ජාතිය ගැන හිතල ලියනවා. නමුත් අපට වුන ඓතිහාසික අසාධාරණය ගැන වාර්තා දමා තිබෙනවා.

මේ ආණ්‌ඩුවට ලැඡ්ජා බයක්‌ ඇත්නම් සැබෑ ලෙස සිංහල බෞද්ධයාට ගරු කරනවා නම් මේ රාවුෆ් හකීම්ව ආණ්‌ඩුවෙන් පන්නා දමන ලෙස අප ආණ්‌ඩුවෙන් වගකීමෙන් ඉල්ලා සිටිනවා.

මුස්‌ලිම් නායකයින් ජාතිවාදි වී වපුරා දේශපාලනය කරනවා. අපි මහින්ද මහත්තයට කියන්නේ ඒ අයට එරෙහිව නොබියව කටයුතු කරන ලෙසයි.

හකීම්ට කියන්න තියෙන්නේ තවදුරටත් අපගේ ඉවසීම පරීක්‍ෂා නොකරන ලෙසයි. අපට එරෙහිව පාවිච්චි කරන පෑන් කවදාහරි මුස්‌ලිම් මිනිස්‌සු සියයට 60 ක්‌ වෙලා සිංහල ජනතාව සියයට නවය වුණානම් කොහොම හසුරුවයිද? අපි ගුටිකාල අන්තිම වුණේ අපි මුස්‌ලිම් ජනතාවට ගැහුව කියලයි.

හකීම්ගේ ප්‍රකාශ හා කටයුතු හෙලා දකිනවා. ජනාධිපති තුමන්ටත් ලැඡ්ජාවක්‌ ඇත්නම් හකීම්ව පන්නා දමන්න. මේ වගේ ඇමැතිවරු ඉන්න රටක ජීවත්වීම අවාසනාවක්‌. මේ වැඩෙන් අන්තිමට මහින්ද මහත්තයාට වෙන්නේ මුස්‌ලිම්වරුනුත් සිංහල බෞද්ධයනුත් නැතිවෙනවා.

මෙහිදී බොදුබලසේනා සංවිධානයේ ප්‍රධාන විධායක නිලධාරි ඩිලන්ත විතානගේ මහතාද අදහස්‌ දැක්‌වීය.

සිරිමන්ත රත්නසේකර
http://www.divaina.com/2014/07/16/news17.html

Pic Source

0 comments: