Pages

Monday, November 4, 2013

වැලිසර මස්‌මඩුවේ තිරිසන් සතුන් තිරිසන් ලෙස මැරූ තිරිසන්නු

සේයාරුව හා සබැඳි ලිපිය - http://denethharinna.blogspot.com/2013/03/bbs.html
මෙලොව සිටින කිසිම ජීවියෙකුට තවත් ජීවියෙකුව මරා කෑමට අවසරයක්‌ හෝ අයිතියක්‌ නොතිබුණත් සොබාදහමේ මැවුම් ප්‍රතිපත්තියට යටත්ව එකිනෙකාගේ පැවැත්ම සඳහා ද පාරිසරික සමතුලිතතාව සඳහා ද එය එසේ වීමට සොබාදහම තුළින්ම ඉඩහැර තිබිණි. ඒ නිසා ලෝකාරම්භයේ සිටම දඩයම ජනප්‍රිය ජීවනෝපාය මාර්ගයක්‌ විය. නමුත් දඩයක්‌කාරයෙක්‌ හෝ මස්‌ වැද්දෙක්‌ හෝ වේවා නැතිනම් වන මෘගයෙක්‌ හෝ වේවා තවත් සතෙකුව මරා කෑවේ කුසගින්න නිවා ගැනීම සඳහාය. කුස පිරුණු පසු වන සතෙකුවත් විනෝදයට අහුවෙන අහුවෙන සතුන් මරා දැමුවේවත් ඉන් විනෝදයක්‌ ලැබුවේ වත් නැත. එපමණක්‌ නොව හොඳ මස්‌ වැද්දෙක්‌ හෝ දඩයක්‌කාරයෙක්‌ හෝ වේවා හැමදාමත් තම ජීවනෝපාය කරගෙන ගියේ යම් ප්‍රතිපත්තියකට අනුවය. උන් කවදාවත් ගැබ්බර සතුන් මරා දැමුවේවත් ළදරු සතුන් මරා දැමුවේවත් නැත. හැකි සෑම විටම එවැනි සතුන් මඟහැරියහ. හැම විටම ඔහු හොඳ වැද්දෙක්‌ හෝ දඩයක්‌කාරයෙක්‌ වූයේ එම නිසාය. නමුත් දැන් වැද්දන් ක්‍රිකට්‌ ගසන නිසා හෝ දඩයමට කැලෑ නැති නිසා හෝ ඔවුන් අතින් සතුන් මැරෙන්නේ ඉතා අඩුවෙනි. දඩයක්‌කරුවන් අසුවුවහොත් අල්ලා හිරේÊදමන්නේ ඒ සඳහා නීතියෙන් අවසර නැති නිසාත්, ජීවත් වීමට ඕනෑ තරම් රැකියාවන් අද සමාජයේ තිබෙන නිසාත්ය. දඩයම තහනම් වුවත් නීතිමය ක්‍රියාදාමයකට යටත්ව ඉතා සුළු පිරිසකට තෝරාගත් සතුන් කිහිපයක්‌ පමණක්‌ මැරීමට අවසර දී තිබෙන්නේ සමාජ අවශ්‍යතාව නිසාය.

වර්තමාන සමාජයේ බහුල ලෙස ආහාරයට ගන්නා මාංශ අතරට කුකුළන්, ගවයන්, එළුවන්, ඌරන් වැනි සතුන් එක්‌ව සිටින අතර මේ කුමන සතෙකු වුව මැරීමට නීතිමය අවසරයක්‌ තිබිය යුතුය. එසේ බලපත්‍රයක්‌ තිබුණද තමන්ට සිතුණු ආකාරයට මෙම සතුන් ඝාතනය කිරීමට හෝ එම ඝාතනයන් ඉතා කෲර ලෙස සිදු කිරීමට කිසිවෙකුටත් අයිතියක්‌ නැත. නීතිමය අවසර පත්‍රයක්‌ හිමි අයෙකුට වුවත් සතෙකු ඝාතනය කිරීමට අවසර ඇත්තේ අවම කාලයකදී අවම වේදනාවක්‌ විඳ මරණයට පත්වන ආකාරයට පමණය. කුමන අවශ්‍යතාවක්‌ පිණිසවත් සතුන් මැරීම අපට අනුමත කළ නොහැකි කරුණක්‌ වුවත් එය නීතිගතව තිබෙන්නේ එලෙසය.

නමුත් පසුගියදා බස්‌නාහිර උතුර අපරාධ කොට්‌ඨාසය මගින් වැලිසර ප්‍රදේශයේ පවත්වාගෙන ගිය නීති විරෝධී ලෙස ගවයන් ඝාතනය කරන ගව ඝාතනාගාරයක්‌ වැටලූ අවස්‌ථාවේදී මෙම මස්‌ මඩු හිමියන් මෙම සියලු නීති උල්ලංඝනය කර තිබූ අතර එම සතුන් ඝාතනය වන්නේත්, මියයන්නේත් කෙතරම් වේදනාකාරී ලෙසද යන්න අප සහෝදර රූපවාහිනි ආයතනයක්‌ මගින් රටටම පෙන්වීමට අවස්‌ථාව සලසා තිබුණේ සෑම කෙනකුගේම සිත්වල දැඩි කම්පනයක්‌ ඇති කරවමිනි.

මෙම මස්‌ වැද්දන් මෙම කෲර ඝාතනයන් සියල්ල සිදු කරන්නේ තමන්ට ලැබී ඇති නීතිමය ලියවිල්ලට මුවාවෙමිනි. හිතක්‌ පපුවක්‌ නොමැති මෙම මිනිසුන් අතින් මෙලෙස කෲර ලෙස ඝාතනය වී තිබුණේ හෝ ඉතා වේදනාකාරී ලෙස පහරදීමෙන් වධ දීමෙන් අනතුරුව මියයමින් සිටියේ ගැබ්බර වැස්‌සියන්ය. නැතිනම් කුඩා වසු පැටවුන්ය. මේ සියලු සතුන් ඝාතනය කර තිබුණේ හිස්‌ මුදුනට හෝ මාරාන්තික ස්‌ථානවලට පොරෝ පහර දීමෙන් හෝ කුළු ගෙඩි පහරවල් ගැසීමෙන්ය. අද සමාජය කෙතරම් තිරිසන් වී ඇති දැයි වැලිසර මෙම මස්‌ මඩුව එක්‌ උදාහරණයක්‌ පමණක්‌ වුවත් මෙවැනි දේ කිසි ලෙසකින්වත් මේ ධර්මද්වීපයේ නම් සිදුවීමට ඉඩදිය නොහැකිය. 

මරනවා නම් කුළු ගෙඩිවලින් හිස්‌ මුදුනට ගසා නොව ඊටත් එහා ගිය දඬුවම් ලබාදී මැරීමට තරම් අපරාධකරුවන් මේ ධර්මද්වීපයේද හිඟ නොවුණත් උන් එකෙකුටවත් සැබෑ ලෙස මරණීය දණ්‌ඩනය හිමි නොවී සිර ගෙවල්වලට ගාල්කර තිබෙන්නේ තවමත් අප සමාජය මිනිසෙක්‌ තියා සතෙකුවත් මරණයට පත් කිරීමට තරම්වත් නොකැමැති නිසාය. මුන්නේෂ්වරම් බිලි පූජාවද අනෙකුත් ප්‍රදේශවල සත්ව බිලි පූජාවන්ද නීතියෙන් තහනම් කෙරුණේ එය අපේ රටට නොගැළපෙන ආකාරයේ සංස්‌කෘතිකාංගයක්‌ නිසා මිස වෙන හේතුවක්‌ නිසා නොවේය. 

නමුත් වැලිසර මස්‌ මඩුවේ නීති විරෝධී ගව ඝාතකයන් නීතියේ රැහැනට කොටුවන මොහොතේද ඝාතනය කරන ලද ගැබ්බර එළදෙනුන්ට අමතරව ඝාතනය කිරීමට සූදානම් කර තිබූ ගැබ්බර එළදෙනුන් එකොළොස්‌ දෙනෙක්‌ හා කුඩා වසු පැටවුන් එකොළොස්‌ දෙනෙක්‌ සමග බලපත්‍රලාභී අමානුෂික සැකකරුවන් තුන් දෙනෙක්‌ අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකිවී තිබේ. මෙම සැකකරුවන් වැලිසර ප්‍රදේශයේම පදිංචි අවුරුදු 35 ත් 40 ත් අතර වයස්‌වල පසුවන්නන් වන අතර ඔවුන් කාලයක්‌ තිස්‌සේ මෙලෙස මිනිසත් කමට නොහොබිනා අයුරින් ඉතා වේදනාකාරී ලෙස සතුන් ඝාතනය කර ඇති බවට ප්‍රදේශවාසීන්ගෙන්ද චෝදනා ලැබී තිබේ. යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයන්ගෙන් ලැබුණු තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකළ බවත්, මෙම ගවයන් දිවයිනේ නොයෙකුත් ප්‍රදේශවලින් හොරෙන් රැගෙන ආ ගවයන්ද යන වග සොයා බලන බවත් වැටලීමට සහභාගි වූ බස්‌නාහිර උතුර අපරාධ කොට්‌ඨාසයේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‌ෂක උපුල් සමරසිංහ පවසා සිටී.

* රංග
http://www.divaina.com/2013/11/03/feature19.html

සබැඳි ලිපි -
[
මරණය දැක දැක ගවයෝ බේරෙති. පොලිසිය එනවිටත් කුළුගෙඩි පහර කෑ සතුන් පණ අදිමින්...http://denethharinna.blogspot.com/2013/10/blog-post_6714.html
හොර හරක් මරා මස් කරන දෙමටගොඩ ඝාතකාගාරය BBS වටලයි!http://denethharinna.blogspot.com/2013/03/bbs.html
]

0 comments: