යුද්ධයෙන් පසු උතුර - නැගෙනහිර ප්‍රදේශයේ පළමුවෙන්ම ඉටුකළ යුතු කාර්යය කුමක්‌දැයි යමකු මේ ලියුම්කරුගෙන් විමසන්නේ නම් මා ඊට ලබා දෙන පිළිතුර වන්නේ වනාන්තර ආරක්‍ෂා කිරීමට කටයුතු කිරීම යන්නයි. මන්ද රටට වැදගත්ම වනගහනය පිහිටා ඇත්තේ එහි නිසා බැවිනි. මෙම වනාන්තර ජාලය කෙතරම් වැදගත් මෙහෙවරක් ඉටුකර ඇත්දයත් එල්.ටී.ටී.ඊ. සංවිධානය වසර තිහක ගරිල්ලා යුද්ධයේ පළිහ ලෙස භාවිත කරන ලද්දේ මෙම වනගහනයයි. ඔවුන්ගේ සියලු ක්‍රියාකාරකම් පාහේ වසං කරන ලද්දේ මෙම වනගහනය උදව්වට ගනිමිනි. ඇතැම්විට උතුරේ, නැගෙනහිර මෙම වනගහනය නොතිබුණේ නම් එවන් ත්‍රස්‌ත සංවිධානයක් (ගරිල්ලා කණ්‌ඩායමක්) බිහි නොවීමට පවා ඉඩ තිබිණි. පුදුකුඩිඉරිප්පු වන රක්‍ෂිතයේ තිබූ ගරිල්ලා නායකයාගේ සංකීර්ණ බංකරයෙන් මේ වනාන්තරවල අගය කොතෙක්‌දැයි අපට පසක් කරවයි.
මේ කතාවේ අර්ථය ගරිල්ලා යුද්ධයක් බිහි වූ පමණින් උතුර - නැගෙනහිර වනාන්තර හෙළි පෙහෙළි කළ යුතු බවට යෝජනා කිරීම බව වරදවා වටහා නොගත යුතුය. අප මේ පසක් කරන්නේ වනාන්තරයක, වනගහනයක, වනවැස්‌මක මහා වටිනාකම රටක් හොල්ලන්නට සමත් වූ බව පෙන්වා දීමටය.
කෙසේ හෝ තිස් වසරක යුද ශාපය රටෙන් අතුගෑවී ගොස් තිබේ. අද උතුර - නැගෙනහිර වනගහනයේ අයිතිය රටේ සැබෑ හිමිකරුවාට නැවත වාරයක් ලැබී තිබේ. එනම්, රජය රටේ සමස්‌ත වනගහනයම අද පාලනයට නතු කරගෙන ඇත. එදා යුද ටැංකි ගිය පාරේ අද "සංවර්ධනයේ බුල්ඩෝසර්" ගමන් ගනිමින් තිබේ. වනාන්තර නොනසා සංවර්ධනයක් සිදුකළ නොහැකිය යන්න සත්‍යයක් වන නමුදු වනාන්තර සංරක්‍ෂණයට මීට වඩා ප්‍රතිපත්තිමය තීන්දු තීරණ ගත යුතුව ඇතැයි අපි කල්පනා කරමු. ඒ උතුර නැගෙනහිර සිදුවන වනාන්තර විනාශය දැකීමේදීය.
යුද්ධයෙන් පසු මූලිකත්වය ලබාදිය යුතුව ඇත්තේ වනාන්තර සංරක්‍ෂණයට යෑයි කීවද, අද නැවත පදිංචි කරවීම මාර්ග විදුලිය ඇතුළු යටිතල පහසුකම් ලබාදීම සෘජුවම වනාන්තර විනාශයට හේතු සාධක වී ඇත. වගා ඉඩම් වැඩිකිරීම, හෝටල්, සංචාරක කර්මාන්තයේ සැලසුම් යනාදී රාජ්‍ය සංවර්ධන කාර්යයන් නොසලකා හැරියද උතුර නැගෙනහිර වන විනාශය සැලකිය යුතු තරම් ඉහළ මට්‌ටමක පවතී. ඒ අතරින් දේශපාලනික වශයෙන් සිදු කෙරෙන ඉඩම් අල්ලා ගැනීම් හේතුවෙන් සිදුවන වන විනාශයද, පුද්ගලික මට්‌ටමින් වනාන්තර හෙළිපෙහෙළි කිරීම, දැව සඳහා ගස් හෙළීම යනාදී වශයෙන් වන අපරාධ රැසක් සිදු වේ. මේවා මඬින්නට රාජ්‍ය යාන්ත්‍රණය ශක්‌තිමත් නොවීම අද ඇති බරපතළම කාරණයයි.
යුද්ධයට සෘජුවම ගොදුරුව පැවති වනගහනයන්ගෙන් පිරි ප්‍රදේශ අතරින් මුල්තැන හිමිවන්නේ මුලතිව් දිස්‌ත්‍රික්‌කයටයි. අවසන් සටන සිදුවූ වෙල්ලමුල්ලිවයික්‌කාල්, පුදුමාතලන්, වලෛමඩම්, චලෙයි, පුදුකුඩිඉරිප්පු ඇතුළු යුද සමයේදී නම් කියෑවුණු විශ්වමඩු, නැදුන්කර්නි, ඔඩ්ඩුසුඩාන්, මාන්කුලම්, ඉරණමඩු, වෙප්පන්කුලම්, ආනදන්කුලම් ඇතුළු වනරක්‍ෂිත (හා වනාශ්‍රිත ප්‍රදේශ) බොහොමයක් අයත් වන්නේ මුලතිව් දිස්‌ත්‍රික්‌කයටය. එපමණක් නොව සමස්‌ත රටේම වනගහන ප්‍රතිශතය මැන බැලීමේදී වුව මුල්තැන ගන්නේ මුලතිව් දිස්‌ත්‍රික්‌කයයි. එහෙයින් මුලතිව් දිස්‌ත්‍රික්‌කයේ වනගහනය රැකීම යනු එය උතුරු පළාතට, සමස්‌ත රටේම හා ගෝලීය වශයෙන් සංරක්‍ෂණයට දක්‌වන උදාරතම කාර්යයකි. එහෙත් අවාසනාවකට මෙන් අද මෙම දිස්‌ත්‍රික්‌කයේ වනගහනය සුරැකීම මහත් අභියෝගාත්මක කාර්යයක් බවට පත්ව තිබේ. සැබෑම සංවර්ධන කාර්යයන් වෙනුවෙන් සිදුවන වන හානිය නොසලකා හැරියද, එහි වන විනාශය උග්‍ර තත්ත්වයක පවතී. ඇතැම් අමාත්‍යයෝ නැවත පදිංචිය මුවාවෙන් මුලතිව්හි වන ඉඩම් කොල්ලකෑමේ උත්සාහයන්හි නිරතව සිටිති. ඔවුන් වන නිලධාරීන් සමග නොමනාපකම් ඇතිකරගත් අවස්‌ථාද බහුලය. යුද්ධයෙන් පසු එහි සිවිල් පාලනය ස්‌ථාපිත කිරීමෙන් පසු, මුලතිව් ප්‍රධාන, කිලිනොච්චිය, ත්‍රිකුණාමලය, මන්නාරම, මඩකලපුව, අම්පාර ප්‍රදේශවලට දිස්‌ත්‍රික් වන නිලධාරීන් පත්කර වන සංරක්‍ෂණයට මූලික කටයුතු යෙදීම රජයේ වැදගත් මෙහෙවරක් ලෙස පැසසිය යුතුය. එහෙත් මෙම ප්‍රදේශවල රාජකාරි කටයුතු සිදුකිරීමේදී අවම සේවක පිරිස් අවම පහසුකම් යනාදී අත්‍යවශ්‍ය කටයුතු ඉටුවී ඇත්දැයි විමසා බලන ලෙස පරිසර අමාත්‍යවරයා ප්‍රමුඛ පරිසර හා පුනර්ජනනීය අමාත්‍යාංශ බලධාරීන්ගෙන්, වන සංරක්‍ෂණ ජනරාල්වරයාගෙන් අපි ප්‍රශ්න කරන්නෙමු. නිදසුනක් සේ මුලතිව් දිස්‌ත්‍රික්‌කය සලකා බලන්නේ නම් අද එහි සේවක පිරිස හා වාහන පහසුකම් කිසිසේත් මුලතිව්හි වනාන්තර ජාලය සුරැකීම සඳහා ප්‍රමාණවත් නොමැති බව පරිසරවේදීහු කියා සිටිති. ශ්‍රී ලංකාවේ වැඩිම වනගහනය ඇති මුලතිව් දිස්‌ත්‍රික්‌කයේ වනාන්තර සංරක්‍ෂණය සඳහා ඇතැයි කියනු ලබන්නේ දිස්‌ත්‍රික් වන සංරක්‍ෂණ නිලධාරියාගේ නිල රථය සමග වාහන දෙකක් පමණි. මෙම වාහන දෙකටම සිටින්නේ එක් නිත්‍ය රියෑදුරෙක් පමණි. දිස්‌ත්‍රික්‌කය බෙදා ඇති ඕලුමඩු හා මුලතිව් අඩවි දෙක සඳහා සිටිතැයි කියනු ලබන්නේ අඩවි වන නිලධාරීන් සිව්දෙනකු පමණි. බීට්‌ටු වන නිලධාරීන් තුන් දෙනෙකුගෙන් මුළු දිස්‌ත්‍රික්‌කයම ආවරණය කරන අතර වන ක්‌ෂේත්‍ර සහකරුවන් තිදෙනකුගේ සහාය ද ලැබේ. එනමුත් මොවුන් සඳහා වාහනයක් තියා එක් යතුරුපැදියක්‌වත් මුලතිව් දිස්‌ත්‍රික්‌කයට ලැබී නොතිබීම මුලතිව් වන සංරක්‍ෂණය කෙබඳු දැයි අපට පසක් කරවයි. එබැවින් මුලතිව් දිස්‌ත්‍රික්‌කයේ වන අපරාධ ඉතා ඉහළ මට්‌ටමක පවතී. පලු, බුරුත, මිල්ල, කලුවර, කළුමැදිරිය යනාදී වටිනා දැව හොර රහසේ රක්‍ෂිත තුළින් කපා බිම හෙළනු ලබන අතර ඒවා හොර රහසේ අලිමංකඩ හරහා යාපනයට ගෙනයනු ලබන්නේ ප්‍රබල ව්‍යාපාරිකයන්ගේ මැදිහත්වීම තුළිනි. වන අපරාධ වාර්තා වුවත් නිලධාරීන් එහි යන්නට වාහන හොයන විට හෝ තිබෙන වාහනයකින් එහි යනවිට අපරාධකරුවන් පිටව ගොස් හමාරය. මෙම නිලධාරීන් එක් අතකින් ආයුධ ගත් පිරිස් සමග සෘජුව ගැටෙන අතර තවත් අතකින් වනාන්තර තුළ තම රාජකාරිය කරන්නේ කුමන මොහොතක බට්‌ටකු, බිම් බෝම්බයක් පත්තු වේදැයි යන සැක සංකාවෙනි. ඊට කදිම නිදසුනක් වන්නේ මුලතිව් වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තු පැළ තවාන පිsහිටි භූමිය එළි පෙහෙළි කිරීමේදී බට්‌ටා වර්ගයේ බෝම්බ තුනක් ඉන් මතු වීමය.
මුලතිව් දිස්‌ත්‍රික්‌කයේ ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාස හයක් පුරා මෙම වනාන්තර ජාලය පැතිර පවතී. වැලිඔය, මුහුදුබඩපත්තුව (මුලතිව්) පුදුකුඩිඉරිප්පු, ඔඩ්ඩුසුඩාන්, තුනුක්‌කායි, මාන්තෙයි නැගෙනහිර යන ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාස හයක වනගහනය ආරක්‍ෂා කිරීම යනු මොනතරම් අභියෝගයක්‌ද හා සංකීර්ණ කාර්යයක්‌ද යන්න දන්නේ වන නිලධාරීන්ම පමණකි. එය ඔවුන්ගේ පමණක් වගකීමක් ලෙස සලකා දේශයට ආදරය කරන කිසිවකුටත් වන රක්‍ෂණ කාර්යන් අත පිසදා ගත නොහැකිය. විශේෂයෙන්ම වන සම්පත සුරැකීමේ වගකීම දරන වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව හා පරිසර අමාත්‍යාංශයට අති විශාල කාර්යභාරයක් පැවරේ.
මෙවන් අභියෝග හා දුෂ්කරතා මධ්‍යයේ වුවද, පසුගිය කාලයේදී වන නිලධාරීහු වැදගත් වැටලීම් රැසක් සිදුකර, අපරාධකරුවන් අත්අඩංගුවට ගෙන දඩ මුදල්ද අයකරගෙන ඇත. 2012 වසරේදී පමණක් වන අපරාධ 57 ක් අනාවරණය කරගනිමින් සැකකරුවන් 68 දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ. රුපියල් පනස් නවදහස් පන්සිය දෙකක් වටිනා ලී තොග අත්අඩංගුවට ගෙන සැකකරුවන්ගෙන් රුපියල් හැට එක් දහසක දඩ මුදල් අයකරගෙන ඇත. 2013 වසරේදී ඔක්‌තෝබර් මාසය දක්‌වා වන අපරාධ 57 ක් අනාවරණය කරගනිමින් පුද්ගලයන් 92 ක් අත්අඩංගුවට ගැනීමට නිලධාරීහු සමත්ව සිටිති. අත්අඩංගුවට ගෙන ඇති වාහන සංඛ්‍යාව 2012 දී 25 ක්‌ද, 2013 දී 14 ක්‌ද වේ. මේ අනුව 2013 ඔක්‌තෝබර් වනවිට ඕලුමඩු අඩවියෙන් රුපියල් අට ලක්‍ෂයක් හා මුලතිව් අඩවියෙන් රුපියල් විසිහය ලක්‍ෂයක් වශයෙන් වසර දෙකකදී වන අපරාධවලින් උපයා ඇති දඩ මුදල් ප්‍රමාණය රුපියල් තිස්‌හතර ලක්‍ෂ තිස්‌තුන් දහස් අටසිය හැට අටකි. මෙවන් වැටලීම් සිදුකළත් නිලධාරීන්ට හොරා තවත් විශාල වශයෙන් වන අපරාධ සිදු වේ. ඒවා මඬින්නට පිරිස් බලය හා වාහන යතුරුපැදි වැනි යටිතල පහසුකම් ලැබිය යුතුය. කාර්යාල පහසුකම් හා සේවක පිරිස්‌ද නොමැතිනම් මුලතිව් හි වනගහනය රකිනවා යනු අසාර්ථක කාර්යයකි. එනමුදු දැනටමත් නිලධාරීන් රක්‍ෂිත වනාන්තර ලෙස 17 ක් ගැසට් මගින් ප්‍රකාශයට පත්කර තිබේ. මුලතිව්හි වනාන්තරවලට එල්.ටී.ටී.ඊ. ත්‍රස්‌තවාදීන්ගෙන්ද සැලකිය යුතු බලපෑමක් ඇතිවිය. ඔවුන්ගේ බොහොමයක් කඳවුරු පිහිටා තිබුණේ මෙම වනාන්තර තුළය. එල්.ටී.ටී.ඊ. නායක ප්‍රභාකරන්ගේ ප්‍රධාන ආරක්‍ෂිත බංකරය පවා තිබුණේ රක්‍ෂිතයක් තුළය. අද එය පුදුකුඩිඉරිප්පු රක්‍ෂිත වනාන්තරය ලෙස රජය මගින් ප්‍රකාශයට පත්කර ඇත. එහෙයින් පැරැණි එල්.ටී.ටී.ඊ. නටබුන් දැන් මෙම රක්‍ෂිත වනාන්තර ජාලය තුළින් ඉවත්විය යුතුව තිබේ. නැතහොත් ඒවා හෙට දිනයේ ස්‌මාරක බවට පත්වී වනාන්තර සංරක්‍ෂණයට බාධා එල්ල කරනු නිසැකය. දැනටමත් ඒ සඳහා ආරක්‍ෂිත පියවර ගන්නැයි දිස්‌ත්‍රික් වන සංරක්‍ෂණ නිලධාරි කුමාර ඒකනායක මහතා විසින් අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා ඇති බවට වාර්තා වේ. එවන් ඉදිකිරීම් හා ස්‌මාරක ඉවත්කර වනාන්තර සුරක්‍ෂිත කිරීමත් වන අපරාධ අවම කිරීමත්, තිරසාර සංවර්ධනයක් තුළින් මුලතිව් හි වනාන්තර සංරක්‍ෂණයට කටයුතු කිරීමත් රජය ඇතුළු පරිසර සංරක්‍ෂකයන්ගේ වගකීමය. මෙහිදී හොර දැව ජාවාරම මැඬලීම සඳහා වහාම අලිමංකඩ හා පුනරීන් ප්‍රදේශවල වන සංරක්‍ෂණ මාර්ග බාධක පිහිටුවන්නැයිද පරිසරවේදීහු රජයෙන් ඉල්ලා සිටිති. මන්ද හොර දැවවලින් සියයට අනූවක්‌ම රැගෙන යනු ලබන්නේ යාපනය අර්ධද්වීපයට නිසාය. මෙවන් ක්‍රියාමාර්ග තුළින් මුලතිව් ඇතුළු තදාසන්න ප්‍රදේශයේ වන සම්පත රැකගත හැකිය. නැතහොත් මේ යන ආකාරයට ගියහොත් ඉතිරි වන්නේ වන සංරක්‍ෂණයට දෙවියන්ගේ රැකවරණය පමණකි.
ජගත් කණහැරආරච්චි, ඡායාරූප - වාසල සේනාරත්න
http://www.divaina.com/2013/11/03/feature20.html

0 comments:
Post a Comment