Pages

Monday, August 12, 2013

ග්‍රෑන්ඩ්පාස්‌ සිද්ධිය - විශේෂ කාර්‍ය බලකා ආරක්ෂාව මැද මහා බෝගස කපා ඉවත් කරයි

Bo-gasa3
Bo-gasa5
කොළඹ,ග්‍රෑන්ඩ්පාස් හී ස්වර්ණ චෛත්‍ය පාරේ පිහිටා තිබූ දැවැන්ත බෝගස කපා ඉවත් කිරීමේ කටයුතු අද(12) පෙරවරුවේ කොළඹ මහ නගර සභාව විසින් ආරම්භ කළේය. එම අවස්ථාව නිරීක්ෂණය කිරීම සඳහා කොළඹ නාගරික කො‍මසාරිස් භද්‍රානි ජයවර්ධන මහත්මිය ඇතුලු මහ නගර සභාවේ නිලධාරින් රැසක් සහභාගී වූහ. උදෑසන දහයට පමණ නගර සභාවේ විශාල දෙඹකරයක් එහි සේවකයින්ද සමග පැමිණ බෝගස කැපීම ආරම්භ ක‍ළහ. මෙම බෝගස හේතුවෙන් ඒ අසල පිහිටි මුස්ලිම් දේවස්ථානයේ නව පුළුල් කිරීම් ආරම්භ කළ නොහැකිව එහි වැඩ ඇණහිට තිබිණ. ‍බෝගස කපා ඉවත් කළ පසු එහි ඉදිකිරීම් ආරම්භ කළ හැකි බව මුස්ලිම් ප්‍රජාවගේ අදහසයි. ඊට සවන් දෙමින් එම බෝගස කපා ඉවත් කරන්නට තීරණය කෙරිණ. මෙම අවස්ථාවේ දී විශේෂ කාර්‍ය බලකා සෙබලුන් විශාල පිරිසක් විසින් ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කළ අතර යාබද තිබූ විහාස්ථානයේ ස්වාමින් වහන්සේලාද මෙම කටයුත්තේ දී සහය පළ කළහ. 


Bo-gasa2
Bo-gasa4

මහා සංඝරත්නය, මුස්ලිම් පූජකවරුන් හා මැති ඇමතිවරුන් අතර ඊයේ කෙරුණු සාකච්ඡාවකදී තීරණය වූ පරිදි ග‍්‍රෑන්ඞ්පාස් ස්වර්ණ චෛත්‍ය පාරේ බෝධි වෘක්ෂය කපා ඉවත් කිරීම දැන් ආරම්භ වී තිබේ.ආගමික වතාවත් මධ්‍යයේ නිසි චාරිත්‍ර පුදකරමින් බෝධි වෘක්ෂය එලෙස ඉවත් කරන අතර, පැරණි මුස්ලිම් පල්ලිය පුළුල් කිරීමට ඉන් ඉඩකඩ ලැබෙනු ඇත.
Bo-gasa7
Bo-gasa6අලුතෙන් ඉදිකරන ලද පල්ලිය එම ස්ථානයෙන් ඉවත්කර ගැනීමටත් පැරණි පල්ලිය තවදුරටත් දියුණු කර ආගමික කටයුතු සඳහා යොදාගැනීමටත් ඊයේ සවස ආගමික කටයුතු අමාත්‍යංශ ‍ලේකම්වරයා සහ සර්ව ආගමික නායකයන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවේදී එකඟතාවන්ට පැමිණ ඇත.රජයේ නියෝජිතයන්, ආණ්ඩුවේ ඇමැතිවරුන්, මුස්ලිම්, බෞද්ධ නියෝජිතයන් සහ ප්‍රදේශවාසීන්ගේ සහභාගිත්වයෙන් ඊයේ (11) පැවැති සාකච්ඡාවකදී මෙම තීරණය ගත් බව බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යංශයේ ‍ලේකම් එම්. කේ. පී. දිසානායක මහතා “ලක්බිම” ට පැවසීය. නව පල්ලිය ඉදිකිරීම සඳහා අවසර ලබාදුන් ලිපිය ඉවත්කර ගැනීමටද එහිදී තීරණය වු බව මේ පිළිබඳ “ලක්බිම” කළ විමසීමේදී ‍ලේකම්වරයා සඳහන් කළේය.


2013 අගෝස්තු 12 03:15 p:m
http://www.lakbima.lk/index.php?option=com_content&view=article&id=15683%3A2013-08-12-06-51-22&catid=42%3A2012-05-31-04-01-44&Itemid=90

සබැඳි ලිපි -
[
ග්‍රෑන්ඩ්පාස්‌ සිද්ධිය - ජනපතිගේ උපදෙසට සියලු දෙනාම එකඟ වුණා - චම්පිකhttp://denethharinna.blogspot.com/2013/08/blog-post_2798.html
]

4 comments:

Anonymous said...

niyamai.............

Anonymous said...

oka kaka bhodiyak wenda athi. a wagema pawe dan oya pare bus wala yana ayata nagitinda thanakuth naha.

Anonymous said...

thambiyanta sarane ape ratata una de....!!!!
thambiyanta dila arinakota hena athal athi me kariyanta akane.oya wesawanta oya tharan adaraya karunawa dak wanne...ayeth anagarika kenek pahala wenna one me rata bera ganna...dan inna wesige puthalata salli pennuwama katata gannawa.me wage unta rata bara karapu unta henama gahanna one..(matath ekka)

Anonymous said...

ME KAPUTU BO GAHAK LU NEDA