Pages

Monday, August 12, 2013

පූර්ව ඓතිහාසික මානව ශිෂ්ටාචාරයක වාස භූමියක්‌ හල්දුම්මුල්ලෙන් හමුවේ

හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයට අයත් වෑඑළිය හුණුගල්අගල ප්‍රදේශයේ හුණුගල් ගුහාවක කළ කැණීම්වලදී පූර්ව ඓතිහාසික මානව ශිෂ්ටාචාරයක වාස භූමියක්‌ සොයාගෙන තිබේ.

ප්‍රදේශයේ වනාන්තරයක්‌ මැද පිහිටි දුෂ්කර ප්‍රදේශයකින් මෙම මානව ශිෂ්ටාචාරයක නටඹුන් හමුවී ඇත.

කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි පීඨයේ මහාචාර්ය රාඡ් සෝමදේව මහතාගේ ප්‍රධානත්වයෙන් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයින් විසින් මෙම කැණීම් කටයුතු සිදුකරන ලදී.

දැනට මෙම ස්‌ථානයෙන් වළං තැලීමට යොදාගත් උපකරණ ගලක්‌ සහ ඇඹරුම් ගල් හමුවූ බවද මහාචාර්ය රාඡ් සෝමදේව මහතා පැවැසීය.

වසර හාරදහස්‌ දෙසීයක්‌ පමණ ඉපැරැණි ඉතිහාසයක්‌ මෙම ස්‌ථානයෙන් හමුවී ඇතැයි ද මහාචාර්යවරයා පැවැසීය.

මෙම මානව ශිෂ්ටාචාරය යකඩ භාවිත කරමින් අල, ධාන්‍ය වර්ගවලින් යෑපුන කෘෂිකාර්මික ශිෂ්ටාචාරයක්‌ බවට දැනට කළ පරීක්‍ෂණවලදී හෙළි වූ බවද මහාචාර්යවරයා කියා සිටියේය.

හල්දුම්මුල්ල ප්‍රාග් ඓතිහාසික මානව සුසාන භූමිය සහ කොස්‌වත්තේ ආදි මානව ගම්මානයද කැණීම්වලින් සොයාගත් බවද හල්දුම්මුල්ලේදී සිදුකරනු ලැබුවේ තුන්වන පියවර යෑයි ද මහාචාර්යවරයා පැවැසීය.

මෙම හුණුගල් ගුහාවේ දිග අඩි 20 ක්‌ සහ පළල අඩි 15 ක්‌ පමණ වේ. මෙම කැණීමෙන් පසු ලාංකික පුරාවිද්‍යාවේ නොවිසිඳුනු කෑගල්ල දිස්‌ත්‍රික්‌කයේ දොරවකකන්ද ගල්ගුහා කැණීම්වලදී වළං නිෂ්පාදන ප්‍රාථමික සංස්‌කෘතිය පිළිබඳ සාක්‍ෂි ඉදිරිපත් වුවත් එය ප්‍රමාණවත් වූයේ නැතැයි ද හෙතෙම කීය. එනිසා පුළුල් පරීක්‍ෂණ රාමුවක්‌ තුළ මෙම ප්‍රශ්නය හොඳින් තේරුම් ගැනීම සඳහා ඊට සාධාරණ පිළිතුරක්‌ සෙවීමට කටයුතු කරනවා යෑයිද කීය.

දැනට කළ කැණීම් මගින් ප්‍රාග් ඓතිහාසික සංස්‌කෘතියේ මූලික පිළිතුරු මෙමගින් ලැබී ඇතැයිද එකල මානවයින් ධාන්‍ය වර්ග ආහාරයට ගෙන ඇති බවට ලකුණු මතුව ඇතැයි ද මහාචාර්යවරයා පැවැසීය.

හල්දුම්මුල්ල - එස්‌. සෙනවිරත්න
http://www.divaina.com/2013/08/12/news03.html

[
සබැඳි ලිපි -
අනුරපුර යුගයේ සිතුවම් එප්පාවලින් මතුවේ
http://denethharinna.blogspot.com/2013/07/blog-post_8457.html
හැම බිම් අඟලකම බොදු උරුමයක අසිරිය යළි යළිත් සනාථයි! බුදුන්ගේ හස්ත මුද්‍රා සහිත වර්ණ සිත්තම් නාවාගලින් මතුවේ...http://denethharinna.blogspot.com/2013/07/blog-post_3244.html
සතර බුදුවරු පා තැබූ අනුරාධපුරේhttp://denethharinna.blogspot.com/2013/06/blog-post_4673.html
පැරකුම් රජුගේ සීත මාලිගාව ළඟ ඉපැරණි මුට්ටියක්
http://denethharinna.blogspot.com/2013/02/blog-post_666.html
සීගිරිය නිර්මාණය තාරකා පිහිටීම අනුව
http://denethharinna.blogspot.com/2013/02/blog-post_650.html
ගොඩවායේ මුහුදු පත්ලෙන් මතුවූ දුටුගැමුණු යුගයේ ඉතිහාස කතාව
http://denethharinna.blogspot.com/2013/01/blog-post_4293.html
කි‍්‍ර.පූ. 200 සිට ශී‍්‍ර ලංකාවෙන් භාණ්ඩ අපනයනය කරන ලද නෞකාවක සුන්බුන් හමුවේ
http://denethharinna.blogspot.com/2013/01/200.html
අනුරාධපුර යුගයේ රෝහලක නටබුන් ථූපාරාමය අසලින් හමුවෙයි
http://denethharinna.blogspot.com/2012/08/blog-post_5888.html
ලොව ඉහලම යකඩ තාක්‍ෂණය අළකොළවැවෙන් හමුවේ
http://denethharinna.blogspot.com/2012/08/blog-post_28.html
නූතන ඉදිකිරීම් ශාස්‌ත්‍රයට අභියෝගයක්‌ වූ ඡේතවන දාගැබ
http://denethharinna.blogspot.com/2012/11/blog-post_5302.html
]

0 comments: