Pages

Thursday, July 17, 2014

හකීම්, තලෙයිබාන් අංකුර මුවහත්කර බෞද්ධ විරෝධී ආගමික ත‍්‍රස්තවාදයකට අර අදිනවා - හෙළ උරුමය

හකීම්ගේ සරදම් කතාවලින් භික්‍ෂුන්වහන්සේලාත්, බෞද්ධ ජනතාවත් බිය වැද්දිය නොහැකි බව ජාතික හෙළ උරුමය පවසයි.

එම පක්‍ෂ මාධ්‍ය ලේක්ම් බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී නිශාන් වර්ණසිංහ මහතා විසින් මේ බව සඳහන් කරමින් නිකුත් කර ඇති සම්පූර්ණ මාධය නිවේදනය මෙසේය.

භික්‍ෂූන්වහන්සේලාගේ කටයුතු පාලනය කිරීම රජය පැහැර හරින්නේ නම් රටතුළ මුස්ලිම් අන්තවාදයක් බිහිවීම වැළැක්විය නොහැකියැයි මුස්ලිම් කොංග‍්‍රසයේ නායක ආණ්ඩුවේ අධිකරණ අමාත්‍ය රාවුෆ් හකීම් විදේශ මාධ්‍ය වෙත කරුණු දක්වමින් අනතුරු අ`ගවා ඇත. එමෙන්ම ඉස්ලාම් භක්තිකයින් පිළිබඳව බියක් බෞද්ධයින් බහුලව ජීවත්වන රටවල වර්ධනය වන බවත් පසුගිය කාලයේ බටහිර රටවල ද මෙවැනි මානසික තත්වයක් ඇති වූ බවත් ප‍්‍රකාශ කර ඇති හකීම් ඇමතිවරයා බෞද්ධයින් පාපහරවල් එල්ලකරන බෝලයක් බවට මුස්ලිම් ජනතාව පත්වුවහොත් මුස්ලිම් ප‍්‍රජාව අන්තවාදි කිරීමට එය හේතුවන බවත් විදෙස් ඉස්ලාම් අන්තවාදි බලවේග වලට සුදුසු භූමීයක් බවට ශී‍්‍ර ලංකාව පත්වන බවත් වැඩි දුරටත් ප‍්‍රකාශකර ඇත. හකීම් මහතාගේ වක‍්‍රාකාර තර්ජනය හරහා මුස්ලිම් අන්තවාදයේ බළලා මල්ලෙන් එළියට පැන ඇත. භික්‍ෂූන්වහන්සේලා පාලනය නොකළහොත් මුස්ලිම් අන්තවාදය රටතුළට කැඳවන බවට හකීම් ඇමතිවරයා ප‍්‍රකාශ කර ඇත. මේ ඉල්ලා ඇත්තේ බෞද්ධ භික්‍ෂූන්වහන්සේලා ඇතුඵ බෞද්ධ සංවිධාන යටපත් කර මර්දනය කරන ලෙසයි. වාරණ තහංචි නියෝග දමා භික්‍ෂූන්වහන්සේලා හා බෞද්ධයින් හිරිවට්ටන ලෙසයි.  ශී‍්‍ර ලංකාවේ භික්‍ෂූන්වහන්සේලා පාලනය කිරීමට මැඩපැවැත්වීමට ඉතිහාසයේ රජවරු හා එම පාලන තන්ත‍්‍රයන් කටයුතු කර නැත. කාලිංග මාඝ ආක‍්‍රමණ සමයේත් පෘතුගී‍්‍රසි, ලන්දේසි හා ඉංගී‍්‍රසි පාලන සමයේත් ශාසන විරෝධී බෞද්ධ විරෝධී සංහාරයන් සහ යටපත් කිරීම සිදුකර ඇත. හකීම් ඇමතිවරයා රජයෙන් මේ ඉල්ලා සිටින්නේ එවැන්නක්ද? ඉතිහාසයේ විවිධ අවස්ථාවල සිදුකෙරුණු ආකාරයේ බෞද්ධ විරෝධී මර්ධනයක් ද? භික්‍ෂූන්වහන්සේලාගේ කටයුතු පාලනය කිරීම රජය පැහැරහරින්නේ නම් ඉස්ලාම් අන්තවාදයක් බිහිවීම වැළැක්විය නොහැකියැයි පැවසීමෙන් රජයටත් මේ රටේ බහුතර සිංහල බෞද්ධ ජනතාවටත් හකීම් ඇමතිවරයා සරදම් කර ඇත. ඔහුගේ තර්ජනාංගුලිය පිටුපස මුස්ලිම් අන්තවාදය පෙන්වා ආණ්ඩුවත් බෞද්ධයනුත් බියවැද්දීමට උත්සාහ කර ඇත.

රාවුෆ් හකීම්ගේ  පුස් වෙඩි වලට බෞද්ධයන් හෝ භික්‍ෂූන්වහන්සේලා බියවැද්දිය නොහැකි බව අප අවධාරණය කරන අතර කාලයක් තිස්සේ රටතුල කි‍්‍රයාත්මක වන මුස්ලිම් අන්තවාදයට දේශීය වශයෙනුත් ජාත්‍යන්තර වශයෙනුත් යුක්ති සහගත භාවයක් හා තර්කානුකූල භාවයක් ලබාදීම හකීම් ඇමතිවරයාගේ මේ කතාව පිටුපස ඇති අරමුණයි. යුරෝපයේ පමණක් නොව බෞද්ධ රට වලද ඉස්ලාම් ආගමේ හා සංස්කෘතියේ ආක‍්‍රමණශීලිත්වය පිළිබඳව සාධාරණ බියක් ඉස්ලාම් නොවන ලෝකයේ හැම රටකම වෙනත් ආගම් හා සංස්කෘතින් පවතින සමාජයන්ට දැනෙන්න පටන් ගෙන ඇත.

එසේනම් නතර කළ යුත්තේ ආක‍්‍රමණශීලි මේ ආගමික සංස්කෘතික අන්තවාදයයි. සමාජ බේදුම්වාදයයි. ඉස්ලාම් ආගමික අන්තවාදය ලෝකයේ ඉස්ලාම් රටවල සමාජයේ පැවැත්මට ද  හිසරදයක් වී ඇත. එය ලොවපුරා සිදුවන මුස්ලිම් අන්තවාදී කි‍්‍රයාවලින් මොනවට කියාපායි. එසේනම් වෙනස් විය යුත්තේ පාලනය විය යුත්තේ මේ ආක‍්‍රමණශීලි ඉස්ලාම් ආගම හා සංස්කෘතියයි. භික්‍ෂූන්වහන්සේලාගේ කටයුතු පාලනය කිරීම ශාසන සම්ප‍්‍රදායන් විසින් සිදුකරන අතර එය රජයන්ට පැවරිය නොහැකි බව හකිම් ඇමතිවරයා දැනගත යුතුය. මේ රටේ ආණ්ඩු තිබුණත් නැතත් වසර 2300ක් තිස්සේ අඛණ්ඩව අවිචින්නව සිංහල භික්‍ෂු වංශය තම ජාතික ආගමික ශාසනික වගකීමට උරදෙමින් රටෙත්, ජාතයෙත්, ශාසනයෙත් ආරක්‍ෂාව වෙනුවෙන් කටයුතු කළ බව රාවුෆ් හකීම් ඇමතිවරයාට සිහිපත් කළ යුතුය. රජය වහාම රාවුෆ් හකීම් ඇමතිවරයාගේ මේ බෞද්ධ විරෝධී ප‍්‍රකෝපකාරී ප‍්‍රකාශන හා තර්ජන ගර්ජන සරදම් නැවැත්වීමට පියවර ගත යුතුය.

අධිකරණ ඇමතිධූරයේ සිටිමින් මේ රටටත් භික්‍ෂූන්වහන්සේලාටත් බෞද්ධ ජනතාවටත් රැහැනිව කරන ප‍්‍රකාශ නතරකරලීමට ආණ්ඩුව කටයුතු නොකිරීම සම්බන්ධයෙන් ආණ්ඩුව ලැජ්ජාවට පත්විය යුතුය. එදා අමිර්තලිංගම් උතුරේ කොටි ත‍්‍රස්තවාදයේ අංකුර පැමිණීම ජාත්‍යන්තර වශයෙන් යුක්ති සහගත කළ ආකාරයට රාවුෆ් හකීම් භික්‍ෂූන්වහන්සේලා පෙන්වමින් මුස්ලිම් අන්තවාදය යුක්ති සහගත කිරීමය. මේ කරන්නේ දැනට රටතුළ ඇති තලෙයිබාන් අංකුර මුවහත්කර බෞද්ධ විරෝධී ආගමික ත‍්‍රස්තවාදයකට පාර කැපීමය. එහි වගඋත්තරකරුවා බවට ඔහුගේ නිල් ලජ්ජිතත දේශපාලනය වගකිව යුතුබව අප අවධාරණය කරන අතර රාවුෆ් හකීම් ඇමතිවරයාගේ තර්ජන ගර්ජන හා සරදම් කතාවලින් බෞද්ධයන් බියට පත්කළ නොහැකි බවත් ඉතිහාසයේ මෙයට වඩා තර්ජන ගර්ජන හා ආක‍්‍රමණ වලට ජාතිය මුහුණ දී ඇති බවත් හකීම් ඇමතිවරයාට සිහිපත් කරන්නෙමු. භික්‍ෂූන්වහන්සේලා පාලනය කිරීමට ප‍්‍රථම මුස්ලිම් සමාජයේ හිස ඔසවන අන්තවාදය හා සමාජ බෙදුම්වාදය පාලනය කිරීමට කටයුතු කරන මෙන් පොදු සමාජයේ යහපත වෙනුවෙන් රජයෙන් අප ඉල්ලා සිටිමු.

ස්තුතියි..!

නිශාන්ත ශී‍්‍ර වර්ණසිංහ, මාධ්‍ය ලේකම්, ජාතික හෙළ උරුමය
http://lankacnews.com/sinhala/news/119159/

Pic Source

0 comments: