'ඊයේම රටින් පිට කිරීමට කටයුතු කළා' ආගමන විගමන පාලක කියයි
ටී.එන්.ඒ. කාර්යාලය ඉදිරිපිටට ඊයේ උදේ මාධ්‍යවේදීන් පැමිණ සිටි අයුරු සහ ටී.එන්.ඒ. මන්ත්‍රී සුමන්දිරන් මහතා එම ස්‌ථානයට පැමිණ සිටි අයුරු මෙහි දැක්‌වේ.
බම්බලපිටියේ පිහිටි දෙමළ ජාතික සන්ධානයේ (ටී. එන්. ඒ.) ප්‍රධාන කාර්යාලයේ රහසිගත සාකච්ඡාවකට සහභාගි වී සිටි ඔස්‌ටේ්‍රලියානු සහ නවසීලන්ත පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් දෙදෙනකු ආගමන විගමන විමර්ශන නිලධාරීන් විසින් ඊයේ (10 වැනිදා) අත්අඩංගුවට ගෙන තිබේ. මෙසේ අත්අඩංගුවට ගෙන තිබුණේ නවසීලන්ත ජාතික මන්ත්‍රීවරියක් වන ජෑන් ලොගී හා ඔස්‌ටේ්‍රලියන් ජාතික මන්ත්‍රීවරියක් වන ලී හිනෝන්ය.
මොවුන් දෙදෙනා සංචාරක වීසා මගින් ශ්‍රී ලංකාවට පැමිණ මෙසේ රහස් සාකච්ඡාවක යෙදෙමින් මෙරට ආගමන විගමන නීතිය උල්ලංඝනය කිරීම නිසා අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී තමන් ඊයේ (10 වැනිදා) දහවල් 2.00 ට ශ්‍රී ලංකාවෙන් පිටවීමට සිටි බව ප්‍රකාශ කිරීම නිසා මෙම මන්ත්‍රීවරුන් දෙදෙනා මෙරටින් පිටත් කර හැරීමට කටයුතු කළ බව ආගමන හා විගමන පාලක චූලානන්ද පෙරේරා මහතා "දිවයින"ට පැවසීය.
මෙම මන්ත්‍රීවරියන් දෙදෙනා දෙමළ ජාතික සන්ධාන කාර්යාලයේ පැවැත්වූ සාකච්ඡාවට එම පක්‍ෂයේ මන්ත්‍රීවරියන් කිසිවකුත් සහභාගි වී නැතත් පක්‍ෂය නියෝජනය කරමින් පුද්ගලයන් සිව්දෙනකු සහභාගි වී ඇත. දෙමළ ජාතික සන්ධාන කාර්යාලයේ ඊයේ (10 වැනිදා) දහවල් රහසිගත සාකච්ඡාවක් පැවැත්වෙන බව රාජ්‍ය බුද්ධි අංශ මගින් අනාවරණය කර ගැනීමෙන් පසු සිදුකළ විමර්ශනයකදී මෙම මන්ත්‍රීවරියන් දෙදෙනා කොටුවී තිබේ.
සමන් ගමගේ සහ චමින්ද සිල්වා | පිංතූරය - නිමල් දයාරත්න
http://www.divaina.com/2013/11/11/news01.html
බම්බලපිටියේ පිහිටි දෙමළ ජාතික සන්ධානයේ (ටී. එන්. ඒ.) ප්‍රධාන කාර්යාලයේ රහසිගත සාකච්ඡාවකට සහභාගි වී සිටි ඔස්‌ටේ්‍රලියානු සහ නවසීලන්ත පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් දෙදෙනකු ආගමන විගමන විමර්ශන නිලධාරීන් විසින් ඊයේ (10 වැනිදා) අත්අඩංගුවට ගෙන තිබේ. මෙසේ අත්අඩංගුවට ගෙන තිබුණේ නවසීලන්ත ජාතික මන්ත්‍රීවරියක් වන ජෑන් ලොගී හා ඔස්‌ටේ්‍රලියන් ජාතික මන්ත්‍රීවරියක් වන ලී හිනෝන්ය.
අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී තමන් ඊයේ (10 වැනිදා) දහවල් 2.00 ට ශ්‍රී ලංකාවෙන් පිටවීමට සිටි බව ප්‍රකාශ කිරීම නිසා මෙම මන්ත්‍රීවරුන් දෙදෙනා මෙරටින් පිටත් කර හැරීමට කටයුතු කළ බව ආගමන හා විගමන පාලක චූලානන්ද පෙරේරා මහතා "දිවයින"ට පැවසීය.
මෙම මන්ත්‍රීවරියන් දෙදෙනා දෙමළ ජාතික සන්ධාන කාර්යාලයේ පැවැත්වූ සාකච්ඡාවට එම පක්‍ෂයේ මන්ත්‍රීවරියන් කිසිවකුත් සහභාගි වී නැතත් පක්‍ෂය නියෝජනය කරමින් පුද්ගලයන් සිව්දෙනකු සහභාගි වී ඇත. දෙමළ ජාතික සන්ධාන කාර්යාලයේ ඊයේ (10 වැනිදා) දහවල් රහසිගත සාකච්ඡාවක් පැවැත්වෙන බව රාජ්‍ය බුද්ධි අංශ මගින් අනාවරණය කර ගැනීමෙන් පසු සිදුකළ විමර්ශනයකදී මෙම මන්ත්‍රීවරියන් දෙදෙනා කොටුවී තිබේ.
සමන් ගමගේ සහ චමින්ද සිල්වා | පිංතූරය - නිමල් දයාරත්න
http://www.divaina.com/2013/11/11/news01.html

0 comments:
Post a Comment