Pages

Saturday, November 30, 2013

සිවිල් වැසියන්ට ප්‍රහාර එල්ල කළ පකිස්‌තානයේ සී. අයි. ඒ. ප්‍රධානියාට යුද අපරාධ චෝදනා ???

ඩ්‍රෝන් යානාවලින් ප්‍රහාර එල්ල කර සිවිල් වැසියන් ඝාතනය කිරීම ගැන පකිස්‌තානයේ ඉස්‌ලාමාබාද්හි සී. අයි. ඒ. ප්‍රධානී ජෝන් බ්‍රිමන්ට යුද අපරාධ චෝදනා එල්ල කරන්නැයි තෙහෙරිනක්‌ ඉන්සාප් පක්‍ෂය පකිස්‌තාන් රජයෙන් ඉල්ලා ඇත. පසුගිය 21 දා කයිබර් ප්‍රදේශයේ ඉස්‌ලාමීය ආගමික මධ්‍යස්‌ථානයට ඩ්‍රෝන් ප්‍රහාර එල්ල වූ බවද එම පක්‍ෂය කියා සිටී. ඇමරිකානු සී. අයි. ඒ. නිලධාරියාගේ අනන්‍යතාව හෙළි වීම නිසා පකිස්‌තාන් රජය බරපතල දුෂ්කරතාවකට පත් වී ඇත. ඩ්‍රෝන් ප්‍රහාර නිසා සිවිල්...

ඕල්කට්‌ කුසලාන බෞද්ධ පාසල් ක්‍රිකට්‌ තරගාවලිය අද ඇරඹේ

හෙන්රි ස්‌ටීල් ඕල්කට්‌ අනුස්‌මරණ බෞද්ධ පාසල් ක්‍රිකට්‌ තරගාවලිය අද (30 දා) මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට්‌ ක්‍රීඩාංගණයේ දී ආරම්භ වෙයි. මහනුවර ධර්මරාජ විදුහලේ ක්‍රීඩා පදනම විසින් තරගාවලිය සංවිධානය කරනු ලබන අතර සිංගර් ශ්‍රී ලංකා ආයතනය ඒ සඳහා පූර්ණ අනුග්‍රහය දක්‌වනු ඇත. 14 වැනි වරටත් සංවිධානය කොට ඇති මෙම ක්‍රිකට්‌ තරගාවලිය අංශ දෙකකින් සමන්විත වෙයි. ඒ අනුව අද (30 දා) සහ හෙට (1 දා) බෞද්ධ පාසල් ආදි සිසුන්ගේ වයස අවු. 40 ට වැඩි ක්‍රිකට්‌ තරගාවලිය...

උතුරේ ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව ඉහළට

උතුරු පළාතේ ඡන්ද දායක සංඛ්‍යාව 2013 නව ඡන්ද නාම ලේඛනයට අනුව තවත් හැට දහසකින් පමණ වැඩිවනු ඇති බව මැතිවරණ කාර්යාලය පවසයි. නව ඡන්ද නාම ලේඛනය සඳහා යාපනය දිස්‌ත්‍රික්‌කයෙන් 50,279 ක්‌ හා වන්නි දිස්‌ත්‍රික්‌කයෙන් 29,846 ක්‌ අලුතින් ලියාපදිංචිය ඉල්ලුම් කර ඇත. එමෙන්ම ලියාපදිංචි වීමට නොහැකි වූ අයට අභියාචනා ඉදිරිපත් කිරීමට ඉකුත් ඔක්‌තෝබර් මාසයේ ලබා දුන් කාල සීමාවේදී යාපනයෙන් 2,880, වවුනියාවෙන් 5,485 ක්‌, මුලතිව් 1,778 ක්‌ හා මන්නාරමෙන් 4,226 ක්‌ අලුතෙන්...

ශ්‍රී ලංකාවේ ජනගහනය ලක්ෂ 202යි. සිංහල 151, බෞද්ධ 142 වැඩිම නිවාස ගම්පහ දිස්ත්‍රික්කයේ. දෙවනුව කොළඹ

ජන සංගණනය සඳහා 2011 සහ 2012 යන වසරවලදී රුපියල් කෝටි 173 ක්‌ (රුපියල් 173,22,77222 ක්‌) වැය වී ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය සහයෝගීතාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ ඇමැති ආචාර්ය සරත් අමුණුගම මහතා ඊයේ (29 වැනිදා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. මෙම මුදලින් රුපියල් කෝටි 87 ක්‌ (රුපියල් 86,8742,660 ක්‌) පමණ වැය වී තිබෙන්නේ සංගණනය සඳහා සහභාගි වූ නිලධාරීන්ගේ වැටුප් හා දීමනා ගෙවීම වෙනුවෙන් බව ද ඇමැතිවරයා කීවේය. සංගණනයට පුද්ගලයන් 99000 ක්‌ යෙද වූ බව ද කී ඇමැතිවරයා ගණන්...

අභාවප්‍රාප්ත අලස්‌ මහතාගේ දේහයට අවසන් ගෞරව

කොළඹ ඩී. එස්‌. සේනානායක විදුහලේ ආරම්භක විදුහල්පති සහ ගේට්‌වේ ජාත්‍යන්තර පාසලේ නිර්මාතෘ ආර්. අයි. ටී. අලස්‌ මහතාගේ දේහය බොරැල්ලේ පිහිටි ඒ මහතාගේ නිවසේ ඊයේ (29 වැනිදා) තැන්පත් කර තිබියදී අවසන් ගෞරව දැක්‌වීම සඳහා පැමිණි සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන, ඛනිජ තෙල් සම්පත් ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා සහ අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන යන මහත්වරුන් පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස්‌ මහතා සමඟ දේහයට අවසන් ගෞරව දැක්‌වූ අයුරු. ඡායාරූපය - සමන් රණවීර http://www.divaina.com/2013/11/30/news37.html සබැඳි...

සත්‍ය සෙවීමේ කොමිසමට දකුණු අප්‍රිකාවේ සහාය

වන්නි මෙහෙයුම සමයේ සිදු වූ බව කියන මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ චෝදනා සම්බන්ධව විමර්ශනය කිරීමට ශ්‍රී ලංකා රජය යෝජනා කළ සත්‍ය සෙවීමේ කොමිසමට සහාය දැක්‌වීමට දකුණු අප්‍රිකානු ජනාධිපති ඡේකබ් සුමා මහතා කැමැත්ත පළකර ඇත. ඒ සඳහා පූර්ණ සහාය සහ අවශ්‍ය සැලසුම් ශ්‍රී ලංකා රජයට ලබාදීමට ක්‍රියාකරන බව දකුණු අප්‍රිකානු රජය ඊයේ (29) මෙරටට දැනුම් දී තිබේ. මෙම සත්‍ය සෙවීමේ කොමිසම ගැන දකුණු අප්‍රිකානු ද්‍රවිඩ සන්ධානයෙන්ද අදහස්‌ විමසා ඇති අතර ඉන්දියාවේ අදහසද විමසන...

කොටි නාඩගම්වලට රටවල් 6ක්‌ ඉඩදෙයි

මියගිය කොටි ත්‍රස්‌තවාදීන් සැමරීම සඳහා කොටි හිතවාදී පුද්ගලයන් විසින් සංවිධානය කළ උත්සව පැවැත්වීමට රටවල් හයක ආණ්‌ඩු ඉඩදී ඇත. බ්‍රිතාන්‍යය, ප්‍රංශය, ස්‌විට්‌සර්ලන්තය, නෝර්වේ, ජර්මනිය සහ කැනඩාව යන රටවල් මෙලෙස ඉඩ ලබාදීම නිසා අදාළ උත්සව ඉකුත් දෙදින තුළ (27 සහ 28) පැවැත්වීමට කොටි හිතවාදී සංවිධාන පියවරගෙන තිබිණි. මෙම සමරු උත්සව සඳහා ඇතැම් රටවල දේශපාලනඥයන්ද සහභාගි වී තිබේ. බ්‍රිතාන්‍යය එරට තුළ කොටි සංවිධානය තහනම් කළද මෙම සැමරුම් උත්සව සඳහා ඉඩ ලබාදී...

එල්ටීටීඊ ම්ලේච්චත්වය කියන චිත්‍රපටයක්‌ යුරෝපා සංගම් පාර්ලිමේන්තුව හමුවේ | The Last Phase

එල්ටීටීඊ ත්‍රස්‌තවාදීන්ගේ ම්ලේච්චත්වය පෙන්නුම් කරමින් හිටපු එල්ටීටීඊ ප්‍රබල ක්‍රියාකාරිනියක කරන පාපොච්ඡාරණයක්‌ අලලා සැකසුණු කෙටි චිත්‍රපටයක්‌ බෙල්ජියමේ බ්‍රසල්ස්‌ නුවර පිහිටි යුරෝපා සංගම් පාර්ලිමේන්තුව හමුවේ ප්‍රදර්ශනය කිරීමට ප්‍රථම වතාවට ශ්‍රී ලංකාවට ඉකුත් 28 වැනිදා අවස්‌ථාව හිමි විය. ප්‍රභාකරන්ගේ ත්‍රස්‌තවාදය නිසා තමා හා තම දරුවන් ඇතුළු පවුලේ සියලු දෙනාගේ ජීවිත ඛේදනීය ඉරණමකට ගොදුරු වූ අයුරු එම එල්ටීටීඊ ක්‍රියාකාරිණිය ඉතා සංවේදී ලෙස ලෝකයට කියන...

ඒකාධිකාරිය බින්දොත් පිළිකා එන්නතේ මිල භාගයක්‌ අඩුවෙයි

පිළිකා එන්නත් ඒකාධිකාරිය බිඳ දමන්නේ නම් "නැබ් පැක්‌ලිටැක්‌ස්‌ල්" (Nab Paclitaxl) නම් ඖෂධය රුපියල් තිස්‌අටදහසක මිලකට වෙනත් ඖෂධ සමාගම්වලින් ගත හැකි බව වෛද්‍ය සැපයුම් අංශයේ නිලධාරියෙක්‌ "දිවයින"ට පැවසීය. මෙම ඖෂධය මෙතෙක්‌ කලක්‌ මිලදීගෙන ඇත්තේ රුපියල් හැත්තෑතුන්දහසක්‌ වැනි මිලකට යෑයි ද එම නිලධාරියා කියා සිටියේය. රෝගී ළමුන්ට ලබාදීම සඳහා පිළිකා රෝහලට මිලදීගෙන තිබූ ඖෂධ සොරකම් කර යළි වෛද්‍ය සැපයුම් අංශයට විකුණූ ජාවාරමට සම්බන්ධ අසාදුගත ලේඛනගත කළ (black...

රටවල් තුනකින් ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවක්‌

ලබන වසරේ මාර්තු 3 දා ආරම්භ වන ජිනීවා මානව හිමිකම් සමුළුවට මහා බ්‍රිතාන්‍යය කැනඩාව සහ ඇමරිකාව යන රටවල් ශ්‍රී ලංකාවට එරෙහිව ඒකාබද්ධ යෝජනාවක්‌ ගෙන ඒමට තීරණය කර ඇත. මේ වන විට ඇමරිකාව යෝජනා 2 ක්‌ ගෙනවිත් තිබේ. ශ්‍රී ලංකා රජය යුද අපරාධ සිදුකළ බවට දන්වමින් මෙම යෝජනාව මාර්තු 21 සහ 23 යන කාලසීමාවේ ඉදිරිපත් කෙරෙන බව ඉහළ පෙළේ ආරංචි මාර්ග කියාසිටී. බ්‍රිතාන්‍යයේ විදේශ ලේකම් විලියම් හේග් මෙකී යෝජනාව ගොනු කිරීම සඳහා මානව හිමිකම් කොමසාරිස්‌ නවි පිල්ලේ සමග...

දස්කම්, විස්කම් මවමින් කොළඹ විනයකරුකම පාසල තැනූ, ඩී. එස්. නියමු ආර්. අයි. ටී. අලස්

රාජකීය විදුහලේ කලබලකාරී පරිසරයක් නිර්මාණය වන්නේ උදේ විදුහල පටන් ගැනීමට පෙරය. ළමෝ කලබලයෙන් පන්ති කාමරවලට යති.  එය 1967 වර්ෂයේ තවත් දිනයකි. අපොස සාමාන්‍ය පෙළ පන්තිවලට ගණිතය උගන්වන මහරගම ගුරු අභ්‍යාස විදුහලේ පුහුණුව ලැබු ආර්. අයි. ටී. අලස් පොත අස්සන් කොට ගුරු කාමරයට වෙනදා වගේම ගියේ කාල සටහන අනුව පන්තියකට යා යුත්තේ දෙවැනි කාල පරිච්ඡේදයේ නිසාය. එවක රාජකීය විදුහලේ විදුහල්පති වූයේ බෝගොඩ ප්‍රේමරත්න මහතාය. ඔහු අලස්ට කතා කළේ කෙටි නමකිනි. ආර්. අයි....

Friday, November 29, 2013

දෙවනගලට ජයග්‍රහණයේ සේයාවක්

කලක් දළදා වහන්සේද වැඩසිටියේ යයි කියන මාවනැල්ල දෙවනගල පුදබිම ඉස්ලාම් ආගමිකයන්ගේ ග්‍රහණයෙන් මුදා දෙන ලෙස ඉල්ලමින් නැවතත් මාරාන්තික උපවාසයක් කරන්නට අද දින සිංහල රාවය ජාතික සංවිධානයේ කැදවුම්කරු මාගල්කන්දේ සුදත්ත හිමියන්, අනුරාධපුර අමතධම්ම හිමියන් ඇතුළු භික්ෂුන් වහන්සේලා හය දෙනෙක් මාරාන්තික උපවාසයක් ආරම්භ කළ අතර දෙවනගල පූජා භූමිය සුරුකීමේ ජාතික ව්‍යාපාරය විසින් මෙය සංවිධානය කරනු ලැබිණ. දෙවනගල පුදබිමේ අනවසර ඉදිකිරීම් ඉවත් කොට එහි පුරාවිද්‍යා කැණීම් අරඹා...

උදරය හා නිල ඇඳුම පසාරු කරගෙන මස් කැබලි පිටතට ඇවිත් තිබුණා - හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා ඊයේ අධිකරණයේදී පවසයි

මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලැබූ තමා ජාතික රෝහලට ගෙන යද්දී උදරයෙන් රුධිරය වහනය වූ බවත් උදරය හා නිල ඇඳුම පසාරු කරගෙන මස් කැබලි එළියට පැමිණ තිබුණු බවත් හිටපු හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ඊයේ (29) කොළඹ මහාධිකරණ විනිසුරු කුමුදුනී වික්‍රමසිංහ මහත්මිය හමුවේ කියා සිටියේය. සරත් ෆොන්සේකා ඝාතනය කිරීමට සැලසුම් කිරීම 12 දෙනකුට මරු කැඳවීම විශාල පිරිසකට තුවාල සිදුකිරීම ඇතුළු චෝදනා 230ක් යටතේ නීතිපතිවරයා විසින් විත්තිකරුවන් තිදෙනකුට එරෙහිව නඩු...

උසාවි නියෝගවලට පිටුපාමින් මුසලු දෙවනගල පුදබිම ආක්‍රමණයට එරෙහි යතිවර සටනට මෑණිවරුත් එක්වෙති

දෙවනගල පූජා භූමිය සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් මෙහෙයවන භික්ෂූන් වහන්සේ අට නමකගෙන් යුක්ත මරාන්තික උපවාසය බ්‍රහස්පතින්දා (28) පෙරවරුවේ මාවනැල්ල ප්‍රධාන බස් නැවතුමේ පිහිටි විහාරගෙයි අභියස දී ආරම්භ වූ අතර ඊට සහය පලකරමින් දෙවනගල,රුවන්දෙනිය වැනි ප්‍රදේශවලින් පැමිණි මව්වරු 25ක් පමණ මාරාන්තික උපවාසයට එක් වී ඇත. මේවනවිට ඒ අවට විශාප පිරිසක් එක්වී සිටින අතර පොලිස් ආරක්ෂාවද තරකොට තිබේ.බෞද්ධ ප්‍රජාව අතර ඉමහත් භක්තියට පත් මෙම පූජා භූමිය අන්‍ය ආගමිකයන් විසින්...

ඉන්දියන් සාගරයේ නාවික බලය එක්‌තැන් කළ 'ගාලු කතිකාව'

දූපතක්‌ වන ශ්‍රී ලංකාවේ ආරක්‍ෂාව උදෙසා සුවිශාල මෙහෙයක්‌ ඉටු කිරීමේ ප්‍රධාන වගකීමක්‌ ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත පැවරී ඇත. එහිලා නාවික හමුදාවට ඉටු කිරීමට තිබෙන කාර්යභාරයද අති මහත් ය. දශක තුනක යුද්ධය අවසන් නිසා රට අභ්‍යන්තරයෙහි ආරක්‍ෂක කටයුතුවල නිරතවීම සහ සංවර්ධනයට දායක වීම යුද හමුදාව සතුව ඇත. එහෙත් නාවික හමුදාවට මුහුදේ පැවරී තිබෙන වගකීම් හා රාජකාරින් බහුල වී ඇත. එල්.ටී.ටී.ඊ. ය විසින් ගෙන ගිය ත්‍රස්‌තවාදී යුද්ධය නිසා මහ සයුරේ සිදු වූ මුහුදු කොටි සටන් හේතුවෙන් නාවික හමුදාවට එල්ල වූ තර්ජනය දැන් අවසන් වී ඇතත්, වෙනත් නීති විරෝධී මුහුදු ක්‍රියාකාරකම්...

කොටි විරු සෑමරුඹට සම්බන්ධ අයට එරෙහිව වහා නීතිය ක්‍රියාත්මක කරන්න - ඕමල්පේ සෝභිත හිමි

කොටින්ගේ දේශපාලන පෙරමුණ දෙමළ ජාතික සන්ධානයයි කොටි මහා වීර සැමරුමට සම්බන්ධ වූ සියලු දෙනාට එරෙහිව වහා නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් ඒ සඳහා පවත්නා නීතිය ප්‍රමාණවත් නොවන්නේ නම් නීති සම්පාදනය කරන ලෙසත් රජයට බලකර සිටින බව ජාතික හෙළ උරුමය නායක ආචාර්ය ඕමල්පේ සෝභිත නාහිමියෝ සඳහන් කරති. එසේ නොවුණහොත් කොටි ත්‍රස්‌තයන් නැවත වරක්‌ හුඹස්‌ තුළින් එළියට පැමිණෙනු ඇති බවත් ඊට ප්‍රථම රජය එය නියපොත්තෙන් කඩා ඉවත් කළ යුතුව ඇති බවත් ඕමල්පේ සෝභිත නාහිමියෝ පැවැසූහ. ත්‍රස්‌තවාදය...

කෝටි 1 1/2 ක කුඩු ගෙනා මුසලුවන් 6 දෙනා දිවි ඇති තෙක්‌ හිරේ

රුපියල් කෝටි 1 1/2 ක්‌ වටිනා ශුද්ධ හෙරොයින් තොගයක්‌ පාකිස්‌තානයේ සිට ශ්‍රී ලංකාවට ගුවන් මගින් රැගෙන ඒම සම්බන්ධයෙන් වරද පිළිගත් පාකිස්‌තානු ජාතික කාන්තාවක ඇතුළු පාකිස්‌තානුවන් සය (6) දෙනකුට බස්‌නාහිර පළාත් මීගමුව මහාධිකරණ විනිසුරු එම්. එම්. ඒ ගෆූර් මහතා ඊයේ (28 දා) බරපතළ වැඩ ඇතිව ජීවිතාන්තය දක්‌වා සිර දඬුවම් නියම කර හෙරොයින් තොගය විනාශ කිරීමට නියෝග කළේය. හෙරොයින් ගුලි වශයෙන් ගිල ශ්‍රී ලංකාවට හෙරොයින් ආනයනය කිරීම, සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීමේ චෝදනාවන්ට වරද පිළිගත් විත්තිකරුවන් වූයේ කාන්තා විත්තිකාරිය වන තාබ්න්ඩිµර්රා (30) (හෙරොයින් ග්‍රෑම්...

Thursday, November 28, 2013

Oldest Buddhist shrine holds clues to Buddha's birth - CNN

Lumbini is one of four major sites of importance for Buddhists. The other locations revered by followers of Buddhism are Bodh Gaya (where he became a Buddha), Sarnath (where he first preached) and Kusinagara (where he passed away). Oldest Buddhist shrine Coningham, left, and Kosh Prasad Acharya direct excavations within the Maya Devi Temple. They uncovered a series of ancient temples; the oldest, they say, is from the sixth century B.C. STORY...

සුන්නි-ෂියා මුස්ලිම් කුල භේදය මැදපෙරදිග උග‍්‍ර අතට

මැදපෙරදිග කලාපයේ සුන්නි සහ ෂියා ඉස්ලාමික නිකාය භේදය උග‍්‍ර අතට පත්වී ඇතැයි වාර්තා වේ. පසුගිය මස ලෙබනනයේ ඉරාන තානාපති කාර්යාලයට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාර දෙකකින් 25 දෙනෙකු මියගිය අතර එය අල් කයිඩා සංවිධානයට සම්බන්ධ පිරිසක් විසින් සිදුකළ බව පැවසිණි. ඉරාකය තුළද ගැටුම් ඇවිළි යමින් තිබේ. සිංගප්පූරු ජාතික විශ්වවිද්‍යාලයේ මැදපෙරදිග ආයතනයේ පර්යේෂක ෆනාර් හඩාඞ් පවසන්නේ ඉරාකයේ දසවසරක යුද්ධයෙන් අනතුරුවත් තත්වයන් වඩ වඩාත් නරක අතට හැරෙමින් ඇති බවයි....

දෙවනගල අන්තවාදී මුසලු ග‍්‍රහණයෙන් මුදාගන්නට භික්‍ෂූන් මාරාන්තික උපවාසයක!

කලක් දළදා වහන්සේද වැඩසිටියේ යයි කියන මාවනැල්ල දෙවනගල පුදබිම ඉස්ලාම් ආගමිකයන්ගේ ග්‍රහණයෙන් මුදා දෙන ලෙස ඉල්ලමින් භික්ෂූන් වහන්සේලා 06 දෙනෙක් විසින් මාවනැල්ල නගරයේ උපවාසයක් ආරම්භ කර තිබේ. මෙහිදී අනුරාධපුර අමතධම්ම හිමියෝ මාරාන්තික උපවාසයක් ආරම්භ කර ඇති අතර දෙවනගල පූජා භූමිය සුරුකීමේ ජාතික ව්‍යාපාරය විසින් මෙය  සංවිධානය කර ඇත. දෙවනගල පුදබිමේ අනවසර ඉදිකිරීම් ඉවත් කොට එහි පුරාවිද්‍යා කැණීම් අරඹා පුදබිම සංරක්ෂණය කරදෙන්නැයිද භික්ෂූන් වහන්සේලා ඉල්ලා...

ක්‍රෙඩිට් කාඩ් වංචාවට මුසලුවා වසර 06 ක් හිරේට

වෙනත් අයකුගේ ක්‍රෙඩිට් ණය කාඩ් පත් භාවිතා කරමින් ගුවන් ටිකට් පත් මිලදී ගැනීමේ සිද්ධියකට වරදකරු වූ පුද්ගලයකුට වසර 06 ක සිරදඬුවමක් හා රුපියල් ලක්‍ෂ තුනක දඩ මුදලක් ගෙවීමට ‍කොළඹ මහාධිකරණ විනිසුරු විමල් නම්බුවසම් මහතා බදාදා (27) නියෝග කළේය. මෙලෙස දඩුවම් නියම වූයේ මොහොමඩ් රියාල් මොහොමඩ් ඉර්ෂාඩ් නැමැත්තෙකුටයි. ඔහු අංක 15/72 ස්ටුවට් වීදිය, කොළඹ 02 ලිපිනයේ පදිංචිකරුවෙකි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් වරදකරු වූ පුද්ගලයාට එක් එක් චෝදනාවට වසර 2 බැගින් වසර 6 ක සිර දඬුවමක් නියම කරන ලදී. එය වසර දෙක කදී එකවර ගෙවීයන පරිදි නියම කරන ලද අතර සිර දඬුවම වසර 10 ට අත්හිටුවන...

මුසලු සුන්නි ෂියා වර්ග ගැටුම | ඉරාන න්‍යෂ්ටික වැඩපිළිවෙළට එරෙහිව සවුදි අරාබියට පරමාණු බෝම්බ

ඉරාන න්‍යෂ්ටික වැඩපිළිවෙළ පිළිබඳව ලෝක බලවතුන් සමග එකගතාවයකට පැමිණීම සමග සවුදි අරාබිය පාකිස්ථානයෙන් පරමාණු බෝම්බ ලබාගැනීමට සූදානම් වන බව වාර්තා වේ. සවුදි අරාබියේ ෂූරා කවුන්සිලයේ විදේශ කටයුතු කමිටුවේ සභාපති අබ්දුල්ලා අල් අස්කර් පවසා ඇත්තේ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ නිත්‍ය සාමාජිකයන් වන ඇමරිකාව, රුසියාව, චීනය, ප‍්‍රංශය සහ බි‍්‍රතාන්‍යය සමග ජර්මනිය ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙළ පිළිබඳව ගත් තීරණයෙන් තමන් කනස්සල්ලට පත්වූ බවයි. ඉරානය තමන්ට අවශ්‍ය...