Pages

Friday, June 7, 2013

තලේබාන් දෙවැනියා ඝාතනය වෙයි

නවාෂ් ශරීµa පකිස්‌තානයේ අගමැති ධුරයට පත් වූ පසු තලෙබාන් සංවිධානයට රජය සමඟ සාම සාකච්ඡාවලට එක්‌වන්නැයි ආරාධනා කර සිටියේය. මේ ආරාධනාව පකිස්‌තානු තලේබාන් සංවිධානය පිළිගත්තද එයින් දින කිහිපයකට පසු එම සංවිධානයේ දෙවැනියා එනම් වලි උර්රෙහමාන් ඇමරිකානු ෙඩ්‍රාන් ප්‍රහාරයකින් ඝාතනය වීම නිසා මෙම සාකච්ඡා සූදානමට තිත තැබිණි.

තලේබාන් ප්‍රකාශක එෂනුල්ලාහ් එෂාන් ප්‍රකාශ කරන්නේ මේ ෙඩ්‍රාන් ප්‍රහාරයෙන් තලේබාන් සංවිධානයේ දෙවැනියා සමඟ තවත් පුද්ගලයන් හයදෙනෙකු මරුදුටු බවයි. තමන් මේ ඝාතනයේ පලිය ගන්නා බවත් එම ප්‍රකාශකයා කියයි. ඔහු මේ ප්‍රහාරය පිළිබඳ පකිස්‌තාන් රජයටත් හමුදාවටත් චෝදනා කරයි.

වලි උර් රෙහෙමාන්ගේ දෙවැනියා ලෙස සේවය කළ ඛාන් සේඩ් නම් පුද්ගලයාව මෙම සංවිධානයේ නව නියෝජ්‍ය නායකයා ලෙස පත්කරගෙන ඇත. 38 හැවිරිදි ඔහු 2011 දී කරච්චියේ පකිස්‌තාන නාවික හමුදා කඳවුරට පහරදීමට නායකත්වය ලබාදුන් අතර 2012 දී හිරගෙයක්‌ බිඳ තලේබාන් සාමාජිකයන් 400 කට පැනයැමට හැකිවූ මෙහෙයුමටද නායකත්වය දුන් පුද්ගලයාය.

පකිස්‌තාන බලධාරීන් වලි උර් රෙහෙමාන් පිළිබඳ තොරතුරු සපයන්නෙකුට පකිස්‌තානු රුපියල් මිලියන පනහක්‌ සපයන බව ප්‍රකාශ කර තිබිණි. 1990 දී උපන් මේ ත්‍රස්‌තවාදියාගේ මරණය සිදුවූයේ පසුගිය මැයි 23 වැනිදාය.

වරදත්ත අකලංක
http://www.divaina.com/2013/06/07/forign05.html

0 comments: