වතුකරයේ දෙමළ ජනතාව මෙවර පළාත් සභා මැතිවරණයේදී තම ජාතියේ අපේක්ෂකයෙකුට හැර වෙනත් කිසිවකුටත් ඡන්දය පාවිච්චි නොකරන්නැයි ලංකා කම්කරු කොංග‍්‍රසයේ මහනුවර දිස්ත‍්‍රික් සංවිධායක හා එම වෘත්තීය සංගම් අංශයේ සම්බන්ධීකරණ නිලධාරී එස්.අරුල්සාමි මහතා ඉල්ලා සිටී.
ලංකා කම්කරු කොංග‍්‍රසයෙන් මහනිවු දිස්ත‍්‍රික්කයට තරග වදින අපේක්ෂකයෙකු වන අරුල්සාමි මහතා මහනුවර හන්තාන වත්තේදී පැවති පිළිගැනීමේ උත්සවයකට සහභාගී මේ බව අවධාරණය කරණු ලැබිණි.
මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ අරුල්සාමි මහතා එහිදී මෙසේද කීය.
‘වතුකරයේ දෙමළ ජනතාව, ඉකුත් වසර 150ට වැඩි කාලයක සිට වතුකරයටම තම ශ‍්‍රමය වැයකොට තම මුතුන් මිත්තන්, එම පොළවටම පස් වී ගොස් තිබෙනවා. නමුත් තවමත් අපට නිදහස්ව ජීවත්වීමේ වටපිටාවක් නිර්මාණය වී නැහැ. අපි පදිංචිව සිටින මේ ලැයින් කාමරය පවා අපට හිමි නෑ. දැන් බොහෝ වතු වැසී යන අතරතුර එම වතු පිටස්තර පුද්ගලයන් අතට පත්කිරීමේ සැලසුමක් ක‍්‍රියාත්මකයි. ඒ නිසා මෙලෙස වැසී යන වතුවලින් අපටත් අක්කර දෙක බැගින් අවශ්‍යයි. එය ලබා ගැනීමට අප කටයුතු කරනවා. අවශ්‍ය වී ඇත්තේ වතුකරයේ ජනතාවගේ එකමුතුව පෙන්වීමයි. ඊට හොදම අවස්ථාව මෙයයි. මේ නිසා මෙවර මධ්‍යම පළාත් සභා මැතිවරණයට ඡන්දය පාවිච්චි කිරීමේදී තමන්ගේ ජාතියේ අපේක්ෂකයෙකුට හැර වෙනත් කිසිදු පුද්ගලයකුට තම ඡන්දය පාවිච්චි නොකරන්නැයි මා ඉල්ලා සිටිනවා’
August 5, 2013 at 1:08 pm | lanka C news

සබැඳි ලිපි -
[
අධිරාජ්‍යවාදීන් පවරාගත් වතුකරයේ සිංහල ඉඩම් තාවකාලිකව සිංහලයන්ට බෙදා දීමට දමිල නායකයෝ එරෙහි වේhttp://denethharinna.blogspot.com/2013/05/blog-post_29.html
]

0 comments:
Post a Comment