Pages

Thursday, July 17, 2014

අහෝ මෙය දේව කැමැත්ත නොවේවා! ඇෆ්ගන් බෝම්බයට එකම පවුලේ 11 බිලි! ගාසා ප්‍රහාර නිසා 120 ක්‌ මරුට

ඇෆ්ගන් බෝම්බයට එකම පවුලේ 11 දෙනකු බිලිවෙයි

ඇෆ්ගනිස්‌ථානයේ කන්දහාර් ප්‍රාන්තයේදී එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් දරුවන් තිදෙනකු ඇතුළු අටදෙනකු මරුමුවට පත්වී ඇත.

ඇෆ්ගනිස්‌ථානයේ පන්ජාබ් දිස්‌ත්‍රික්‌කයේදී මෙම ප්‍රහාරය එල්ල වී ඇත.

මරණයට පත්වූ පිරිස එකම පවුලේ සාමාජිකයන් බවද එරට මාධ්‍ය කියයි.

http://www.divaina.com/2014/07/14/forign02.html

ඊශ්‍රායල් ගුවන් හමුදාව මුස්‌ලිම් පල්ලියකටත් බෝම්බ දමයි

ඊශ්‍රායල් ගුවන් හමුදාව ගාසා තීරයේ මුස්‌ලිම් පල්ලියකටත් ප්‍රහාර එල්ල කර ඇත.

දින පහක සිට ගාසා තීරයට එල්ල කරන ප්‍රහාර නිසා පුද්ගලයන් 120 ක්‌ මරුමුවට පත් වී ඇත.

ගාසා තීරයෙන් එල්ල වන රොකට්‌ ප්‍රහාර මර්දනය කිරීම සඳහා ඊශ්‍රායල් හමුදාව මෙම මෙහෙයුම ආරම්භ කළේය.


ඊශ්‍රායල් හමුදා ප්‍රහාර නිසා තුවාල ලැබූ පිරිස 920 කි.


මුස්‌ලිම් පල්ලියකට ප්‍රහාර එල්ල කළේ එම ස්‌ථානයේ හමාස්‌ සටන්කාමීන් රැස්‌වන නිසා බව ඊශ්‍රායල් හමුදාව කියයි.

http://www.divaina.com/2014/07/14/forign01.html

0 comments: