සිරියානු ජනාධිපති බෂාර් අසාද්ට සහයෝගය දැක්වීම නැවැත්වීම සඳහා සවුදි අරාබියාව විසින් ඩොලර් බිලියන 15ක දැවැන්ත අවි තොගයක් මිලදීගැනීමට කරන ලද යෝජනාව රුසියාව ප‍්‍රතික්‍ෂෙප කර ඇතැයි විදෙස් ආරංචි මාර්ග වාර්තා කර තිබේ.
මොස්කව් හෝ රියාද් බලධාරීන් මෙම සාකච්ඡු වල අඩංගුව පිළිබඳ හෙළි කර නොතිබුනද ඇසෝසියේටඞ් ෆ‍්‍රාන්ස් ප්‍රෙස් ආයතනයේ වාර්තාවක් මගින් එහි තොරතුරු අනාවරණය කරන ලදී.
යුරෝපිය රාජ්‍යතාන්ත‍්‍රිකයකු පවසා ඇත්තේ අවි ගණුදෙනුව පිළිබඳ යෝජනාව ඉදිරිපත් කළ සවුදි බුද්ධි අංශ ප‍්‍රධානි බන්ඩාර් බින් සුල්තාන් කුමරු කුමන පාලනයක් පැමිණියද අසාද් තමන්ට හිමි විය යුතු යයි පැවසූ බවයි.
යෝජනාවට එකග වුවහොත් ගල්ෆ් කලාපයේ රටවල සිට සිරියාව හරහා ස්වභාවික වායු ප‍්‍රවාහනය සඳහා බාධාකාරී වන කිසිදු ගිවිසුමකට සවුදි අරාබිය යොමු නොවන බව ඔහු පවසා ඇත.
බෂාර් අසාද් අත්හැරීම සහ සිරියාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිල යෝජනාවලට බාධා නොකිරීම ප‍්‍රධාන කොන්දේසි ලෙස ඉදිරිපත් කර තිබේ.
මේ අතර අරාබියානු රාජ්‍යතාන්ත‍්‍රිකයකු පවසා ඇත්තේ සවුදි පාර්ශ්වයේ යෝජනාව ඉවසිල්ලෙන් අසා සිටි ජනාධිපති ව්ලැදිමීර් පුටින් රුසියාවේ ප‍්‍රතිපත්ති වෙනස් නොවන බව පැවසූ බවයි.
එසේනම් ජිනීවා-2 සාකච්ඡ සඳහා සිරියානු කැරලිකරුවන් සහභාගී නොවන බැවින් සිරියානු අර්බුදයට ඇත්තේ මිලිටරිමය විසඳුමක් පමණක් බව බන්ඩාර් කුමරු පැවසූ බව වාර්තා වේ. සවුදි අරාබියාවේ උත්සහය පිටුපස සිටින්නේ ඇමරිකාව බව විචාරකයන්ගේ අදහසයි.
August 10, 2013 at 11:31 am | lanka C news
http://lankacnews.com/sinhala/foreign-news/99097/

0 comments:
Post a Comment