
ථෙරවාදී භික්‍ෂු කථිකාවත් ලියාපදිංචි කිරීමේ, 1931 අංක 19 දරන විහාර දේවාලගම් පනත සංශෝධන කෙටුම්පත හා බෞද්ධ ප්‍රකාශන පළ කිරීම නියාමනය කිරිමේ, ශ්‍රී ලංකා ථෙරවාදී දසසිල් මෑණියන් වහන්සේලා හා දසසිල් මෑණි ආරාම පිළිබඳ පනත් කෙටුම්පත සහ බුද්ධ ශාසන පනත් කෙටුම්පත් යන පනත් පහක් මෙසේ ඇමැති මණ්‌ඩල අනුමැතිය ලබා ගැනීමට නොහැකි වී තිබේ.
ශ්‍රී ලංකා ථෙරවාදී දසසිල් මෑණියන් වහන්සේලා හා දසසිල් මෑණි ආරාම පිළිබඳ පනත් කෙටුම්පත හා බුද්ධ ශාසන පනත් කෙටුම්පත මේ වන විට ඇමැති මණ්‌ඩලය වෙත යොමු කර ඇතත්, එම කෙටුම්පත් මෙතෙක් නීති කෙටුම්පත් සම්පාදක අංශයට යොමු කර නැති බවත් අනාවරණය වී ඇත.
ථෙරවාදී භික්‍ෂු කථිකාවත් ලියාපදිංචි කිරීමේ පනත, 1931 අංක 19 දරණ විහාර දේවාලගම් පනත සංශෝධන කෙටුම්පත හා බෞද්ධ ප්‍රකාශන පළ කිරීම නියාමනය කිරීමේ පනත් කෙටුම්පත මේ වන විට නීති කෙටුම්පත් සම්පාදක අංශයට යොමු කර ඇති බවත්, ඒවා මෙතෙක් ඇමැති මණ්‌ඩලයේ අනුමැතියට යවා නොමැති බවත් වාර්තා වේ.
ලසිත දුමින්ද
http://www.divaina.com/2014/07/13/news08.html
Pic Source
0 comments:
Post a Comment