තම පියාට පරම්පරාවෙන් ලැබුණු ඉඩම් රජය විසින් අත්පත්කර ගැනීම වළක්වන ‘මැන්ඩාමුස්’ නියෝගයක් ඉල්ලා හිටපු විදේශ ඇමැති ලක්ෂ්මන් කදිරගාමර් මහතාගේ පුත් එස්.ජේ.සී කදිරගාමර් මහතා විසින් ගොනුකළ පෙත්සමක් සළකා බැලූ අභියාචනාධිකරණය එහි වගඋත්තරකරුවන්ට ලබන 27 දින අධිකරණයේ පෙනී සිටින ලෙස අද(05) නියෝග කළේය. අභියාචනාධිකරණ විනිසුරු ශ්‍රී ස්කන්ධරාජා හා මාලනී ගුණරත්න යන විනිසුරුවන් විසින් මෙම නියෝගය අද ලබාදුණි.
මෙම පෙත්සමෙන් වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ ඉඩම් හා ඉඩම් සංවර්ධන ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් යාපනය දිස්ත්‍රික්කයේ ඉඩම් අත්පත් කරගැනීමේ නිලධාරි ඒ.සිවසාමි හා එම දිස්ත්‍රිකයේ ඉඩම් මැනීමේ නිලධාරිවරයා යන පිරිසය.
යාපනය දිස්ත්‍රික්කයේ ඇති මිත්තණියගෙන් තම පියාට ලැබුණු පියාගෙන් තමාට ලැබුණු ඉඩම් රජය විසින් මහජන කටයුතු සඳහා යැයි පවසමින් පවරා ගැනීමට යන බව පෙත්සමෙන් දක්වා ඇත. එම ඉඩම් පවරාගතහොත් තමාට අගතියක් වන බැවින් එය වළක්වාලන මැන්ඩාමුස් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඇත.
නිශානි ලසිතා හේරත් - 2013 අගෝස්තු 05 04:40 p:m
http://lakbima.lk/index.php?option=com_content&view=article&id=15235:2013-08-05-11-14-37&catid=34:news&Itemid=62
සබැඳි ලිපි -
[
උතුරේ අක්‌කර 6381 ක් රජයට පවරා ගැනීමේ ගැසට් නිවේදනය අවලංගු කරන්නැයි ලක්‍ෂ්මන් කදිර්ගාමර් මහතාගේ පුත් ක්‍රිස්‌ටියන් කදිර්ගාමර්ගෙන් පෙත්සමක්http://denethharinna.blogspot.com/2013/08/6381.html
]

0 comments:
Post a Comment