Pages

Friday, July 4, 2014

අන්තවාදීන්ගෙන් භික්‌ෂූන්ට, බෞද්ධයන්ට තර්ජන එල්ලවෙලා. රටත්, සාසනයත් රැකගන්න පොදු, සාධාරණ නීති අවශ්‍යයි - ධම්මානන්ද නාහිමි

අන්තවාදී පිරිසකගෙන් භික්‌ෂූන් වහන්සේලාට හා බෞද්ධ ජනතාවට දැඩිසේ තර්ජනයක්‌ එල්ල වී ඇති නිසා රටත් සාසනයත් රැකගැනීමට නම් වහාම පොදු වූ සාධාරණ නීතියක්‌ වගකිව යුත්තන් විසින් ඇති කළ යුතු බව අස්‌ගිරි පාර්ශ්වයේ කාරක සංඝ සභික මැදගම ධම්මානන්ද නාහිමියෝ පැවසූහ.

ඒ හිමියෝ එසේ පැවසුවේ ස්‌වාධීන උගත් භික්‌ෂූන් වහන්සේලා පිරිසක්‌ විසින් එකමුතුව බෞද්ධ මහා සම්මේලන කාර්යාලයේදී පැවැති මාධ්‍ය සාකච්ඡාවකදීය.

වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ ධම්මානන්ද නාහිමියෝ මෙසේද පැවසූහ. නිවැරැදි ආගමික පරිසරයක්‌ තුළ ජාතික සමඟිය ඇතිකිරීමට නම් අපි සියලු දෙනාම ඉතා සන්සුන්ව, ගැටුම්කාරී දේවල් සිදු නොකර ඉවසිලිමත්ව කටයුතු කළ යුතුයි. ඒ සඳහා කළ යුත්තේ රජය විපක්‍ෂය ඇතුළු සියලුම වගකිව යුතු අය ඊට ආධාර අනුබල දීමයි. සමහර ඇමැතිවරු පවා මහා සංඝරත්නයට දොස්‌ පවරනවා. අපි මහා සංඝරත්නය විදියට ඒ අයටත් අවවාද දිය යුතුයි. එදා අතීතයේ සිටම රටත්, ජාතියත් ශාසනයත් ආරක්‍ෂා කළේ මහා සංඝරත්නයයි. රජයට පවා අවවාද අනුශාසනා කළේ මහා සංඝරත්නයයි. ආගමික, ජාතික සංහිදියාවක්‌ ඇති කිරීමට භික්‌ෂූන් වහන්සේලා මූලිකත්වය ගත යුතුයි.

ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය මැදගොඩ අභයතිස්‌ස හිමි - පසුගියදා බේරුවල, අලුත්ගම ප්‍රදේශයේදී සිදුවූ අවාසනාවන්ත සිද්ධිය සම්බන්ධයෙන් සමහර අන්තවාදී පිරිසක්‌ විසින් භික්‌ෂූන් වහන්සේලාට චෝදනා කරනවා. සමහර ඇමැතිවරුත් දොස්‌ කියනවා. නමුත් යථාර්ථය නොදැනයි භික්‌ෂූන් වහන්සේට චෝදනා කරන්නේ. ඇත්ත වශයෙන්ම එම සිද්ධියේදී පොලිසියෙනුත් වැරදි සිද්ධ වුණා. පොලිසියේ රාජකාරිය නිසි අයුරින් සිද්ධ වුණේ නැහැ. ප්‍රමාදවෙලයි කටයුතු කළේ. ප්‍රමාදවෙලා හරි ගැටුම් මැඩලන්න කටයුතු කිරීම ගැන සතුටු වෙනවා.

මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ - බොදුබල සේනා සංවිධානයට සමහර අය දොස්‌ නඟනවා. නමුත් ඒක වැරදියි. බොදුබල සේනාව යහපත් අරමුණකින් රටට ආදරය ඇති, සාසනය ගැන කැක්‌කුමක්‌ ඇති යහපත් බෞද්ධ සංවිධානයක්‌ ලෙස සඳහන් කළ හැකියි.

එහිදී ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අගලකඩ සිරිසුමන හිමියෝද අදහස්‌ දැක්‌වූහ.

ධර්මසේන වැලිපිටිය
http://www.divaina.com/2014/07/04/news27.html

0 comments: