
අපි සතොස හැදුවේ කිරි ගොවියාගේ කිරි ටික මිලදී ගන්න තවත් එක් ස්‌ථානයක් ලෙසටයි. අද දේශීය කිරිවලින් නිපදවන අපේ කිරිපිටි ටිකවත් සතොස ගන්නේ නැහැ. මම මේ රටේ කිරි නිෂ්පාදන වැඩිකර අපේ කිරි ගොවියා රැක ගන්න ඕනෑ කියන ස්‌ථාවරයේ ඉන්න නිසා සිදුවන ඇතැම් සිදුවීම් ගැන විමතියකුත් ඇතිවෙනවා. මට සල්ලි තියෙනවා. ඒ මුදල් ටික බැංකුවක දාලා ලෝකයේ ඕනෑම රටක මට දරුවොත් එක්‌ක ජීවත් වෙන්න පුළුවන්. එහෙම වුණොත් තවත් අපේ රටේ කිරිගොවීන් පිරිසක් අසරණ වෙයි. එය වනවා දකින්නට මම අකමැතියි. අපේ කිරි ගොවියා රැක ගතයුතුයි කියන පරම ෙච්තනාව නිසා මම තවදුරටත් මෙම ව්‍යාපාරයේ රැඳී සිටිනවා.
ආනයනික කිරිපිටිවල විස රසායනික ද්‍රව්‍ය අඩංගු වී ඇති බවට මේ දිනවල රට පුරා මහත් ආන්දොaලනයක් ඇති වී තිබේ. මෙයට පිළියම් ලෙස දේශීය වශයෙන් කිරිපිටි සහ දියර කිරි ප්‍රචලිත කිරීම කළ යුතු යෑයි දේශීය නිෂ්පාදනවල නිෂ්පාදකයන් වෙනුවෙන් පෙනී සිටින මව්බිම ලංකා පදනමේ සහ මාස්‌ටර් ඩයිවර්ස් සමාගමේ සභාපති ආරියශීල වික්‍රමනායක මහතා පවසයි.
ප්‍රශ්නය(- ආනයනික කිරිපිටිවල ඩීසීඩී නමැති විස රසායනික ද්‍රව්‍ය අඩංගු බවට මේ වන විට හෙළිවෙලා තියෙනවා. මේවා කිරිපිටිවල අඩංගු වන්නේ කෙසේද?
පිළිතුර(- ආනයනික කිරිපිටි කියන්නේ නවසීලන්තයෙන් හා ඔස්‌ටේ්‍රලියාවෙන් ගෙන්වන කිරිපිටිවල ඩීසීඩී නමැති විස රසායනික ද්‍රව්‍ය ඇතුළත් වෙලා තියෙන්නේ. එය කාර්මික තාක්‍ෂණ ආයතනය මගින් තහවුරු කරලා අවසන්.
ඩීසීඩී හෙවත් "ඩයිසයන ඩයමයිඩ්" කියන රසායනිකය කිරිපිටිවලට ඇතුළත්වෙලා තියෙන්නේ නැවුම් කිරිවල මේදය, ප්‍රොaටීන් ඇතුළු පෝෂ්‍ය කොටස් ඉවත් කරගෙන ඩීසීඩී නමැති රසායනික කිරිපිටිවලට එකතු කිරීම නිසයි.
එසේ නොමැතිව ගවයන්ට ලබාදෙන තණකොළවලට යොදන රසායනිකයක් ගව කිරිවලට එකතුවීමෙන් මේ ඩීසීඩී සෑදෙන බවට ඇතැම් පිරිස් නගන ප්‍රකාශ සම්පූර්ණයෙන් අසත්‍යයක්. ඇයි අපේ ගවයන්ගේ කිරිවලින් නිපදවන කිරිපිටිවල ඩීසීඩී විස රසායනිකය ඇතුළත්ව නැත්තේ. ඒ නිසා නිදහස් අධ්‍යාපනයෙන් පිටරටවලට ගිහින් ඉගෙනගෙන බහු ජාතික සමාගම්වල වරදාන ලබන කිහිපදෙනෙක් තමයි ඔයවැනි ප්‍රකාශ කරන්නේ. ඒ අය හිතනවා ඇති රටේ හැමෝම මිනිස්‌සු ගොන්නු කියලා. අම්මා කන දේ කිරිවලට එනව නම් අපේ අම්මලා කරවල කෑවම තනකිරිවලත් කරවල රහ එන්න එපායෑ. මේ ආනයනික සමාගම් මීට පෙර කිරිපිටිවලට මෙලමයින් දැම්මා. ඒක අහුවුණාම තමයි මේ ඩීසීඩී කිරිපිටිවලට මිශ්‍ර කරන්නේ. මේ රසකාරක එකතු කරන්නේ පිටිකිරිවලට රසයක් ලබා දීමටයි. දේශීය කිරිපිටිවල මෙවැනි රසායනික අඩංගු නොකරන නිසා රසයෙන් අඩු බවට ඇතැම් පිරිස් තුළ මතයක් තියෙනවා.
ප්‍රශ්නය(- අපේ පැරණි මුතුන් මිත්තො කිරිපිටි කියල දෙයක් භාවිත කර නැහැ. ඔවුන් නැවුම් එළකිරි භාවිතයට ගෙන ලෝකය පුදුම කරවන විශ්මිත නිර්මාණයන් කළා. ඇයි අපිට කිරිපිටි නැතිවම බැරි ජාතියක් බවට පත්වෙලා තියෙන්නේ.
පිළිතුර(- නවසීලන්තය, ඔස්‌ටේ්‍රලියාව වැනි රටවල් ලෝකයට හඳුන්වා දීලා තවම වසර 300 කට වඩා නැහැ. අපි වසර දහස් ගණනක ප්‍රෙෘඪ ඉතිහාසයක සිට පැවත එන මිනිස්‌සු. අපේ පැරණි මිනිස්‌සු කිරිපිටි බිව්වේ නැහැ. උදේට නැගිටලා ගෙදර හිටපු වැස්‌සිගෙන් කිරි අරගෙන බීපු ජාතියක්. ඉස්‌සර හැම ගෙදරකම වැස්‌සියෙක් හිටියා. ගමේ කිරිගෙදර කියල ගෙයක් තිබුණා. අපේ පැරණි රජවරු විශ්මිත නිර්මාණ කළේ කිරිපිටි බීලද? අපි උදාසීන ජාතියක් වෙලා. අපේ දේ ගැන ගරු කිරීමක් තැකීමක් නැහැ. පිටරටවලින් ගෙන්වන කිරිපිටි තහනම් කළොත් අපි මැරෙනවද? අපේ රටට අවශ්‍ය කිරිපිටි සහ දියර කිරි අපේ රටේ නිපදවන්න පුළුවන්කම අපේ කිරි ගොවියට තියෙනවා. මේවා පිළිගන්න කවුරුත් කැමැති නැහැ.
ප්‍රශ්නය(- ගිය වසරේ (2012) අපේ රටට කිරිපිටි ටොන් 83,000 ක් ගෙන්වලා තියෙන බව මහාබැංකු වාර්තාවෙන් හෙළිවෙනවා. එතරම් ප්‍රමාණයක් දේශීය වශයෙන් නිපදවන්න පුළුවන්ද?
පිළිතුර(- අපේ රටේ හරක් ලක්‍ෂ 12 ක් ඉන්නවා. අපි ප්‍රයෝජනයට ගන්නේ ලක්‍ෂ දෙකහමාරකගේ කිරියි. අපිට බොරුවට පිටරටවලින් හරක් ගෙන්වන්න ඕන නැහැ. අපේ ඉන්න ගවයන්ගෙන් පුළුවන් රටට අවශ්‍ය කිරි ප්‍රමාණය නිපදවා ගන්න. යාපනයේ ගවයෝ 75,000 ක් ඉන්නවා. අනුරාධපුරය, පොළොන්නරුව ගත්තම කොච්චර ගවයො ඉන්නවද? ඇයි ඒ ප්‍රදේශවලට කිරිපිටි යවන්නේ. කිරිපිටි ටොන් 83,000 ක් ගෙන්වන්න ගිය අවුරුද්දෙ ඩොලර් මිලියන 500 ක් වැය කරල තියෙනවා. රුපියල් නම් මිලියන 50,000 ක්. අපේ කිරි ගොවියා ආරක්‍ෂා කරගෙන ක්‍රමවත් වැඩපිළිවෙළක් සකස් කරනවා නම් මේ සල්ලි රටේ ඉතුරු වෙනවනේ.
අපේ කාන්තාවෝ රට ගිහින් දුක් මහන්සිවෙලා හම්බකරලා එවන මුදල් අපි නැවත කිරිපිටි හරහා දරුවන්ට විස කවන්න පිටරටවලටම යවනවා. මිලියන 50,000 ක් කියන්නෙ පොඩ්ඩක්‌ද? එක පවුලකට මිලියනයක් ගානේ දීලා කිරි ගොවියා දියුණු කළොත් පවුල් 50,000 ක් දියුණු කරන්න පුළුවන්. අපි උතුරේ හෝ දකුණේ කිරි ගොවියා දියුණු කරන්න වැඩපිළිවෙළක් සකස් කරන්නේ නැහැ. උතුරේ කිරි ගොවිය එල්. ටී. ටී. ඊ. කාරයෙක්, දකුණේ කිරි ගොවියා ජ.වි.පෙ. කාරයෙක් වුණා කියනවා. ඊට පස්‌සෙ වෙඩි තියන්න වෙනවා. ඒකයි අපි හැමදාම කියන්නේ අපේ දෙවුන්දර තුඩුවෙ ඉඳලා පේදුරුතුඩුවට ගත්තොත් ඕනෑම තැනක ගවයන්ට ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් තියෙනවා. කිරි නිෂ්පාදනය වැඩි කිරීමට පියවර ගන්න කියලා.
කිරි විතරක් නෙමෙයි මේ රටට මාළුත් අවශ්‍ය නැහැ. චිලී රාජ්‍යයෙන් මාළු ටින් 61,000 ක් මාසෙකට ගෙන්වනවා. රන්දෙනිගල, කොත්මලේ, වික්‌ටෝරියා වැනි ජලාශ ප්‍රයෝජනයට ගෙන මාළු අස්‌වැන්න වැඩි කර ගැනීමේ අවශ්‍යතාවයක් අපේ අයට නැහැ. අපේ සම්පත්වලින් අපි උපරිම ප්‍රයෝජන ගත යුතුයි. පශු සම්පත් ආයතනයේ දෙවරක් සභාපතිවෙලා මම හිටියා. මම දේශීය දේ නගාසිටුවන්න සෑහෙන උත්සාහයක් කළා. ඊට පස්‌සෙ මට කරන්න පුළුවන් දේ තමයි විශාල මුදලක් දාලා පැල්වත්ත කර්මාන්ත ශාලාව ආරම්භ කළේ. ඒ කිරි ගොවියා ගැන හිතලයි. දේශීය ආයතන එකතු කරගෙන මව්බිම ලංකා පදනම ඇති කරලා පාන් කන්න එපා බත් කන්න කියල අපි කිව්වා. සිරිලක දේ සිරිසැප දේ කියලා කිව්වේ ඒ නිසයි. පාන් කාලා අපි ලෙඩ හදාගන්නවා. අපේ රටට අවශ්‍ය තිරිඟු අපේ දේශගුණය අනුව අපිටම හදාගන්න බැහැ කියලා අපි දන්නවා. ඒ අපිට අගුණ හින්ද වෙන්න පුළුවන්. බුදුන් වහන්සේ පවා මීට වසර 2600 කට පෙර රටක මහ පොළොවේ දෙයක් වැවෙන්නේ නැත්නම් ඒ දේ ඒ රටේ ජනතාවට ගැලපෙන්නේ නැහැ කියලා දේශනා කරලා තියෙනවා. එයත් සැලකිල්ලට ගෙන අපිට පාන්පිටි ප්‍රතික්‍ෂේප කරන්න පුළුවන්.
පාන්පිටි ගෙන්වන ඇමරිකාව, එංගලන්තය වැනි රටවලින් අපිට තිරිඟු පිටි ලැබුණට එහි පෝෂ්‍යදායක දේ ලබාගෙන සුදු පිටි විතරයි ලබාදෙන්නේ. සුද්දො ඉංගී්‍රසි කතාකරන නිසා අපි හැම දේම ඒ අයගෙ උපදෙස් අනුව පිළිපදින්න යනවා. ජපානය, චීනය සුද්දට ඕනෑ විදියට ජීවත් වෙන්නේ නැහැ. අද චීනයට ඇමරිකාව ණයයි. ඒ චීනයට ඕනෑ විදියට ආර්ථිකය හැඩ ගස්‌සාගෙන ආර්ථික අතින් දියුණු වී තිබීමයි.
ප්‍රශ්නය(- ලෝකයේ දියුණු යෑයි කියන රටවල් කිරිපිටි භාවිතයෙන් ඉවත් වී දියර කිරි පරිභෝජනයට පුරුදුවෙලා තියෙනවා. ඇයි අපිට එහෙම බැරි.
පිළිතුර(- දියුණු රටවල් කියන්නේ මොකද්ද? පිරිමි පිරිමි නීත්‍යනුකූලව බඳින්න, ගෑනු ගෑනු නීත්‍යනුකූලව බඳින්න නීති සකස් කරන එකද? ඒ අයගේ සංවර භාවයක් නැහැ. කොළ කෑල්ලෙන් පස්‌ස පිහිදා ගන්නවා. අපි එහෙමද? සංස්‌කෘතිය, සදාචාරය ආරක්‍ෂා කර ගනිමින් ජීවත් වන ජාතියක්. නවසීලන්තයෙන් අපිට කිරි ගේනවා. එහි පරම ආයුෂ අවුරුදු 100 ට අඩුයි. අපේ පරම ආයුෂ අවුරුදු 100 ට වැඩි අය ජීවත් වෙනවා. නවසීලන්තයේ පෝෂ්‍යදායක දේම නිපදවනවා නම් එහි ජීවත් වන ජනතාවගේ ආයුෂත් වැඩිවෙන්න එපැයි.
නවසීලන්තයෙන් ගෙන්වන කිරිපිටි කොපමණ පරණ ද කියල කවුද දන්නේ. අපේ රටේ නැවුම් කිරි මිලදී ගෙන කල් තබා ගැනීමකින් තොරව කිරිපිටි බවට පත්කරනවා. ලෝකයේ ඕනෑම කිරි ජාතියකට වඩා මගේ කිරි නිෂ්පාදන ඉහළ තත්ත්වයක පවතින බව මට විශ්වාසයි.
නවසීලන්තය අවුරුද්දෙ මාස හයක් හිම වැටෙන රටක්. ඒ මාස හයේ කිරි සමාගම්වලට අවශ්‍ය කිරිපිටි ප්‍රමාණය හිම නොවැටෙන මාස හයේ නිපදවා ගැනීමට ඒ අය කටයුතු කරනවා. ඒ සඳහා කිරිපිටිවලට නොයෙකුත් රසායනිකයන් එකතු කරනවා.
ප්‍රශ්නය(- ඔබ කියනවා දේශීය කිරිපිටි ඉල්ලුමට සරිලන සැපයුමක් දේශීය වෙළෙඳ පොළෙන් පාරිභෝගිකයාට ලබාගන්න පුළුවන් කියලා. ඔබ එය වගකීමෙන්ද කියන්නේ.
පිළිතුර(- ඔව් අපේ රටේ සතොස කඩවල් 260 ක් තියෙනවා. මේ කඩවලට මම නිෂ්පාදනය කරන පැල්වත්ත කිරිපිටි පැකට්‌ටුවක් රුපියල් 100 ක් අඩුවෙන් ලබාදෙන්න කැමති වුණා. ඒත් ඒ අය ප්‍රතික්‍ෂේප කළා. ඒ නිසා සතොස කඩ හැරෙන්න වෙනත් කඩවලින් අපේ නිෂ්පාදන ලබාගන්න පුළුවන්.
ප්‍රශ්නය(- ඒ කොමිස් මුදලක් හෝ වෙනත් සන්තෝසමක් ඔබතුමා ලබා නොදුන් නිසාද?
පිළිතුර(- ඒක ඒ අයගෙන්ම අහන්න ඕනෑ. අපි සතොස හැදුවේ කිරි ගොවියාගේ කිරි ටික මිලදී ගන්න තවත් එක් ස්‌ථානයක් ලෙසටයි. අද දේශීය කිරිවලින් නිපදවන අපේ කිරිපිටි ටිකවත් සතොස ගන්නේ නැහැ. මම මේ රටේ කිරි නිෂ්පාදන වැඩිකර අපේ කිරි ගොවියා රැක ගන්න ඕනෑ කියන ස්‌ථාවරයේ ඉන්න නිසා සිදුවන ඇතැම් සිදුවීම් ගැන විමතියකුත් ඇතිවෙනවා. මට සල්ලි තියෙනවා. ඒ මුදල් ටික බැංකුවක දාලා ලෝකයේ ඕනෑම රටක මට දරුවොත් එක්‌ක ජීවත් වෙන්න පුළුවන්. එහෙම වුණොත් තවත් අපේ රටේ කිරිගොවීන් පිරිසක් අසරණ වෙයි. එය වනවා දකින්නට මම අකමැතියි. අපේ කිරි ගොවියා රැක ගතයුතුයි කියන පරම ෙච්තනාව නිසා මම තවදුරටත් මෙම ව්‍යාපාරයේ රැඳී සිටිනවා.
අපි කතාකරන්නේ ආනයනික කිරිපිටි ගැන පමණයි. නමුත් නවසීලන්තයෙන්, ඔස්‌ටේ්‍රලියාවෙන් ගෙන්වන බටර්, චීස්, වැනි නිෂ්පාදන කෙරෙහිත් අවධානය යොමුකර ඒවාගේද ඩීසීඩී නමැති විස රසායන තියෙනවද කියල දැන ගත යුතු වෙනවා. අද පොල්තෙල්වලට µdම් තෙල් මිශ්‍ර කරලා අලවි කරනවා. අපේ ඇතැමුන් මහජනතාව ගැන නොව මුදලට ලොල්වෙලා නොයකුත් රසායනිකයන් මිශ්‍ර කර ආහාර අලෙවි කරනවා. මේවා සොයා බලන නිසි ක්‍රමවේදයක් දකින්න ලැබෙන්නේ නැහැ.
අපි අහල තියෙන්නේ හිඟන්නන්ට කොහෙන්ද උණු බත් කියලනේ. ඒ කියන්නේ උණු බත් නොකන අය හිඟන්නෝ කියලනේ. අපේ රටේ හැම ගෙදරකම වගේ කන්නේ උණු බත්නේ. ඒ කියන්නේ හිඟන්නො නොවෙන එකනෙ. සුද්ද තමයි අයිස් පෙට්‌ටිවල දාගෙන හීල් කරගෙන කන්නේ. අපේ අයත් සුද්ද කරන නිසා අයිස් පෙට්‌ටියේ දාගෙන හීල් කරගෙන කනවා. ඊට පස්‌සේ විදුලි බිල වැඩියි කියල කෑගහනවා. මොකටද අපි හීල් කරගෙන කන්නේ. රටේ ඕනෑම තැනකින් දර ටිකක් හොයා ගන්න පුළුවන්. ඕන දෙයක් රත් කරගෙන කන්න පුළුවන්. එහෙම කාපු ජාතියක් අපි.
ප්‍රශ්නය(- ඔබ එසේ කිව්වට කාර්යබහුල ජීවිතයක් ගත කරන අයට ප්‍රායෝගිකව ඔය දේවල් කරන්න පුළුවන්ද?
පිළිතුර(- කව්ද කාර්ය බහුල. අපි කාර්ය බහුලව වැඩ කළා නම් සල්ලි හම්බ කරලා තියෙන්න එපැයි. රටේ ජීවත්වන එකෙක් ලෝකයට ලක්‍ෂ තුනක් ණයයිනේ. උපදින්න ඉන්න එකත් ණයයිනේ. කාර්යක්‍ෂම ජාතියක් නම් අපි ලෝකය හමුවේ හිඟන්නො වෙන්න බැහැනේ.
අද ජංගම දුරකථනවලට තෙල්වලට වඩා මිලක් පිටරටවලට අපෙන් ඇදී යනවා. රටේ ජනගහනය මිලියන 200 යි. ජංගම දුරකථන මිලියන 200 පැනලා. ඒ කියන්නේ ඉපදිච්ච හැම එකාටත් වැඩිය දුරකථන රටේ භාවිත වෙනවා කියන එකනෙ. සිංගප්පූරුව වතුර බිංදුවක් නැහැ. කුඹුරු අක්‌කරයක් නැහැ. අල්ලපු රටවලින් ඒවා ගෙනල්ල අපිට වඩා ඉදිරියෙන් ඉන්නවා. සිංගප්පූරුවේ එක පුද්ගලයකුගේ හැඳුනුම්පතට එක ජංගම දුරකථනයයි. එක වාහනයයි. බොහෝ රටවල අවුරුදු 18 ට අඩු අයට ජංගම දුරකථන, බැංකු ගිණුම් පැවතීම තහනම්. ඉන්දියාවෙත් එහෙමයි. ඒකට අපේ රටේ නාස්‌තිකාර වැඩවලට අසීමිතව වැය කරනවා.
ප්‍රශ්නය(- කිරි ගොවියා නගාසිටුවා දේශීය කිරි නිෂ්පාදනය වැඩි කර ගැනීමට රාජ්‍ය මැදිහත්වීමෙන් කුමක් කළ යුතුද?
පිළිතුර(- රජයෙන් මුකුත් කරන්න ඕන නැහැ. පිටරටවලින් එන කිරිපිටි පරිභෝජනය කිරීමෙන් මහජනයා වැළකී සිටිය යුතුයි. අපේ රටේ හලාල් විරෝධී බලවේග ඇතුළු විවිධ බලවේග කාලයෙන් කාලයට පැමිණ හඬ නගනවා. ඇයි කාටවත් බැරි විදෙස් රටවලින් ගෙන්වන කිරිපිටි මහජනතාව පරිභෝජනය කිරීමෙන් වැළකී සිටින්න කියලා හඬක් නගන්න. ඒ අයගෙන් මුදල් එන හින්දද?
අපිට රාජ්‍ය මැදිහත්වීම් අවශ්‍ය නැහැ. අපි ගෙදර කිරි හරකෙක් හදාගෙන කිරි බීපු පිරිසක්. ගෙදර ගවයන් කුඹුරට බස්‌සලා කුඹුරු වැඩ කරගත් ජාතියක්. ගවයන් නැති අයට කිරි ලබාගන්න කිරි ගෙදර කියලා ගමේ ගෙයක් තිබුණා. ඒ නිසා මේ ගැන කමිටු පත්කිරීමෙන් හෝ මහ සැලසුම් හදන්න අවශ්‍ය නැහැ. දැනට රටේ ගවයෝ ලක්‍ෂ 12 ක් ජීවත් වෙනවා. කිරි ලබාගන්නේ ලක්‍ෂ දෙකහමාරක ගව කිරියි. ඉතිරි ගවයින්ගේ කිරි ලබාගැනීමට ක්‍රමවත් වැඩසටහනක් සකස් කිරීම රටට අවශ්‍ය කිරිපිටි සහ දියර කිරි ලබාගැනීමට හොඳටම ප්‍රමාණවත්.
සාකච්ඡා කළේ චමින්ද සිල්වා
http://www.divaina.com/2013/08/13/feature01.html
සබැඳි ලිපි -
[කිරි, මෙලමයින් සහ DCD - ඇත්ත මොකක්ද?http://denethharinna.blogspot.com/2013/08/dcd.html
'වේ ප්‍රොAටීන්' අඩංගු සියලු කිරිපිටි වෙළෙඳපොළෙන් ඉවතටhttp://denethharinna.blogspot.com/2013/08/blog-post_13.htmlසෞඛ්‍ය අමාත්‍යාශය මහජනයා පැත්තේද? බහුජාතික සමාගම් ඔඩොක්කුවේද? - JHUhttp://denethharinna.blogspot.com/2013/08/jhu.htmlආනයනික කිරිපිටි සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යාංශයේ පියවර ගැන වෛද්‍ය සංගමය විමසිල්ලෙන්http://denethharinna.blogspot.com/2013/08/blog-post_1161.htmlමෙම කිරිපිටි තහනම් - කිරිපිටි තහනම ක්‍රියාත්මක දැයි සොයා බලන්න - සෞඛ්‍ය අමාත්‍යාංශයhttp://denethharinna.blogspot.com/2013/08/blog-post_6516.htmlකිරිපිටි සමාගමකට දැන්වීම් ප්‍රචාරය තහනම් - අභියාචනාධිකරණයhttp://denethharinna.blogspot.com/2013/08/blog-post_2390.htmlෆොන්ටෙරා සමාගම ආහාරවලට විෂ වර්ග එක් කිරීම සම්බන්ධයෙන් පෙර වැරදිකරුවෙක් - වසන්ත බණ්ඩාරhttp://denethharinna.blogspot.com/2013/08/blog-post_6050.htmlANCHOR 1+, ANCHOR FULL CREAM MILK POWDER, MALIBAN NON FAT MILK, DIAMOND MILK POWDER තහනම් කිරි වැටලීම් ඇරඹේhttp://denethharinna.blogspot.com/2013/08/anchor-1-anchor-full-cream-milk-powder.htmlවස විස නෑ…. හයිලන්ඞ්, පැලවත්ත තහනම් නෑhttp://denethharinna.blogspot.com/2013/08/blog-post_1288.htmlඇන්කර් වෙළඳ දැන්වීම් තහනම් – අධිකරණ නියෝගයක්http://denethharinna.blogspot.com/2013/08/blog-post_9681.htmlකිරිපිටි වෙළඳ දැන්වීම් තහනම්… ළදරු කිරිපිටි විකිණීම තහනම්… සියල්ල වෙළෙඳපොළෙන් ඉවතටhttp://denethharinna.blogspot.com/2013/08/blog-post_2806.htmlපිටිකිරි අර්බුදයේ ඇතුළාන්තයhttp://denethharinna.blogspot.com/2013/08/blog-post_1481.htmlවිෂ රසායන ඇති කිරිපිටි ඉවත දමනු - වෛද්‍ය අනුරුද්ධ පාදෙණියhttp://denethharinna.blogspot.com/2013/08/blog-post_3391.htmlනවසීලන්තයෙන් ගේන ළදරු කිරිපිටි නවතයිhttp://denethharinna.blogspot.com/2013/08/blog-post_54.htmlපුටින් ෆොන්ටෙරා නිෂ්පාදන තහනම් කර පයින් ගසා රුසියාවෙන් පන්නයිhttp://denethharinna.blogspot.com/2013/08/blog-post_60.htmlමරණීය විෂ අසුවේ… සියළු ෆොන්ටෙරා නිෂ්පාදන චීනයෙන් ඉවත් කෙරේhttp://denethharinna.blogspot.com/2013/08/blog-post_9949.html
]






0 comments:
Post a Comment