Pages

Friday, June 7, 2013

ඉඩම් හා පොලිස් බලතල සාකච්ජා නොකිරීමේ තීරණයට දේශහිතෛෂී විරෝධය

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ  13 වැනි සංශෝධනය වෙනස් කිරීමේ අරමුණින් කැබිනට් රැස්වීමේදී පළාත් සභා හා සම්බන්ධ ඉඩම් හා පොලිස් බලතල පිළිබද සාකච්ජා නොකිරීමට රජය ගෙන ඇති තීරණයට දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය තරයේ විරෝධය දක්වන බැව් එම ව්‍යාපාරයේ  සභාපති ආචාර්ය ගුණදාස අමරසේකර මහතා පවසයි.

අමරසේකර මහතා මෙසේ පැවසුවේ කොළඹ  සව්සිරිපායේදී පැවති මාධ්‍ය හමුවකදීය එහිදී අමරසේකර මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේ කියා සිටියේය.

‘මේක තීරණාත්මක අවස්ථාවක් රජය බරපතළ තීන්දුවක් ගන්න හදනවා පළාත් සභා මගින් බලය බෙදීම සදහා ගෙන එන ලද ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ  13 වැනි සංශෝධනය වෙනස් කිරීමට රජය එකගවීම ලොකු ජයග‍්‍රහණයක්. නමුත් 13 වැනි සංශෝධනය තුළ ඇති භයානකම දේ වන ඉඩම් හා පොලිස් බලතල පළාත් සභාවලින් ඉවත් කිරීමට ක‍්‍රියා නොකිරීමට අපි තරයේම විරුද්ධයි මේ  පළාත් සභා ඉන්දියාවෙන් අටවපු මර උගුලක්.

පොලිස් බලතල හරහා ඔවුන්ට පොලිස් ප‍්‍රධානියෙක් පත්කර ගත හැකියි. එය ඔවුන්ට සිදුකර ගත හැක්කේ පොලිස් කොමිසම හරහායි. එමෙන්ම ඉඩම් තබලතල මගින් හමුද කදවුරු හා ආරක්ෂක කලාපවල ඇති ඉඩම් විවිධ ව්‍යාපෘතීන් වලට හා පොදු ව්‍යාපෘති වලට පවරාගත හැකියි. ආරක්ෂක අංශ එම ඉඩම්වලින් ඉවත් නොවුනහොත් එහට එරෙහිව ජනතාව පෙළගැස්විය හැකියි. ලොකු අර්බුදයක් ඇතිවෙනවා. ආරක්ෂක අංශ ජනතාව සමග ගැටුමකට ගිය විට එයට ජාත්‍යන්තරයට අත පෙවීමේ හැකියාවක් තිබෙනවා. මොකදව  ජනතාව ඉල්ලන්නේ ව්‍යාවස්ථාවෙන් ඔවුන්ට ලැබී තිබෙන දෙයක් නිසා.

දෙමළ සන්ධානය බෙදුම්වාදී සන්ධානයක් කියලා අපි හැමෝම දන්නවා. ඔවුන්ගේ අවසාන අරමුණ ඊළම කියලා ඒ අය පවසනවා. ඉදිරියේදී පැවැත්වෙන උතුරු පළාත් ජන්දයෙන් දෙමළ සන්ධානය ජයග‍්‍රහණය කළ විගසම ආණ්ඩුක‍්‍රම ව්‍යාවස්ථාවෙන්  පළාත් සභාවලට හිමිවී තිබෙන බලතල ලබා ගැනීම ඉර හද පායනවා වගේ සිකුරුයි. බලතල නොලැබුණහොත් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් ලබාගත හැකියි. ස්වාධීන දෙමළ රාජ්‍යයක් අරම්භය එයයි. බෙදී වෙන් වූ සෑම රටක්ම ගැටුම් හේතුවෙන් අරාජික වුණා. දිවිපිදු විසිහයදහසකට අධික රණවිරුවන්ගේත් සදාකාලික ආබාධිත වූ ඊටත් වැඩි සංඛ්‍යාවක් වූ රණවිරුවන්ගේත්  මේ රජය බලයට පත් කළ බහුතර ජානතාවගේත් ප‍්‍රාර්ථනාවලට පයින් ගසා දැමීමක් නොවේද මේ අයුරින් ඊළාම් රාජ්‍යයකට ඉඩ හසර ලබාදීම’

එහිදී දේශහිතෛෂී ව්‍යාපාරයේ  ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අදහස් දක්වමින් මෙසේ පැවසීය.

‘වසර 2008 දී ත‍්‍රස්තවාදීන්ට එරෙහිව යුද්්ධය ආරම්භ කරන්න හදන මොහොතේදීත් ආණ්ඩුව ඇතුළේ සිටින ඞීව් ගුණසේකර, තිස්ස විතාරණ, රාජිත සේනාරත්න වැනි අය ජනධිපතිතුමාගේ කකුලෙන් ඇද්දා. ඒ අය යුද්ධය දිනන්න බැහැ කියලා මතයක් හදලා තිබුණා. තවමත් ආණ්ඩුව තුළ සිටින බෙදුම්වාදී මත දරන්නන් හා රෝ සංවිධානයේ නියෝජිතයන් ක‍්‍රියාත්මක වෙනවා. මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා නීතිය පිළිබද හොදින් දන්නවා. 18  වැනි සංශෝධනය හරහා 13 වැනි සංශෝධනයේ ඇතැම් වගන්ති නිශේධනය වෙලා ඇතැයි ඔහු කියන දේ පිළිබදව අපි පුදුම වෙනවා. මේවා ඉස්තරම් විශිෂ්ට නැතිනම් නන්දෙඩවීම්’

එදා යුද්ධ කරනකොටත් රාජිත, තිස්ස, වාසු, ඩියු වැනි අය කකුලෙන් ඇද්දා
June 7, 2013 at 4:54 pm | lanka C news
http://lankacnews.com/sinhala/news/95321/

0 comments: