Pages

Thursday, July 3, 2014

මුස්ලිම් අන්තවාදයට එරෙහි ලෝක ජනමතය ඉහළ යයි

මුස්ලිම් ජනගහනය වැඩි රටවල මුස්ලිම් අන්තවාදය එරෙහි ජනමතය වර්ධනය වීමේ ප‍්‍රවණතාවයක් පවතින බව සමීක්ෂණයකින් අනාවරණය වී තිබේ.

රටවල් 14ක 14200 දෙනෙකු පමණ පිව් සමීක්ෂණ මධ්‍යස්ථානය විසින් සිදුකළ මෙම සමීක්ෂණය හා සම්බන්ධවී ඇති අතර ඔවුන් පවසන්නේ අන්තවාදී මුස්ලිම් කණ්ඩායම් වලට තිබූ සහයෝගය අහිමි වෙමින් පවතින බවයි.

සමීක්ෂණය සිදුකළ අපේ‍්‍රල් 10 සිට මැයි 25 දක්වා කාලසීමාව වන විට ඉස්ලාමික රාජ්‍යය ලෙසින් දැන් හඳුන්වන අයිසිස් සංවිධානය විසින් ඉරාකයේ මොසුල් නගරයේ බලය අත්පත් කරගෙන නොමැති වීමද විශේෂත්වයකි.

ලෙබනනයේ සුන්නි, ෂියා සහ ක‍්‍රිස්තියානි ජනතාවගෙන් 92%ක්ම මුස්ලිම් අන්තවාදයට එරෙහි බව පවසා ඇති අතර සිරියානු අර්බුදයෙන් සරණාගතයන් බොහොමයක් පලා යන ජෝර්දානය සහ තුර්කිය තුළද එවැනි මතයක් ගොඩනැගී ඇතැයි අනාවරණය වී තිබේ.

පිව් වාර්තාවේ දැක්වෙන්නේ බංග්ලාදේශයේ 69%ක් පකිස්ථානයේ 66% සහ මැලේසියාවේ 63%ක් දෙනා අන්තවාදයට විරුද්ධ වන බවයි.  කෙසේවෙතත් ඉස්ලාමික ජනගහනය වැඩිම රට වන ඉන්දුනීසියාව තුළ එවැනි අදහසක් නොපවතින බවද හෙළිවී ඇත.

මේ වසරේදී පාසල්  දැරියන් 200 දෙනෙකු පැහැරගත් නයිජීරියාවේ බොකෝ හරාම් සංවිධානයට නයිජීරියානුවන්ගෙන් 79%ක් විරෝධය දක්වා ඇති අතර 59%ක් පකිස්ථානුවන් තලේබාන් සංවිධානය බැහැර කර ඇතැයි පැවසේ.

http://lankacnews.com/sinhala/foreign-news/118443/

Pic Source

0 comments: