Pages

Friday, July 18, 2014

අස්‌මිගේ අවුරුදු 4 ක දියණියට අතවර කළ වහාබ්දීන් (52) පෙදරේරුවා අස්‌මිගේ පොලු පහරින් මරුට

තම අවුරුදු 04 ක දියණියට බරපතල ලිංගික අපයෝජනයක්‌ කළ අවුරුදු 52 ක පෙදරේරුවකුට දැරියගේ පියා විසින් පොල්ලකින් ගසා ඝාතනය කර ඇති බවට කෑගල්ල පොලිස්‌ අධිකාරී කාර්යාලයෙන් පැවසේ.

මෙම සිද්ධියෙන් මියගොස්‌ ඇත්තේ අරනායක පොලිස්‌ වසමට අයත් වල්පොල ග්‍රාමයේ පදිංචි එම්. ඩබ්ලිව්. එම්. වහාබ්දීන් නමැති අවුරුදු 52 ක අයෙකි.

සිද්ධිය සැකෙවින් මෙසේය.

අරනායක පොලිස්‌ වසමට අයත් විල්පොල පදිංචි එස්‌. එම්. අස්‌මි නමැත්තාගේ නිවසේ උළුවහු තැබීම සඳහා විල්පොලම පදිංචි පෙදරේරුවකු වන එම්. ඩබ්ලිව්. එම්. වහාබ්දීන් නමැති අය පැමිණ ඇත. ඔහු නිවසේ එසේ වැඩ කරමින් සිටියදී ගෙහිමි අස්‌මී නමැති අය පල්ලියේ පූජාවට ගොස්‌ ඇති අතර ඇගේ භාර්යාව වන පාතිමා පවුසියාද නිවසේ සිට නැත.

එම අවස්‌ථාව ප්‍රයෝජනයට ගත් පෙදරේරු වහාබ්දීන් නිවසේ සිටි වයස අවුරුදු 4 ක්‌වූ දැරියට බරපතල ලිංගික අපයෝජනයක්‌ කර ඇත. ඉන්පසු ඔහු පෙර පරිදිම නිවසේ වැඩ කරමින් සිටියදී නිවසට පැමිණි මවට එම දැරිය විසින් සිද්ධිය පවසා ඇත.

ඉන්පසු පල්ලියේ සිට පැමිණි තම ස්‌වාමියාටද මේ බව පැවසීමෙන් පසු කෝපාවිෂ්ඨ වූ දැරියගේ පියා වන අස්‌මි නමැත්තා පොල්ලක්‌ ගෙන වහාබ්දීන්ට පහර දී ඇත.

පසුව බරපතල ලෙස තුවාල ලැබූ වහාබ්දීන් අරනායක රෝහලටත් අරනායක රෝහලින් මාවනැල්ල රෝහලටත් මාරු කර සිටියදී 15 වැනි දින අලුයම 2.40 ට පමණ මියගොස්‌ ඇත.

මෙම පහරදීම 14 වන දින හවස 6.45 ටත් 7.45 ටත් අතර සිදුවී ඇති බව පොලිසිය පැවසීය.

සැකකාර එස්‌.එම්.අස්‌මි නමැති අය අරනායක පොලිසියව විසින් අත්අඩංගුවට ගෙන පරීක්‍ෂණ පවත්වමින් සිටියි.

කෑගල්ල කොට්‌ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරී ප්‍රියලාල් දසනායක මහතාගේ උපදෙස්‌ අනුව අරනායක පොලිසියේ ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක පාදෙනිය මහතා වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

කෑගල්ල එම්. බී. පහළවත්ත අරනායක ගරුමුනි තිලකරත්න
http://www.divaina.com/2014/07/16/news31.html

Pic Source

3 comments:

Anonymous said...

එහෙම කරන්න පුළුවන් නබීට විතරයි

Anonymous said...

නබි අවුරුඩු 6 දරුවෙක් බැඩල, අවුරුඩු 9ඩි අරියනෙ. එටකොට නබිට 54යි.
මෙකත් එ වගෙ. ඩූශනය කල දරුවට 4යි. මිනිහට 52යි!

Anonymous said...

ඇත්තටම අවුරුදු 3ක්ම ඌ ඉවසන් හිටියද?