Pages

Wednesday, August 7, 2013

ආනයනික සීනිවල ආසනික්‌ ඇතැයි යන ප්‍රකාශය ගැන සෞඛ්‍ය බලධාරීන් නිහඬයි - වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

මෙරටට ආනයනය කරනු ලබන සීනිවල "ආසනික්‌" නමැති විෂ අඩංගුව ඇති බවට ප්‍රකාශයට පත්ව ඇතත් ඒ පිළිබඳව සොයා බලා අවශ්‍ය පියවර ගැනීමට සෞඛ්‍ය දෙපාර්තමේන්තුව කටයුතු නොකිරීම බලවත් අඩුපාඩුවක්‌ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. 

එම සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා පවසනුයේ මෙරටට අවශ්‍ය, පෝෂණවේදය හා විෂ තොරතුරු පිළිබඳ වෛද්‍යවරුන් බිහි නොකිරීම හේතුවෙන් ජනතාවට අහිතකර ආහාරපාන මෙරටට ඇදී ඒම වැළැක්‌වීමට නොහැකි වි ඇති බවයි. 

ඊයේ (6 වැනිදා) කොළඹ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගම් මූලස්‌ථානයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මෙම කරුණු අනාවරණය කෙරිණි.

ඒමන්ති මාරඹේ
http://www.divaina.com/2013/08/07/news28.html

0 comments: