Pages

Wednesday, November 20, 2013

අනාගතය අසුභයි! නින්දවූර් යුද පිටියක්‌! මුසලු අන්තවාදීහු පොලිසියට පහර දෙති! අසාධ්‍ය ලෙඩුන් සිටි ගිලන් රථ පවා අහුරමින් පැය 36ක් පාර වසති.

නින්දවූර් යුද පිටියක්‌! පොලිසියටත් ගසති. පැය 36ක විරෝධතා පොලිසියෙන් කඳුළු ගෑස්‌!

කල්මුණ අක්‌කරපත්තුව ප්‍රධාන මාර්ගය නින්දවූර් ප්‍රදේශයෙන් අවහිර කරගෙන පැය 36 ක්‌ තිස්‌සේ දැවැන්ත විරෝධතාවක නිරත වෙමින් කලහකාරී ලෙස හැසිරුණු විරෝධතාකරුවන්ට කඳුළුගෑස්‌ ප්‍රහාර එල්ල කළ පොලිසිය ඊයේ (19 වැනිදා) පෙරවරුවේ ඔවුන් විසුරුවා හරින ලදී. 

මෙහිදී විරෝධතාකරුවන් පොලිසියට පොලු මුගුරුවලින් පහර දෙමින් කලහකාරී ලෙස හැසිරුණු අතර නින්දවූර් නගරය ඊයේ පෙරවරුවේ එකම යුද පිටියක්‌ බවට පත්විය.

මෙම දැවැන්ත විරෝධතා ව්‍යාපාරය සංවිධානය කර පොලිස්‌ නිලධාරීන්ට ප්‍රහාර එල්ල කරමින් ප්‍රදේශයේ කලබලකාරී තත්ත්වයක්‌ ඇතිකිරීමට නායකත්වය දුන් පුද්ගලයන් විසි දෙනෙක්‌ පොලිසිය මගින් ඊයේ දහවල් අත්අඩංගුවට ගන්නා ලදී.

එම පුද්ගලයන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරන අතර මෙම සිද්ධියට සම්බන්ධ තවත් පිරිසක්‌ අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්‍ෂණ ආරම්භ කර තිබිණි.

මෙම සිද්ධියේදී පොලිස්‌ නිලධාරීන් කීප දෙනෙක්‌ තුවාල ලැබූ අතර කලහකාරී ලෙස හැසිරුණු පුද්ගලයන් සිව් දෙනෙක්‌ද තුවාල ලැබූහ. කලහකාරී පිරිස්‌ නින්දවුර් නගරයේ කඩ සාප්පු කීපයකට සහ වාහන රැසකටද ප්‍රහාර එල්ලකර ඒවාට අලාභහානි කළහ.

විරෝධතාකරුවන් කල්මුණ අක්‌කරෙපත්තු මාර්ගය පැය 36 ක්‌ තිස්‌සේ වසාගෙන සිටීම නිසා වාහන ධාවනය මුළුමනින්ම ඇනහිට තිබිණි. විරෝධතාකරුවන් අසාධ්‍යවූ රෝගීන් රැගත් ගිලන්රථයකට පවා මෙම මාර්ගයේ යැමට ඉඩ නොදුන් බව පොලිසිය පවසයි.

මෙම මාර්ගය විවෘත කර ප්‍රදේශයේ පැවැති උණුසුම් තත්ත්වය පාලනය කිරීමට නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති පූජිත් ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් මුස්‌ලිම් දේශපාලන නායකයන්ගේ සහභාගිත්වයෙන් සාකච්ඡා කීපයක්‌ පැවැත්විණි.

එහෙත් ඒ සාකච්ඡා සියල්ල අසාර්ථක කරමින් විරෝධතාකරුවන් නින්දවූර් මාර්ගයෙන් ඉවත් නොවී එහි රැඳී සිටිමන් කලහකාරී ලෙස හැසිරෙන්නට පටන් ගෙන ඇත.

මුස්‌ලිම් තරුණයන් හාරසීයකට ආසන්න පිරිසක්‌ මෙම විරෝධතාව සංවිධානය කළ අතර ඊට නින්දවුර් ප්‍රදේශයේ පදිංචිකරුවන් පන්දහසකට අධික පිරිසක්‌ සහභාගි වී සිටියහ.

නින්දවුර් නගරයේ කඩ සාප්පු සියල්ල වසා දමා රජයේ කාර්යාල පාසල්වල කටයුතු ද දින දෙකක්‌ තිස්‌සේ නතර කිරීමට මෙම උද්ඝෝෂණය සංවිධානය කළ පිරිස්‌ කටයුතු කර තිබිණි. මෙම විරෝධතාව සංවිධානය කළ සංවිධානාත්මක පිරිස මුස්‌ලිම් දේශපාලනඥයන්ගේ හා ආගමික නායකයන්ගේ උපදෙස්‌ පවා ගණනකට නොගෙන ඉතාම කලහකාරී ලෙස හැසිරෙමින් සිටියහ.

නින්දවුර් නගරයේ සිදුවන කොල්ලකෑම් සොරකම්වලට ආරක්‌ෂක අංශ සම්බන්ධ බව කියමින් මොවුන් මෙම විරෝධතාව ආරම්භ කරන ලදී.

ප්‍රදේශයේ ඇතිවී තිබූ තත්ත්වය සැළකිල්ලට ගත් පොලිසිය අධිකරණ නියෝගයක්‌ ලබාගෙන විරෝධතාකරුවන් ඉවත් කිරීමට ඊයේ කටයුතු කරන ලදී.

නින්දවුර් ප්‍රදේශයේ රැස්‌ව සිටි කලහකාර පිරිස්‌ ඉවත් කිරීම සඳහා පොලිස්‌ නිලධාරීන් පන්සිය දෙනෙක්‌ යෙදවූ අතර කැරලි මර්දන කණ්‌ඩායම්වල සහායද ලබා ගත්තේය. විශේෂ කාර්ය බළකාය සහ යුද හමුදාව මේ සඳහා සම්බන්ධ කරගෙන නොතිබිණි.

නියෝජ්‍ය පොලිස්‌පති බී. ඉන්ද්‍රන් මහතාගේ මෙහෙයවීමෙන් නින්දවුර් නගරයේ ඇතිවී තිබූ තත්ත්වය පාලනය කිරීමට පොලිසිය කටයුතු කරන ලදී.

නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති පූජිත් ජයසුන්දර මහතාගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය නතර කළ අතර එය නැවැත්වීම සඳහා ප්‍රදේශයේ දේශපාලනඥයන්ගේ සහායද ලැබී තිබිණි.

හේමන්ත රන්දුණු සහ පී. ජයසිංහ
http://www.divaina.com/2013/11/20/news07.html

සබැඳි ලිපි -
[
ග්‍රෑන්ඩ් පාස් සිද්ධියේ තිත්ත ඇත්ත - මුසලු අන්තවාදයේ අති බිහිසුණු ව්‍යාප්තවාදය
http://denethharinna.blogspot.com/2013/08/blog-post_18.html
සමන්තුරේ මුසලු අන්තවාදියෝ STF සෙබළුන්ට පහර දෙතිhttp://denethharinna.blogspot.com/2013/11/stf.html
රටම භයානක අනතුරක හෙලන අනුරපුරෙන් මතු වූ "වහාබ්වාදයේ" අනතුර හඳුනාගනිමු!http://denethharinna.blogspot.com/2013/11/blog-post_9294.html
අනුරාධපුර පැවති හජ් උත්සවයකදී 'තවුහීඞ්' අන්තවාදීන්ගෙන් ඉස්ලාම් කාන්තාවන් 100කට අධික පිරිසකට හිංසාhttp://denethharinna.blogspot.com/2013/10/100.html
මුස්‌ලිම් ත්‍රස්‌ත සංවිධානයක්‌ යාපනයේ කඳවුරු බැඳගෙන - ඉන්දීය බුද්ධි අංශ හෙළි කරයිhttp://denethharinna.blogspot.com/2013/08/blog-post_7836.html
ලංකාවට ඉස්ලාම් ත‍්‍රස්තවාදී අනතුරක් අත ළඟ – ඉන්දියාවhttp://denethharinna.blogspot.com/2013/07/blog-post_4173.html
අල්කයිදා සහ තලේබාන් ශ්‍රී ලංකාවේ තහනම්http://denethharinna.blogspot.com/2013/06/blog-post_19.html
ශ‍්‍රී ලංකාවේදී අල්කයිඩා සංවිධානයට සාමාජිකයන් බඳවා ගැනීම්
http://denethharinna.blogspot.com/2013/04/blog-post_1787.html
ශ්‍රී ලංකාවේ හිස ඔසවන ජිහාඩ්
http://denethharinna.blogspot.com/2013/02/blog-post_1190.html
අල්කයිඩා, ජිහාඞ්, තලේබාන් උතුරු නැගෙනහිර ක්‍රියාත්මක බව ඇත්ත | ආණ්ඩුව පිළිගනී
http://denethharinna.blogspot.com/2013/01/blog-post_21.html
අල්කයිඩා ඇතුළු ත‍්‍රස්ත සංවිධාන 100ක් තහනම්
http://denethharinna.blogspot.com/2013/01/100.html
“වහාබි සලාෆි” අන්තවාදීන්ට එරෙහිව නැඟී සිටින්න – බොදු බල සේනා
http://denethharinna.blogspot.com/2013/01/blog-post_27.html
මෙරට ඉස්‌ලාම් මූලධර්මවාදය පැතිරවීම සඳහා කටයුතු කරන සංවිධාන සහ පුද්ගලයන් ගැන රජය වහා සොයා බැලිය යුතුයි
http://denethharinna.blogspot.com/2013/01/blog-post_5916.html
අල්කයිඩා, ජිහාඩ් යන තාලිබාන් ජාත්‍යන්තර ත්‍රස්‌ත කල්ලි උතුරු නැගෙනහිර හොල්මන් කරති
http://denethharinna.blogspot.com/2013/01/blog-post_7864.html
මන්නාරමේ මාධ්‍යවේදීන්ට ජිහාඩ් තර්ජන
http://denethharinna.blogspot.com/2013/01/blog-post_7864.html
ජාත්‍යන්තර මුස්ලිම් අන්තවාදය සහ මුස්ලිම් පාතාලය සමඟ අත්වැල් බැඳගත් පකිස්තාන මාෆියා ජාලයක් ශ‍්‍රී ලංකාවේ
http://denethharinna.blogspot.com/2013/05/blog-post_8482.html
]

2 comments:

Anonymous said...

අල්ලා හුඅක්බර්

Anonymous said...

Allah hu Akbar mean = Fuck Allah, Islam is the shit of Nabi (piece of pig shit up on motherfucker!